DHL වෙතින් පෙරළිකාර තීරණයක්. ලංකාවේ භාණ්ඩ බෙදාහැරීමට මහින්ද්‍රා තෝරාගනී

    January, 1, 2024

    ලොව විශාලතම ලොජිස්ටික් සමාගමක් වන DHL විසින්, ශ්‍රී ලංකාවේ සිය මෙහෙයුම් කටයුතු සඳහා Mahindra Ideal City PickUp ට්‍රක් රථ තෝරා ගෙන තිබේ.

    මේ පිළිබඳව X සටහනක් තබමින් Ideal Motors හි නිර්මාතෘ සහ විධායක සභාපති නලින් වෙල්ගම මහතා පවසන්නේ, ශ්‍රී ලංකාව තුළ භාණ්ඩ බෙදාහැරීමේ කටයුතු වෙනුවෙන් දේශීයව එකළස් කරන ලද Mahindra Ideal City PickUp ට්‍රක් රථ 39 ක් තෝරා ගැනීමට DHL සමාගම කටයුතු කර ඇති බවයි.

    මෙය දේශීය වාහන එකළස් කිරීමේ කර්මාන්තයට ගෞරවයක් බව ද වෙල්ගම මහතා වැඩිදුරටත් සඳහන් කරයි.