September, 4, 2025
ශ්‍රී ලංකාවේ එකම පූර්ණ ඒකාබද්ධ සිමෙන්ති නිෂ්පාදකයා සහ වසර 55කට වැඩි පාරිභෝගික විශ්වාසයක් දිනූ ප්‍රමුඛතම සන්නාමයන් වන INSEE සංස්ථා සහ මහවැලි මැරීන් ප්ලස් යන නිෂ්පාදන සමඟින් වෙළඳපොළ ප්‍රමුඛයා වන INSEE සමාගම සම්මාන ත්‍රිත්වයකින් පිදුම් ලබන්නට පසුගිය දා ශ්‍රී ලංකා ඉදිකිරීම්කරුවන්ගේ ආයතනය (CIOB) විසින් සංවිධාන කරන ලද 2025 ශ්‍රී ලංකා තිරසර සම්මාන උළෙලේදී සමත් විය. පාරිසරික විශිෂ්ටත්වය සහ තිරසර කාර්මික භාවිතයන් සඳහා INSEE හි කැපවීම මෙම ජයග්‍රහණය තුළින් නැවත වරක් තහවුරු විය.
සම්මාන උළෙලේදී, INSEE (Siam City Cement (Lanka) Limited) ‘වසරේ තිරසර සෞඛ්‍ය සහ ආරක්ෂණ සන්නාමය’ සහ ‘වසරේ තිරසර සන්නාමය’ යන සම්මාන ද්විත්වයෙන් පිදුම් ලැබූ අතර, INSEE සංස්ථා සිමෙන්ති ‘වසරේ තිරසර සිමෙන්ති සන්නාමය’ යන සම්මානය දිනා ගත්තේය.
මෙම සුවිශේෂී ඇගයුම INSEE මෙහෙයුම් සහ ක්ෂේත්‍ර තුළ අර්ථවත් වෙනසක් ඇති කිරීම සඳහා ලබා දෙන නොසැලෙන කැපවීම පෙන්නුම් කරන සාක්ෂියකි. INSEE සමාගම තුළ සෞඛ්‍යය සහ ආරක්ෂාව ගැන ඉහළම සැලකිල්ලක් ලබා දෙන අතරම එය ආයතන සංස්කෘතියේ අංගයකි. සෞඛ්‍යය සහ ආරක්ෂාව ආයතනයේ මූලික සංකල්පයක් සේ සැලකෙන අතර සියලු මෙහෙයුම් හරහා #ZEROHARM ඉලක්කය ළඟා කරගැනීමට සමාගම කටයුතු කරනු ලබයි. ඒ හරහා සේවකයින්, හවුල්කරුවන් සහ ප්‍රජාවගේ යහපැවැත්ම තහවුරු කරයි. තිරසරභාවය යනු INSEE මෙහෙයුම්වල මූලික පදනමයි. ඉදිකිරීම් කර්මාන්තයේ තිරසර භාවිතයන් සහ නවෝත්පාදනයන් සඳහා සමාගමේ පුරෝගාමී දායකත්වය ද මෙම ඇගයුම් තුළින් ඉස්මතු වේ.
INSEE සමාගම 2030 වසර වන විට තිරසරභාවය අතින් ළඟා කරගත යුතු ඉලක්ක රැසක් වෙනුවෙන් කටයුතු කරමින් සිටින සමාගමකි. ඒ වෙනුවෙන් 2030 වර්ෂය පාදක කරගත් තිරසර අරමුණු (Sustainability Ambition) නම් විශේෂිත ප්‍රතිපත්ති රාමුවක් ද ක්‍රියාවට නඟා ඇති අතර ඒ යටතේ, දේශගුණය සහ බලශක්තිය, ජෛව විවිධත්වය සහ ජලය, චක්‍රීය ආර්ථිකය (Circular Economy) සහ ප්‍රජා සහ පාර්ශවකරුවන්ගේ සහභාගීත්වය හා වෘත්තීය සෞඛ්‍ය සහ ආරක්ෂාව යන එකකට එකක් සම්බන්ධ තේමාවන් ආවරණය කරනු ලබයි. මේ සියල්ල තුළින් ශක්තිමත් සහ වගකීම්සහගත අනාගතයකට මග පාදන්නට ද INSEE සමාගමට හැකි වී ඇත. හුණුගල් කැණීම් කරන ලද බිම් ප්‍රතිසංස්කරණය කිරීමේ සිට සශ්‍රීක පරිසර පද්ධති දක්වා විහිදුණු විවිධ මෙහෙයුම් රැසක් මේ යටතේ ක්‍රියාත්මක කෙරෙන අතර, ජල පරිභෝජනය අඩු කිරීම සහ අපද්‍රව්‍ය යොදාගෙන නිපදවන විකල්ප බලශක්ති ක්‍රම මඟින් ෆොසිල ඉන්ධන භාවිතය අඩු කිරීම සඳහා සමාගම කටයුතු කරනු ලබයි. INSEE සමාගමේ සමස්ත මෙහෙයුම් ක්‍රියාවලිය තුළ තිරසාරභාවය යනු මූලික මූලධර්මයක් ලෙස කැපී පෙනෙන්නකි. එපමණක් නොව, සමාගමේ අපද්‍රව්‍ය කළමනාකරණ අංශය වන INSEE Ecocycle, චක්‍රීය ආර්ථික ආකෘතිය තවදුරටත් ශක්තිමත් කරන්නට දායක වන සුවිශේෂී අංශයකි. මේ යටතේ කාර්මික අපද්‍රව්‍ය සඳහා තිරසර විසඳුම් ලබා දෙමින් පාරිසරික බලපෑම අඩු කරන්නටත්, සම්පත් කාර්යක්ෂමතාව ඉහළ නංවන්නටත් කටයුතු කරනු ලබයි.
INSEE සිමෙන්ති සමාගමේ මෙහෙයුම්, දේශීය ගොඩනැඟිලි සහ ඉදිකිරීම් ක්ෂේත්රයේ අවම කාබන් විමෝචනයක් සහිතව හා පාරිසරික වශයෙන් වගකීම් සහගත ලෙස ක්‍රියාත්මක කරමින්, නිරන්තරයෙන්ම උසස් තත්ත්වයේ, සංයුක්ත සිමෙන්ති නිෂ්පාදන සහ තිරසර ගොඩනැඟිලි ද්‍රව්‍ය හඳුන්වා දෙන්නට සමාගම සමත්ව ඇති අතර නවෝත්පාදන, පර්යේෂණ සහ සංවර්ධන කටයුතු සඳහා ද සැලකිය යුතු ආයෝජන සිදු කරයි.
සමාගමේ ප්‍රමුඛතම සන්නාමය වන INSEE සංස්ථා සිමෙන්ති, සාමාන්‍ය පෝට්ලන්ඩ් සිමෙන්ති (OPC) සිට ශ්‍රී ලංකාවේ ප්‍රථම සංයුක්ත සිමෙන්ති (PPC) සන්නාමය දක්වා වර්ධනය වී ඇති අතර, එමඟින් CO₂ විමෝචනය සැලකිය යුතු ලෙස අඩු කර ඇත. මෙහි ඇතුළත් ක්ලින්කර් ප්‍රමාණය අඩු කිරීම සහ කාර්මික අතුරු නිෂ්පාදන ඒකාබද්ධ කිරීම හරහා වටිනා ස්වාභාවික සම්පත් ආරක්ෂා කිරීමට ද දායක වේ. INSEE සංස්ථා සිමෙන්ති පරිසර හිතකාමී පෝට්ලන්ඩ් සංයුක්ත සිමෙන්ති (PCC) (SLS 1697:2021) මෙරට වෙළඳපොළට හඳුන්වා දුන් පළමු සන්නාමය වන අතර, වඩාත් පරිසර හිතකාමී ගොඩනැගිලි ද්‍රව්‍ය වෙත යොමු වීමේ අවශ්‍යතාව ගැන ජාතික මට්ටමේ ආදර්ශයක් සපයන්නට ද සමත් වී ඇත.
2025 ශ්‍රී ලංකා තිරසර සම්මාන උළෙල, ඉදිකිරීම් ක්ෂේත්රයේ තිරසර නවෝත්පාදන සහ නායකත්වය අගය කරමින් සමරනු ලැබීය. 13 වන ලෝක ඉදිකිරීම් සම්මන්ත්‍රණය සමඟ එක්ව ලංකා ඉදිකිරීම්කරුවන්ගේ ආයතනය (CIOB) විසින් සංවිධානය කරන ලද මෙම සුවිශේෂී උත්සවය නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශයේ මඟ පෙන්වීම හා අධීක්ෂණය ඔස්සේ සිදුවූ අතර, මෙම ඇගයුම් උත්සවය, හරිත නවෝත්පාදනය සහ කර්මාන්ත නිසි අයුරින් දියුණු කිරීම පිළිබඳ රටටත්, අනාගතයටත් දුන් යහපත් පූර්වාදර්ශයක් ද විය.
සම්මානනීය සන්නාමයක් ලෙස, ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්රයේ තිරසර විශිෂ්ටත්වය සඳහා INSEE සමාගම කවදත් වගකීම් සහිත නවෝත්පාදන හඳුන්වාදීමට සහ පාරිසරික රැකවරණය තුළින් ක්ෂේත්රය තුළ ප්‍රගතියක් ඇති කරන්නට කටයුතු කළ සමාගමකි. ලාංකික ඉදිකිරීමේ ක්ෂේත්රයේ විශිෂ්ටත්වයේ ප්රමුඛයෙකු ලෙස අඛණ්ඩව සම්මානයට පාත්‍ර වන්නට දැවැන්ත ශක්තියක් වූ පාරිභෝගික ප්රජාවත්, පෙදරේරු ශිල්පීන්, තාක්ෂණ ශිල්පීන්, ඉංජිනේරුවන් සහ කොන්ත්‍රාත්කරුවන් ඇතුළු සියලුම හවුල්කාර පාර්ශවයන්ට සමාගමේ හෘදයාංගම ස්තුතිය ද පුදකරයි.

