DFCC PLC නවතම ශාඛාව කඩුවෙල නගරයේ විවෘතකරමින් තම මෙහෙයුම් කටයුතු තවදුරටත් ව්‍යාප්ත කරනු ලබයි

    January, 18, 2016

    DFCC PLC තම නවතම ශාඛාව 2016 ජනවාරි 18 වැනි දින කඩුවෙල කොළඹ පාරේ අංක 506 G දරණ ස්ථානයේ විවෘත කරනු ලැබීය. මෙම නව ශාඛාව විවෘත කිරීමේ උත්සවයට DFCC බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී අර්ජුන් ප්‍රනාන්දු මහතා සහ DFCC බැංකුවේ නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරී ලක්ෂ්මන් සිල්වා මහතාද ඇතුලූව බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, කාර්යය මණ්ඩලය සහ ප්‍රදේශයේ ජනතාව සහභාගීවූහ.

    මෙම නවතම DFCC බැංකු ශාඛාව මගින් ව්‍යෘපෘති මූල්‍ය පහසුකම්, ව්‍යාපාරික බැංකු සේවා සහ වෙළඳ බැංකු සේවාද ඇතුලූව සියලූම වාණිජ බැංකුසේවාවන් ප්‍රදේශයේ ව්‍යාපාරිකයින්ට සහ සාමාන්‍ය පාරිභෝගිකයින්ට ඉතාම ඉක්මනින් සහ කාර්යක්ෂමව සපයනු ඇත. කඩුවෙල උපනාගරික ප්‍රදේශය ශ්‍රී ලංකාවේ කොළඹ දිස්ත්‍රික්කයේ වෙළඳ හා ව්‍යාපාරික මධ්‍යස්ථානයක් වශයෙන් ඉතාසීග්‍රයෙන් දියුණුවට පත්වෙමින් තිබේ.

    කඩුවෙල විවෘත කරන ලද මෙම නව ශාඛාව සියලූම බැංකු සේවාවන් සපයනු ලබන ශාඛාවක් ලෙස ක්‍රියාකරන අතර මෙමගින් ව්‍යාපෘති ණය, ප්‍රාග්ධන ණය, වගකීම් පත් සහ බැඳුම්කර, ඉතිරි කිරීමේ ගිණුම්, ජංගම ගිණුම්, පෞද්ගලික ණය, නිවාස ණය, අධ්‍යාපනික ණය, වාහන කල් බදු පහසුකම්, රණ් භාණ්ඩ උකස් තැබීමේ ණය, ව්‍යාපාරික ණය, LC සහ NRFC, RFC හා NNRFC වැනි විදේශ මුල්‍ය ගනුදෙනු පහසුකම් මෙන්ම වෙස්ටර්න් යුනියන් හරහා මුදල් යැවීමේ පහසුකමද ලබාදෙනු ඇත. ශ්‍රී ලාංකික සංක්‍රමණික ශ්‍රමිකයින්ට සහ ඔවුන්ගේ පවුල් වල අයට ආරක්ෂාකාරීව සහ විශ්වාසදායක ලෙස මුදල් ප්‍රේෂණය කිරීම සඳහා හඳුන්වාදුන් DFCC බැංකුවේ මුදල් යැවීමේ සේවාවද මෙහිදී ලබාගත හැකිවනු ඇත. මේ සමගින් DFCC බැංකුව නවතම තාක්ෂණයෙන් යුත් ඔන් ලයින් බැංකු සේවාවන්, දින හතේම පැය 24 පුරාම ක්‍රියාත්මක වන දුරකතන මාර්ගික සහාය ලබාදමේ සේවාව සහ ඔවුන්ගේම සහ පාර්ශවකරුවන් ගේ ජාලයන් හරහා ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර 700 කට වැඩි ගණනක් ඔස්සේ කිසිදු වියදමක් නොමැතිව සීමාවකින් තොරව මුදල් ලබා ගැනීමේ පහසුකමද සලසනු ලබයි.

    ශ්‍රී ලංකාවේ බැංකු සහ මූල්‍ය ක්ෂේත්‍රයේ සංවර්ධනය නවමගකට යොමුකරමින් මෑතකදී DFCC සහ DVB ආයතන එකාබද්ධවී DFCC PLC පිහිටුවනු ලද DFCC PLC ශ්‍රී ලංකා මහබැංකුවේ අධික්ෂණය යටතේ ක්‍රියාත්මක වන සියලූම සේවාවන් සපයනු ලබන වාණිජ බැංකුවකි. මෙම දැවැන්ත ආයතන දෙකෙහි සුසංයෝගය තුලින් මුල්‍ය සේවා කර්මාන්තයේ DFCC PLC හි තත්වය තවදුරටත් සවිබලගැන්වී ඇත. DFCC බැංකුව මෙම වසරේදී මුල්‍ය සේවා ක්ෂේත්‍රයේ ජයග්‍රාහී 60 වන වසර සමරනු ලබයි. ශ්‍රී ලාංකීය ජනතාව අතර ස්ථාවරත්වය, මිත්‍රත්වය සහ උණුසුම් සුහදශීලී බව වර්ධනය කරමින් ෘත‍ක‍ක‍ බැංකුව මුල්‍ය ක්ෂේත්‍රය ප්‍රගමනය වෙනුවෙන් අඛණ්ඩව කැපවී සිටියි.

    වැඩිදුර තොරතුරු සඳහා කරුණාකර දුරකතන අංක 011-2548170 රැ 011-2538025 හෝ ෆැක්ස් 0112538026 ඔස්සේ DFCC කඩුවෙල ශාඛාව අමතන්න