May, 17, 2016
ලොව ප්‍රමුඛතම ලොජිස්ටික්ස් සමාගම් සමූහයක්වන DHL සමූහය, ,මානුෂීය කටයුතු සම්බන්ධීකරණය සඳහාවන එක්සත් ජාතීන්ගේ කාර්යාලය (UNOCHA) සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) නියෝජනය කරන එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග ආපදා සඳහා සූදානම් වීම සහ ඊට ප්‍රතිචාර දැක්වීම සඳහා ඇති කර ගත් එකඟතාව සඳහා දස වසරක් සපිරිණි. ආපදා තත්ත්වයන් සඳහා මුහුණ දීමට ගුවන්තොටුපල සහ එහි නිලධාරීන් සූදානම් කරවීම සහ එවැනි තත්ත්වයකදී භාණ්ඩ වඩාත් හොඳින් කළමනාකරණය කිරීම සඳහා සහයෝගය ලබා දීම මෙම සබඳතාවයේ මූලික අරමුණයි. ඊට අදාළ අවබෝධතා ගිවිසුම 2005 වසරේදී නිව් යෝර්ක් හිදී අත්සන් තැබිණි.
"එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග දස වසරක සාර්ථක ගමනක් පැමිණීමට හැකි වීම පිළිබඳ අප ඉතා සතුටු වනවා. ආපදා පෙර සූදානම සහ ආපදා සහන කටයුතු සඳහා අප හට අඛණ්ඩව සහයෝගය ලබා දුන් සියලු දෙනාට අපගේ ස්තුතිය පුද කර සිටිනවා. රාජ්‍ය සහ පුද්ගලික අංශය එක්ව ඇති කර ගත් මෙම සුවිශේෂී සබඳතාව තුළින්, ආපදා තත්ත්වයකදී අවතැන් ජනතාවට කඩිනමින් සහන ලබා දීම සඳහා ගුවන්තොටුපලට අවශ්‍ය සහය ලබා දීමට අපට හැකි වුණා. UNOCHA සහ UNDP වැනි ගෝලීය සහන සංවිධාන සමග අත්වැල් බැඳ ගනිමින් අපගේ ලොජිස්ටික්ස් විශේෂඥ දැනුම තුළින් ලොව පුරා ජනතාවට පිහිට වීමට හැකි වීම පිළිබඳ අප බෙහෙවින් සතුටු වනවා. ඉදිරියේදීත් මෙම සබඳතාව තවදුරටත් වර්ධනය කර ගැනීම අපගේ බලාපොරොත්තුවයි." Deutsche Post DHL සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී ෆ්රෑන්ක් ඇපල් මහතා සඳහන් කළේය.
රට තුළින් මෙන්ම ජාත්‍යන්තර වශයෙන් ද පැමිණෙන සහනාධාර බෙදාහැරීමේ තීරණාත්මක කේන්ද්‍රස්ථානයක් බවට ගුවන්තොටුපල පත්වන අතර, එහි යටිතල පහසුකම්වලට සිදු වී ඇති හානි සහ ධාරිතාව ප්‍රමාණවත් නොවීම හේතුවෙන් සහනාධාර බෙදාහැරිම මෙන්ම ගුවන්තොටුපල කටයුතු ද අඩපන වේ. මෙම අභියෝග ජය ගැනීම සඳහා DHL සමූහය සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන එක්ව ආපදා සඳහා ගුවන්තොටුපල සූදානම් කරවීමේ වැඩසටහන (GARD) ක්‍රියාත්මක කළේය.
වර්තමානයේදී ශ්‍රී ලංකාව, ආමේනියාව, බංග්ලාදේශය, ඩොමිනික් සමූහාණ්ඩුව, එල් සැල්වදෝර්, ඉන්දියාව, ඉන්දුනීසියාව, ජෝර්දානය, ලෙබනනය, මෙසඩෝනියාව, නේපාලය, පැනමාව, පේරු, පිලිපීනය සහ තුර්කිය ඇතුළු රාජ්‍යයන් 15 ක ගුවන්තොටුපල 30 ක් තුළ GARD වැඩසටහන ක්‍රියාත්මක කර ඇත. පෙර පැවති නිර්දේශයන් සහ ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදය සමාලෝචනය කිරීම සඳහා වැඩමුළු ද සංවිධානය කෙරිණි. ආමේනියාව, ලෙබනනය සහ ඉන්දුනීසියාව ඇතුළු රාජ්‍යයන් රැසක මෙම වැඩමුළු සංවිධානය කර ඇති අතර, 2016 වසරේදී හොන්ඩියුරාස්, මොරිෂස් සහ නේපාලය ආදී රටවල ද GARD වැඩසටහන සහ GARD Plus වැඩමුළු සංවිධානය කිරීමට සැලසුම් කර ඇත.
"ආපදා අවදානම් සඳහා විසඳුම් ලබා දීමට අපොහොසත්වන තාක් තිරසාර සංවර්ධන ඉලක්ක වෙත ළඟා වීමට අප අපොහොසත්වනු ඇත. මෙය රාජ්‍ය සහ පෞද්ගලික අංශවල එකමුතුවෙන් ජය ගත යුතු ඉලක්කයකි. එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන, DHL සමූහය සහ OCHA කාර්යාලය අතර ඇතිකර ගත මෙම සබඳතාව ඊට කදිම එළඹුමක් බව මාගේ පිළිගැනීමයි. " ප්‍රතිපත්ති සහ වැඩසටහන් සහයෝගීතාව සඳහාවන එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන් කාර්යාංශයේ නියෝජ්‍ය මහලේකම් සහ අධ්‍යක්ෂ මැග්ඩි මාර්ටිනස් මහතා ප්‍රකාශ කළේය.
"DHL සමාගම සමග එක්ව, ආපදා සඳහා සූදානම සහ ඊට මුහුණ දීමේ හැකියාව වර්ධනය කිරීමට අපට හැකි වනවා. හදිසි තත්ත්වයන් සඳහා ගැළපෙන මානුෂීය ක්‍රියාමාර්ග ගැනීමටත්, ආපදා සඳහා සූදානම් වීම සහ එය වළක්වා ගැනීම ප්‍රවර්ධනය කිරීමටත් OCHA කාර්යාලය කටයුතු කරනවා. ගෝලීය වශයෙන් ආපදා හානි අවම කිරීම සඳහා අවශ්‍ය තාක්ෂණික විශේෂඥතාව, වත්කම්, මූලාශ්‍ර, සැපයුම් දාම සහ ජාල DHL සමූහය සතු වනවා. මෙම සුවිශේෂී සබඳතාව තවදුරටත් ඉදිරියට පවත්වා ගැනීම මාගේ අරමුණයි." ජිනීවාහි OCHA කාර්යාලයේ වැඩබලන අධ්‍යක්ෂ රුඩොල්ෆ් මුලර් මහතා අදහස් පළ කළේය.
මෙම සබඳතාව යටතේ, DHL සමූහය සතු ලොජිස්ටික්ස් විශේෂඥතා දැනුම, ගෝලීය ජාලය සහ කාර්යමණ්ඩල සේවකයන්ගේ සේවය නොමිලයේ ම එක්සත් ජාතීන්ගේ සංවිධානයට ලබා දෙන අතර, එක්සත් ජාතීන්ගේ සංවිධානය ජාත්‍යන්තර සහන සහ සංවර්ධන ප්‍රජාව වෙත DHL සමුහයට ප්‍රවේශය සලසා දෙයි. ආපදා අනුකුලතා කණ්ඩායම (DRT) හදිසි තත්ත්වයකදී ගුවන්තොටුපල වෙත පැමිණෙන සහනාධාර කළමනාකරණය කිරීම සඳහා සිය දායකත්වය ලබා දෙයි.
DRT කණ්ඩායම 400 කට අධික පුහුණු ස්වේච්ඡා සාමාජික සංඛ්‍යාවකගෙන් සමන්විත වේ. සති තුනක් දක්වා සේවයෙහි නිරත වීමේ හැකියාවෙන් යුතු මොවුන් පැය 72 ක කාලයක් තුළ සේවයෙහි යෙදවීමට හැකි වීම ද විශේෂත්වයකි.
GARD වැඩසටහන සහ DRT කණ්ඩායම්, DHL සමූහයේ ප්‍රජා සත්කාරක වැඩසටහනක්වන "Living Responsibility" සමග සම්බන්ධ "GoHelp" ආපදා කළමනාකරණ වැඩසටහනේ අංගයන් වේ.
සේයා රූ සටහන : (වමේ සිට දකුණට) සමූහ සන්නිවේදන සහ සමූහ වගකීම් අධ්‍යක්ෂ ක්රිස්ටොෆ් අ'හාර්ට්, ජිනීවා UNDP කාර්යාලයේ අධ්‍යක්ෂ මාරියා ලුසියා සිල්වා, OCHA ජිනීවා කාර්යාලයේ අධ්‍යක්ෂ රුඩොල්ෆ් මුලර් යන මහත්ම මහත්මීහු ඡායාරූපයේ වෙති
Video Story