January, 12, 2016
ආහාර රසකාරක, සුවඳකාරක සහ තෙල් නිෂ්පාදනයේ යුරෝපයේ නම් දැරූ සමාගමක්වන Frey+Lau සමාගමේ බලයලත් නියෝජිතයාවන Ceyoka සමාගම මෙරට රසකැවිලි නිෂ්පාදන ක්ෂේත්‍රය සඳහා ප්‍රමිතියෙන් උසස් නිෂ්පාදන මාදිලි පෙළක් හඳුන්වා දී ඇත.
"රසකැවිලි, ආහාර-පාන, අයිස් ක්‍රීම්, ඖෂධ සහ සනීපාරක්ෂක ක්ෂේත්‍රයේ නිරත පිරිස් F+L සමාගමේ රසකාරක සහ සුවඳකාරක නිෂ්පාදනවල ඇති ගුණාත්මකබව සහ විවිධත්වය පිළිබඳවත්, අපගේ සුවඳකාරක, සුවඳ තෙල් වර්ග සහ රසකාරකවල අසමසම සංඝටක සහ ක්‍රියාවලිය අත්හදා බැලීම පිළිබඳවත් අවධානය යොමුව තිබෙනවා." Ceyokaසමාගමේ රසකාරක අංශයේ නියෝජ්‍ය කළමනාකාර වෙන්ඩෝල් ලෝව් මහතා සඳහන් කළේය.
"F+L සමාගම සුවඳ තෙල් වර්ග නිෂ්පාදනය සඳහා යොදා ගන්නා ස්වභාවික මූලාශ්‍ර, Ceyokaසුවඳකාරක අනෙකුත් සුවඳකාරක අතරින් වෙනස්වන සාධකය ලෙස හඳුනා ගත හැකියි. අනෙකුත් තරගකාරී සමාගම් මෙන් නොව, F+L සමාගම ප්‍රබල රසකාරක සහ සුවඳකාරක නිෂ්පාදනය සඳහා සුගන්ධ තෙල් වර්ග භාවිතා කරනවා. නිෂ්පාදනවල ඇති උසස් ප්‍රමිතිය සහ සුවඳ මාදිලි පෙළ හේතුවෙන් විවිධ සමාගම්වල සහ නිෂ්පාදකයන්ගේ ප්‍රමුඛතම තේරීම බවට F+L නිෂ්පාදන පත්ව තිබෙනවා." ඔහු වැඩිදුරටත් අදහස් පල කළේය.
නවීනතම යන්ත්‍රෝපකරණ, ආසවන ක්‍රියාවලිය සහ අසමසම තාක්ෂණ විශේෂඥතාව තුළින් පාරිභෝගිකයාගේ අවශ්‍යතාවට ඔබින නිෂ්පාදන ලබා දෙන F+L නිෂ්පාදන පෙළ තුළින් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සුවඳකාරක සහ රසකාරක විසඳුම් මෙරට රසකැවිලි ක්ෂේත්‍රයට දායාද කිරීමට Ceyoka සමාගම සමත්ව සිටී.
Ceyoka සමාගම ලබා දෙන රසකාරක සහ සුවඳකාරක නිෂ්පාදන, උෂ්ණ සහ සිසිල්කරණ පිරිසැකසුම්කරණය, තෙල් සහ ජල ද්‍රාව්‍යකරණය ඇතුළු විවිධ ක්‍රමවේදවලට ලක් කළ හැකි වීම ද විශේෂත්වයකි. සිසිල්කරණ ක්‍රියාවලියේදී යම් උෂ්ණත්ව මට්ටමක් දක්වා රස පවත්වා ගැනීමට හැකි අතර, උෂ්ණකරණ ක්‍රියාවලියේදී ඉහල උෂ්ණත්වයකදී ද රස පවත්වා ගැනීමට ද මෙම නිෂ්පාදන සමත්ය.
තවද, ද්‍රාව්‍ය පව්ඩර් අවශ්‍ය සනීපාරක්ෂක ද්‍රව්‍ය නිෂ්පාදක සමාගම් සඳහා එම සමාගම්වල නිෂ්පාදන ක්‍රියාවලියට ඔබින ලෙස ද්‍රව සහ කැටිති ලෙස සුවඳකාරක සහ රසකාරක ලබා දීමට Ceyoka සමාගම කටයුතු කරයි.
දිනෙන් දින වෙනස්වන පාරිභෝගික අවශ්‍යතාවන්වලට අනුකූලවන ලෙස සිය සේවාවන් ලබා දීමට නිබඳව කැපවන Ceyoka සමාගම, නම්‍යශීලි ඇනවුම් ප්‍රමාණ වඩාත් තරගකාරී මිල ගණන් යටතේ ලබා දෙයි. උසස් ප්‍රමිතියෙන් සහ දීර්ඝ කාලයක් ගබඩා කර තබා ගැනීමේ හැකියාවෙන් යුතු Ceyoka රසකාරක සහ සුවඳකාරක නිෂ්පාදන වෙළඳපලේ නව ප්‍රවණතා රැසක් නිර්මාණය කරයි.
Video Story