July, 4, 2025
Cinnamon Life, එළඹෙන ජූලි 11 දින සිට 13 දක්වා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිත 2025 The Wedding Show ප්‍රදර්ශනය සඳහා එක්වීමට නියමිතය. එහිදී Weddings in the Sky තේමාව කරගත් Cinnamon Life ප්‍රදර්ශන කුටිය තුළින් තමන්ගේ සිහින විවාහ මංගල්‍යය සිතැඟි පරිදි සැලසුම් කර ගැනීමට තරුණ තරුණියන්ට අවස්ථාව ලැබෙනු ඇත.
ඔබේ සිහින විවාහ මංගල මොහොත සඳහා අවශ්‍ය සියලු තොරතුරු හා මඟ පෙන්වීම් B ශාලාවේ B37 සහ B38 යන ප්‍රදර්ශන කුටි මඟින් පහසුවෙන් ලබා ගැනීමේ අවස්ථාව Cinnamon Life ඔබ වෙත සලසා දී ඇත.
Cumulus නිර්මාණාත්මක වාස්තු විද්‍යා නිර්මාණය තුලින් බිහිවූ Weddings in the Sky තේමාව යථාර්තයක් බවට පත් කරමින් සුරලොවක සුන්දරත්වය සහිත බෝල්රූම් පහසුකම් මෙන්ම ආකර්ෂණීය ආලෝක රටා, නෙත් සිත් පැහැර ගන්නා නිමාව තුළින් සුවිශේෂී මංගල උත්සවයක අසිරියක් ඔබේ සොඳුරු දිනයට එක් කරනු නිසැකය.
ඒ ආකාරයේ නෙත් සිත් පැහැරගන්නා බෝල්රූම් 5කින් මෙන්ම ආකර්ෂණීය එළිමහන් පාරාදීසයන් 2කින් සමන්විත Cinnamon Life ඒ සෑම අවකාශකදීම අලංකාරය හා ගෘහ නිර්මාණශීලීත්වයේ විශිෂ්ටත්වය මනාව විහිදුවමින් විවාහ මංගල අවස්ථාවට රසවත් අත්දැකීමක් එක් කිරීමට සූදානමින් සිටින්නේ සිය පාරිභෝගිකයින්ගේ අවශ්‍යතා ඒ අකාරයෙන්ම ඉටු කර දීම සඳහා ඇප කැප වෙමිනි.
ඔබේ විවාහ මංගල උත්සවයට සහභාගී වන සියලු දෙනාට මින් පෙර අත් නොවිඳි සොඳුරු විවාහ මංගල මොහොතක අසිරිය සියැසින් දැක ගැනීමේ අවස්ථාව මේ සමඟ ඔබට උදා කර දෙනු ලබන්නේ Cinnamon Life හි අසමසම දීමනාද අත් විඳිමිනි.
ඔබ මෙතෙක් අත් නොවිඳි Weddings in the Sky අසිරිමත් විවාහ මංගල මොහොත
Cinnamon Life හි ඔබ පිවිසෙන සෑම ස්ථානයක්ම සැබෑ ආශ්වාදයක් ඔබ වෙත ගෙන ඒමට සමත්ව ඇත්තේ එහි ඇති නිර්මාණශීලීත්වය හා අපූර්ව සහගත වාස්තු විද්‍යානුකූල විශිෂිටත්වය ඔබ වෙත ගෙන එමිනි. එය සැබැවින්ම ඔබේ ජීවිතයේ ප්‍රියතම අත්දැකීම වනවාට කිසිඳු සැකයක් නැත. එහිදී.
ඉතින් ඔබේ මංගල දිනය දෙව් විමනක සිරියාව සමඟින් කිසිදා අමතක නොවන දිනයක් බවට පත් කර ගන්න. Weddings in the Sky සමග ඔබේ සිහින සැබෑ කර ගන්න.

Video Story