April, 23, 2015
ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යංශය (Sri Lanka Credit Information Bureau) විසින් මසක් තුළදී නිකුත් කළ වැඩිම ණය තොරතුරු වාර්තා ප්‍රමාණය පසුගිය මාර්තු මාසයේදී නිකුත් කළ බවත් මේ තුළින් පෙන්නුම් කරන්නේ ණය සඳහා තිබෙන ඉල්ලුම වැඩිවීම බවත් ණය තොරතුරු කාර්යංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා කියයි.
ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී කේ.ඒ. ජනක ලක්මාල් මහතා අප සමග පැවසුවේ පසුගිය වසරේ මාර්තු මාසය සමග සැසඳීමේදී 2015 මාර්තු මාසයේදී කාර්යංශය විසින් නිකුත් කර තිබෙන ණය තොරතුරු වාර්තා ගණන සියයට 73 කින් දැවැන්ත වැඩිවීමක් පෙන්වා තිබෙන බවයි.
“මේ වසරේ පළමු කාර්තුවේදීත් බැංකු සහ මූල්‍යායතන විසින් අපෙන් ලබාගත් ණය තොරතුරු වාර්තා ප්‍රමාණය ගිය වසරේ අදාළ කාලය සමග සැසඳීමේදී සියයට 56 කින් පමණ වැඩිවුණා.“
අවධානම සලකා බලා කුඩා මූල්‍යායතන පවා මේ වනවිට ණය තොරතුරු වාර්තා ලබා ගැනීමට උනන්දුවීම මෙම වර්ධනයෙන් විදහා දැක්වෙන බව ජනක ලක්මාල් මහතා වැඩිදුරටත් කීය.
“ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යංශය තවත් පොලීසියක්ද ?“ මැයෙන් අපි මෙයට පෙර පැවැත්වූ සම්මුඛ සාකච්ඡාව මෙන්න.
Video Story