June, 27, 2017
මහනුවර, පල්ලේකැලේ ඉදිකෙරුණු සීමා සහිත Celogen Lanka ආයතනයේ නව ඖෂධ නිෂ්පාදනාගාරය ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මහතා අතින් ඊයේ (26) පෙරවරුවේ විවෘත කෙරිණි.
සීමාසහිත Celogen Lanka ආයතනය වාර්ෂිකව ඝන හා මෘදු ජෙලටින ඖෂධ කැප්සියුල, ටැබ්ලට් මිලියන 1900ක් පමණ නිෂ්පාදනය කරනු ලබන ශී‍්‍ර ලංකාවේ පිහිටා ඇති විශාල ඖෂධ නිෂ්පාදනාගාරයකි.
සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, අමාත්‍ය එස්.බී. නාවින්න, නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ, මධ්‍යම පළාත් ප‍්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක යන මහත්වරුන් ද සීමා සහිත Celogen Lanka ආයතනයේ සභාපති වී.නඩරාජා මහතා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය මෙම අවස්ථාවට එක්ව සිටියහ.
Video Story