DFCC බැංකුව, අපනයන සංවර්ධන මණ්ඩලය සමඟ එක්වෙයි

    August, 15, 2016

    DFCC බැංකුව ඔක්තෝබරයේ පැවැත්වෙන ලෝක අපනයන සංවර්ධන සමුළුවේ සුවිශේෂි බැංකු හවුල්කරුවෙයි

    ලබන ඔක්තෝබර් මස 12 - 13 දිනවලදී කොළඹදී පැවැත්වෙන ලෝක අපනයන සංවර්ධන සමුළුවේ සුවිශේෂී බැංකු හවුල්කරු ලෙස DFCC බැංකුව පීඑල්සී මෑතදී ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සමග එක්විය.

    දේශීය හා ජාත්‍යන්තර ව්‍යාපාරික ප්‍රධානීන්, ප්‍රතිපත්ති සම්පාදකයින් හා ආයෝජන හා වෙළෙඳ ආයතනවල සාමාජිකයින් ද ඇතුළුව 600 ට අධික පිරිසක් සහභාගීවන මෙම සමුළුවේදී තිරසර වෙළෙඳාම මෙන් ම තරඟකාරීත්වයේ ජාත්‍යන්තර මට්ටම පවත්වාගැනීම සඳහාවූ නවතම ක්‍රමෝපායන් ද සාකච්ඡා කෙරෙනු ඇත. ජාත්‍යන්තර වෙළෙඳ මධ්‍යස්ථානයේ ප්‍රධාන අවස්ථාවක් වන මෙම සමුළුව පැවැත්වීමේ සම දායකත්වය ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය විසින් දරනු ලබන අතර ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය හා ආයතනික ක්ෂේත්‍රයට, වේගයෙන් වර්ධනයවන ජාත්‍යන්තර වෙළෙඳ ක්ෂේත්‍රය තුළ ඉදිරියට යා හැක්කේ කෙසේද යන්න පිළිබඳව එහිදී අවධානය යොමුකෙරෙනු ඇත.

    බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වෙන මෙම ජාත්‍යන්තර සමුළුවේ තේමාව ‘Connect Compete and Change’ (යාවන්න, තරඟකරන්න හා වෙනස්කරන්න) වේ. රාජ්‍ය හා පුද්ගලික අංශයේ නම් දැරූ කථිකයින් පෙළක් සහභාගීවන මෙම සමුළුවට විශේෂඥ වැඩමුළු මෙන් ම සංචාරක, තොරතුරු සන්නිවේදන තාක්ෂණය, විශේෂ ආහාර (කුළුබඩු, තේ හා සකසන ලද ආහාර වැනි), ඇඟළුම්, රබර් සහ අනෙකුත් නිෂ්පාදන කර්මාන්ත කෙරෙහි අවධානය යොමුකෙරෙන විවිධ අංශයන්ගේ සුවිශේෂී ඉදිරිපත්කිරීම් ද ඇතුළත් වේ. ඉහළ පෙළේ වටමේස සාකච්ඡාවක්, අලංකාර වූ සුවිශේෂි ශ්‍රී ලාංකේය රාත්‍රී උත්සවයක් මෙන් ම දේශීය නිපැයුම් එළිදැක්වෙන කුඩා ප්‍රදර්ශණයකින් ද සමුළුව සමන්විතය.

    අපනයන සංවර්ධන මණ්ඩලය සමඟ අත්වැල් බැඳගැනීම පිළිබඳ අදහස් දැක්වූ ෘත‍ක‍ක‍ බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී අර්ජුන් ප්‍රනාන්දු මහතා, “වසර 60 ට අධික කාලයක් පුරා DFCC බැංකුව සංවර්ධනයේ, ව්‍යවසාකත්වය පෝෂණය කරමින් ග්‍රාමීය ආර්ථික පරිවර්තනයට ලක්කිරීමේ, පුරෝගාමී ව්‍යාපාරවලට මෙන් ම නව කර්මාන්තවලට හවුල්වීමේ හා මුල්‍ය සම්පාදනයකිරීමේ ඉදිරියෙන්ම සිටි බැවින් ආර්ථියට සුවිශේෂී දායක්තවයක් සපයා තිඛෙනවා. කාර්යක්ෂම අගනාකම් දාමයන් භාවිතයෙන් මෙන් ම තිරසර වෙළෙඳාමේ වාසි උපයෝගී කරගනිමින් දියුණු වන්නේ කෙසේද යන්න පිළිබඳව ව්‍යාපාර දැනුවත් කිරීම සඳහා මෙම ලෝක අපනයන සංවර්ධන සමුළුව ඉටුකරන්නේ වැදගත් කාර්යභාරයකි. රටේ ආර්ථික වර්ධනය ගොඩනැගීම කෙරෙහි වූ අපගේ ප්‍රයත්නය සමග මනාලෙස සමපාතවන මේ අවස්ථාව වෙනුවෙන් සුවිශේෂී බැංකු හවුල්කරු වෙමින් අපනයන සංවර්ධන මණ්ඩලය සමග අත්වැල් බැඳගැනීම ගැන DFCC බැංකුව ආඩම්බරවනවා.” යැයි පැවසීය.

    ජාතියේ නැගීම හා සංවර්ධනයට සහයවන අතරේදී මුල්‍ය හැකියාව වැඩිදියුණු කිරීම සදහා DFCC බැංකුව කැපවී සිටී. සිය කොටස්කරුවන් වෙනුවෙන් තිරසාර වටිනාකමක් ඇතිකිරීම සඳහා අඛණ්ඩව ප්‍රයත්න දරණ බැංකුව සිය වටිනා ගණුදෙනුකරුවන් වෙත පූර්ණ පරාසයක විහිදී ගිය නව්‍ය මුල්‍ය විසඳුම් සම්පාදනය කරයි.

    ඡායාරූපය - (වමේ සිට දකුණට) රේණුකා අමරසිංහ - ජ්‍යෙෂ්ඨ උප සභාපති (ආයතනික බැංකු කටයුතු), DFCC බැංකුව, අර්ජුන් ප්‍රනාන්දු - ප්‍රධාන විධායක නිලධාරී, DFCC බැංකුව, ගරු අමාත්‍ය සුජීව සේනසිංහ - ජාත්‍යන්තර වෙළෙඳාම පිළිබඳ රාජ්‍ය අමාත්‍ය, ඉන්දිරා මල්වත්ත - සභාපතිනි සහ ප්‍රධාන විධායක, අපනයන සංවර්ධන මණ්ඩලය, නිල්මිණි ගුණරත්න - සහකාර උප සභාපති (අලෙවි), DFCC බැංකුව