March, 29, 2016
ගොඩනැගිලි අමුද්‍රව්‍ය ක්ෂේත්‍රයේ ලොව ප්‍රමුඛතම සමාගම් සමූහයක්වන ලෆාජ්හොල්සිම් සමූහයේ සාමාජිකයෙකුවන හොල්සිම් ලංකා සමාගම මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ තිරසාරත්වය ප්‍රවර්ධනය කරමින් මෙරට ජනතාවගේ ජීවන තත්ත්වය නගාසිටුවීමේ අරමුණ පෙරදැරිව CSR Lanka සහ මාගා ඉංජිනියරින් සමග එක්ව සිය ප්‍රථම සම්මන්ත්‍රණය පසුගිය 9වනදා කොළඹ හිල්ටන් හෝටලයේදී පැවැත්වීය.
ඉදිකිරීම් ක්ෂේත්‍රයට සම්බන්ධ සියලුම පාර්ශ්වකරුවන් සතු දැනුම, අත්දැකීම් සහ වෘත්තීය කුසලතා තිරසාර සංවර්ධන එළඹුමක් වෙනුවෙන් එක් වේදිකාවක් මත ගෙන ඒම සඳහා මාගා ඉංජිනියරින් සහ හොල්සිම් ලංකා සමාගම් අතර ඇති කර ගත් අවබෝධතා ගිවිසුමකට අනුව මෙම වසර තුළ සැලසුම් කර ඇති සම්මන්ත්‍රණ මාලාවේ පළමුවැන්න මෙයයි.
රාජ්‍ය සහ පුද්ගලික අංශවල ඉහල පෙළේ මතධාරීන් සහ පාර්ශ්වකරුන් රැසක් මෙම සම්මන්ත්‍රණය සඳහා සහභාගී වූ අතර, "තිරසාර නගර-ශ්‍රී ලාංකේය නාගරික පරිණාමනය සඳහාවන දැක්ම" යන තේමාව ඔස්සේ හරිත ගොඩනැගිලි ඉදිකිරීම් ක්‍රමවේද පිළිබඳ දැනුම බෙදාහදා ගැනීමට මෙහිදී හැකි විය.
ලෝක බැංකුවේ ජ්‍යෙෂ්ඨ නාගරික ආර්ථික විශේෂඥ ෂියු ජෙරී මහතා සම්මන්ත්‍රණයේ හැඳින්වීම සහ ඉලක්ක ඉදිරිපත් කළ අතර නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් නයන මාවිල්මඩ මහත ශ්‍රී ලංකාවේ තිරසාර නාගරික සංවර්ධනය යන මැයෙන් දේශනයක් ඉදිරිපත් කළේය.
"තිරසාරත්වය ආසියානු කලාපය තුළ වඩාත් කතාබහට ලක්වන සාධකයක් බවට පත්ව තිබෙනවා. පසුගිය දශකය පුරාම තිරසාරත්වය පිළිබඳ ගෝලීය වශයෙන් යම් එකඟතාවකට පැමිණීමට හැකි වී ඇතත්, ඒ පිළිබඳ තවමත් විවිධ මතවාද පවතිනවා. කෙසේ වෙතත්, අද පවතින වඩාත් වැදගත් ගැටලුව නම්, අප නිවැරදි ලෙස ව්‍යාපෘති ආරම්භ කරනවාද යන්නයි. ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පුරෝගාමීන් මුල් අදියරේ පටන්ම අත්වැල් බැඳ ගනිමින්, තිරසාරත්වය සඳහා විවිධ නිර්ණායක ඇතිකර ගැනීම අතිශයින් වැදගත් වනවා." ආචාර්ය උමා මහේස්වරන් මහතා සඳහන් කළේය.
මෙහිදී අදහස් දැක්වූ නයනා මාවිල්මඩ මහත්මිය, මාර්ග අවහිරතා පාලනය, ඝන අපද්‍රව්‍ය සහ නගරාංග පැතිරීම ආදී මෙරට සියලුම නගර සංවර්ධනයේදී මතුවන අභියෝග පිළිබඳ දැනුම්වත් කළාය. "තිරසාර නගර සංකල්පය රජයේ මෙගාපොලිස් ව්‍යාපෘති සැලැස්මට ද ඇතුළත් කර තිබෙනවා. ගාල්ල, මහනුවර, යාපනය සහ ත්‍රිකුණාමලය වැනි වෙනත් නගර ව්‍යාපෘති සඳහා ද මෙම දැක්ම අන්තර්ගත කර තිබෙනවා." නයන මාවිල්මඩ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
සිංගප්පූරුවේ SurbanaJurong Consultants සමාගමේ දකුණු ආසියා සහ මැදපෙරදිග කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය උමා මහේෂ්වරන් මහත්මිය තිරසාර නගර සැලසුම්කරණය සහ ක්ෂේත්‍ර අධ්‍යයනය පිළිබඳවත්, බස්නාහිර පළාතේ මෙගාපොලිස් සැලසුම්කරණ ව්‍යාපෘතියේ ව්‍යාපෘති අධ්‍යක්ෂ ලක්ෂ්මන් ජයසේකර මහතා මෙගාපොලිස් ව්‍යාපෘති ආකෘති පිළිබඳවත් ප්‍රධාන දෙසුම් පැවැත්වූහ.
මෙම සම්මන්ත්‍රණයෙන් අනතුරුව වර්තමාන සහ අනාගත අභියෝග, සමාජමය වගකීම, මුල්‍ය හා රෙකුලාසි සහ වාස්තුවිද්‍යාව හා තාක්ෂණික ක්‍රමවේද ඇතුළු ඉදිකිරීම් ක්ෂේත්‍රයේ තිරසාරත්වය සම්බන්ධ විවිධ පැතිකඩ සාකච්ඡාවට ලක් කරමින් තවත් වැඩසටහන් තුනක් මේ වසරේදී පැවැත්වීමට නියමිතය.
Video Story