CT ස්කෑන් යන්ත්‍ර 03ක් ප්‍රසම්පාදනය Hayleys Lifesciences වෙත

    June, 25, 2025

    නාවලපිටිය, දඹුල්ල සහ කුලියාපිටිය යන දිස්ත්‍රික් රෝහල් සඳහා CT ස්කෑන් යන්ත්‍ර 03ක් (64 Slices) සැපයීම, බෙදා හැරීම, ස්ථාපනය, ක්‍රියාත්මක කරවීම හා නඩත්තු කිරීම සඳහා ජාතික තරගකාරී ලංසු කැඳවා තිබේ. ඒ සඳහා ලංසු 04ක් ලැබී ඇත.

    ඒ අනුව, ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ සහ ප්‍රසම්පාදන අභියාචන මණ්ඩලයේ නිර්දේශ මත පදනම්ව නාවලපිටිය, දඹුල්ල සහ කුලියාපිටිය දිස්ත්‍රික් රෝහල් සඳහා CT ස්කෑන් යන්ත්‍ර 03ක් (64 Slices) සපයා ගැනීම සඳහා වන ප්‍රසම්පාදනය M/s Hayleys Lifesciences (Pvt). Ltd වෙත පිරිනැමීම පිණිස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.