December, 2, 2015
වසරේ විශිෂ්ටතම ලැයිස්තුගත සමාගම් 20 එළිදැක්වීමේ අතිඋත්කර්ෂවත් උත්සව අවස්ථාව ඊයේ සන්ධ්‍යාවේ කොළඹ දී පැවැත්විණි. LMD හා CIMA එක්ව සංවිධානය කරන ලද මෙම සම්මාන උළෙලේ දී හේලීස් පීඑල්සී ශ්‍රී ලංකාවේ අංක එකේ ලැයිස්තුගත සමාගම බවට සම්මානයෙන් පිදුම් ලැබීය.
මෙහිදී අදාළ සම්මානය, ලංකා වාණිජ මණ්ඩල සභාපති සමන්ත රණතුංග මහතා අතින් හේලීස් පීඑල්සී හි සභාපති මොහාන් පණ්ඩිතගේ මහතා ලබා ගන්නා ලදී.
මෙම සම්මාන ප්රදානයේ දී මෙරට ලැයිස්තුගත සමාගම් ශ්‍රේණිගත කිරීම අනුව දෙවන ස්ථානය හිමිකර ගනු ලැබූයේ ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී විසිනි. අංක 3 සිට 10 දක්වා සෙසු ස්ථාන සඳහා පිළිවෙලින් බුකිට් ඩාරා, ලංකා අයි ඕ සී, කොමර්ෂල් බැංකුව, ඩයලොග්, ශ්‍රී ලංකා ටෙලිකොම්, හැටන් නැෂනල් බැංකුව, CT හෝල්ඩිංග්ස්, කාගිල්ස් නම් කෙරිණි.
මීට පෙර අවස්ථා 10 කදී මෙම සම්මාන උළෙල පැවති අතර එහිදී අටවතාවක් ශ්‍රී ලංකාවේ අංක එකේ ලැයිස්තුගත සමාගම බවට ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් නම්කෙරුණු අතර දෙවතාවක් හේලීස් පීඑල්සී මෙම සම්මානයට හිමිකම් කියනු ලැබීය.
එක්ස්පෝලංකා, සම්පත් බැංකුව, ලංකා ඔරික්ස් ලීසිං, වැලිබල් වන්, සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස්, රිචඩ් පීරිස්, කළම්බු ෆෝට් ලෑන්ඩ්, එයිට්කන් ස්පෙන්ස්, නෙස්ලේ සහ හේමාස් හෝල්ඩිංග්ස් මෙරට ප්‍රමුඛතම ලැයිස්තුගත සමාගම් වර්ගීකරණයේ පිළිවෙලින් අංක 11 සිට 20 දක්වා ස්ථාන තහවුරු කරගැනීමට මෙම සම්මාන උළෙලේ දී සමත්විය.
Video Story