Ceylon Ocean Ayurvedic Herbs සිය ප්‍රථම ප්‍රදර්ශනාගාරය “CEYLON BODY SHOP” නමින් විවෘත කරයි

    April, 18, 2025

    Ceylon Ocean Ayurvedic Herbs ආයතනය සිය ප්‍රථම ප්‍රදර්ශනාගාරය “CEYLON BODY SHOP” නමින් පසුගියදා සුබ මොහොතින් විවෘත කර ඇත. ඒ, කෝට්ටේ, මාදිවෙල තලවතුගොඩ පාරේ අංක 304B දරන ස්ථානයේදීයි.

    පුරාණ සිංහල හෙළ වෙදකමේ යහගුණය අන්තර්ගත කර, එමෙන්ම කිසිදු රසායන ද්‍රව්‍යක් අඩංගු නොකර, නව ලොවට සහ කාර්ය බහුල දිවි පෙවෙතට ගැලපෙන සේ විශේෂයෙන් සැකසූ අනර්ඝ රූපලාවන්‍ය නිෂ්පාදන පෙළක් මෙහිදී ඔබට අත්විඳ මිලදී ගත හැකියි.

    1998 ආරම්භ කළ Ceylon Ocean Ayurvedic Herbs ආයතනය විසින් නිපදවන උසස් ම තත්වයේ දේශීය රූපලාවනය නිෂ්පාන පෙළ වඩාත් පහසුවෙන් පාරිභෝගිකයින්ට ලබා දීම සඳහා ප්‍රදර්ශනාගාර රැසක් ඇරඹීමට කටයුතු සූදානම් කර ඇති බව එම ආයතනයේ සභාපතිනිය වෛද්‍ය ගංගා නාඔටුන්න මහත්මිය පවසයි.