January, 14, 2016
ලංකා ක්ලියර් සමාගම විසින් හදුන්වා දී තිඛෙන zලංකා පේZ නැමති පොදු ඉලෙක්ට්‍රොනික අරමුදල් හුවමාරු ක්‍රමවේදය (CEFTS) ඔස්සේ කොමර්ෂල් බැංකුවේ අන්තර්ජාල බැංකු පහසුකම භාවිතා කරමින් බැංකුවේ ගිණුම් තුළින් අනිකුත් බැංකුවල ගිණුම් වෙත ක්ෂණයකින් ඒ මොහොතේම මුදල් අරමුදල් හුවමාරු කිරීමේ අවස්ථාව ලබාදී තිඛෙන බවත් මෙය ලංකාවේ සිදුවන්නේ පළමු වරට බවත් කොමර්ෂල් බැංකුව නිවේදනය කර ඇත.
‘ලංකා පේ‘ පොදු ඉලෙක්ට්‍රොනික අරමුදල් හුවමාරු ස්විචය ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතිය සහ මග පෙන්වීම යටතේ ලංකා ක්ලියර් විසින් පවත්වාගෙන යන පිරිවැය සඵලදායී, ඉතාමත් පහසු ඒකාබද්ධ ඉලෙක්ට්‍රොනික ගෙවීම් පද්ධතියකි. මෙම පද්ධතිය මගින් වසරේ දින 365 තුළ පැය 24 පුරාම ඉතාමත් ක්ෂණයකින් ආරක්ෂාකාරී ගෙවීම් සිදුකිරීමට පහසුකම් සපයයි.
www.combank.lk වෙබ් අඩවිය ඔස්සේ මෙම නව පහසුකම මගින් වරකට රුපියල් 100,000 ක් දක්වා අරමුදල් හුවමාරු කළ හැකි බවත් එය පාරිභෝගිකයින්ගේ ගනුදෙනු තව තවත් පහසුකරන බවත් කොමර්ෂල් බැංකුව පවසයි.
“අපගේ සේවා වල වේගය සහ පහසුව වැඩිකිරීමට අවශ්‍ය තාක්ෂණය ලබාදීම වෙනුවෙන් කොමර්ෂල් බැංකුව සෑම විටම කැප වෙනවා“, යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ සහකාර සාමාන්‍යාධිකාරී - තොරතුරු තාක්ෂණ, ක්‍රිෂාන් ගමගේ මහතා පැවසීය. “පොදු ඉලෙක්ට්‍රොනික අරමුදල් හුවමාරු ස්විචය බැංකු කටයුතුවල සුව පහසුව අත්විඳීමේ නව මානයක්. අපගේ අන්තර්ජාල බැංකු ක්‍රමය මගින් ඒ මොහොතේම අන්තර් බැංකු ගෙවීම් ලබාදීමට හැකිවීම පිළිබඳව අප සතුටු වෙනවා.“
තාක්ෂණයෙන් සවිබල ගැන්වුණු බැංකු සේවා සහ ගෙවීම් මෙන්ම zඕනෑම වේලාවක, ඕනෑම තැනක සිටZ නැමති සංකල්පය යටතේ පාරිභෝගික බැංකු කටයුතු ලබාදීමේ මෙරට නායකයෙකු ලෙසින් කොමර්ෂල් බැංකුව පෙරමුණේ සිටී. ශ්‍රී ලංකාවේ තනි බැංකුවක් සතු විශාලතම මුදල් නිකුත් කිරීමේ පද්ධතිය වන්නේ කොමර්ෂල් බැංකුවේ ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර පද්ධතියයි.
කොමර්ෂල් බැංකුවේ පුද්ගලික මට්ටමේ අන්තර්ජාල බැංකු සේවා මගින් මේ වනවිටත් ගනුදෙනුකරුවන්ට ස්ථාවර තැන්පතු, පුද්ගලික ණය සහ නිවාස ණය සඳහා අයදුම් කිරීමේ අවස්ථාව, සිය ජංගම ගිණුම්, ඉතිරිකිරීමේ ගිණුම්, ආයෝජන ගිණුම්, ණය පහසුකම් සහ ණයපත්වල ශේෂයන් පරීක්ෂා කිරීමේ අවස්ථාව ලබාදී ඇත. මීට අමතරව, දිනයේ පැය විසිහතර පුරා තම ගිණුම් අතර මුදල් හුවමාරු කිරීමට මෙන්ම කොමර්ෂල් බැංකුවේ ගිණුම් හිමි ලියාපදිංචි තෙවන පාර්ශ්වයක් වෙතද ඬණික මුදල් පැවරුම් සිදුකළ හැක¡ බැංකුව සඳහන් කරන්නේ භාණ්ඩාගාර බිල්පත්වල ආයෝජනය කිරීම, මධ්‍යම තැන්පතු ක්‍රමයේ ලියාපදිංචි වෙමින් කොටස් මිලදී ගැනීම වැනි අවස්ථාද බැංකුවේ අන්තර්ජාල බැංකු සේවාව මගින් ලබදී තිඛෙන බවයි.
කොමර්ෂල් බැංකුවේ අන්තර්ජාල බැංකු පහසුකම් මගින් අංශ 09 කට අයත් ආයතන 36 කට අධික සංඛ්‍යාවක බිල්පත් අන්තර්ජාලය හරහා ගෙවීමේ අවස්ථාව ගනුදෙනු කරුවන්ට ලබාදී තිබේ. දුරකතන, විදුලි, ජල, ණයපත්, රක්ෂණ, ගාස්තු ගෙවන රූපවාහිනී, පාසැල්, ගාස්තු සහ අනිකුත් යන ඒවා මෙම අංශ නමයට ඇතුළත්ය.
මෙරට තුළ ශාඛා 246 ක් තිඛෙන කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පිට පිටම පස් වතාවක් තේරී පත්වූ එකම ශ්‍රී ලාංකේය බැංකුවයි. 2014 වසරේදී ලංකාවේ වඩාත් වටිනාම පුද්ගලික අංශයේ සන්නාමය ලෙසත් වසර ගණනාවක් පුරා මෙරට හොඳම බැංකුව ලෙසත් තවත් දෙස් විදෙස් සම්මාන රැසකට කොමර්ෂල් බැංකුව පාත්‍රවී ඇත. ලංකා වාණීජ මණ්ඩලය විසින් ශ්‍රී ලංකාවේ හොඳම ආයතනික පුරවැසියන් 10 දෙනා අතරට 2013 දී සහ 2014 වසරේදී බැංකුව තෝරා ගන්නා ලදී.
කොමර්ෂල් බැංකුවේ විදේශ මෙහෙයුම් කටයුතු සැලකීමේදී බංග්ලාදේශය තුළ ශාඛා 18 ක් පවත්වාගෙන යන අතර මියන්මාරයේ යැන්ගොන්හි, නියෝජිත කාර්යාලයක් පවත්වාගෙන යයි. 2015 සැප්තැම්බර් මාසයේදී මාලදිවයින තුළ පළමුපෙළ බැංකුවක් ආරම්භ කිරීමේ නියාමන අනුමැතිය බැංකුවට හිමිවිය.
Video Story