November, 2, 2020
ලොව ප‍්‍රකට අලිබබා සමූහයට අයත් මෙරට ක‍්‍රියාත්මක ප‍්‍රමුඛතම අන්තර්ජාල වෙළෙඳ වෙබ් අඩවිය වන Daraz විසින් පැවැත්වූ 2020 විකුණුම් සමුළුවේදී ‘වසරේ වඩාත්ම සක‍්‍රීය බැංකුකරණ පාර්ශවකරුවා’ ලෙස කොමර්ෂල් බැංකුව සම්මානයට පාත‍්‍ර කරන ලදී. එක් කාඞ්පත් පදනමක් තුළින් වැඩිම ගනුදෙනු සංඛ්‍යාවක් සිදුකිරීම සහ වසරක් තුළ විශාල ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඞ්පත් ගනුදෙනුකරුවන් සමුදායක් තිරසාරව පවත්වාගෙන යාම මෙම සම්මානය කොමර්ෂල් බැංකුවට ලබාදීමට හේතු විය.
Daraz සමග එක්ව කොමර්ෂල් බැංකුව සිදුකළ කාඞ්පත් ප‍්‍රවර්ධනයන් සහ අලිබබා සමූහයට සම්බන්ධ සිංගප්පූරුවේ Ant Financials සමග පවතින ඒකාබද්ධතාවය බැංකුවේ කාඞ්පත් ගනුදෙනු ප‍්‍රමාණය සාර්ථකවීම සඳහා දායකත්වය දැක්වූ අතර එයද මෙම කීර්තිමත් සම්මානය දිනාගැනීමට මග පාදන ලදී. බැංකුව ප‍්‍රවර්ධන තුළින් සහ දිනපතා දීමනා යන දෙආකාරයෙන්ම අන්තර්ජාල ගනුදෙනුකරුවන් සඳහා වාරික සැලසුම් සහ ගෙවීම් වට්ටම් ලබාදීමට Daraz සමග ඒකාබද්ධ වී තිබේ.
කොමර්ෂල් බැංකුව 2018 වසරේ සිට Daraz ඇතුළුව අලිබබා පද්ධතියේ පාර්ශවකරුවෙකු බවට පත්වූ අතර ශ‍්‍රී ලංකාව තුළ ව්‍යාපාර අරඹා සිව්වන සංවත්සරය Daraz විසින් මේ ඔක්තෝම්බර් මාසයේදී සමරන ලදී. එහිදී, Daraz සමග වැඩිම කලක් ඒකාබද්ධවී සිටින බැංකුව ලෙසද කොමර්ෂල් බැංකුව ගෞරවාදරයට පාත‍්‍ර කළේය. Daraz සහ කොමර්ෂල් බැංකුව ඒකාබද්ධව ඉදිරියටත් ශ‍්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථික කටයුතු සවිබල ගැන්වීමට කටයුතු කරන බව බැංකුව සඳහන් කරයි.
සේයාරුවෙන් දැක්වෙන්නේ කොමර්ෂල් බැංකුවේ කාඞ්පත් මධ්‍යස්ථානයේ ප‍්‍රධානී තුසිත සුරවීර මහතා (වමේ කෙළවරේම) Daraz කළමනාකාර අධ්‍යක්ෂ, රකිල් ප‍්‍රනාන්දු මහතා අතින් 2020 විකුණුම් සමුළුවේදී ‘වසරේ වඩාත්ම සක‍්‍රීය බැංකුකරණ පාර්ශවකරුවා’ යන සම්මානය ලබාගන්නා ආකාරයයි. (දකුණු සේයාරුව) ආයතන දෙකේ නියෝජිතයින් මෙම වැඩසටහනට සහභාගී වී සිටි ආකාරය.
Video Story