December, 11, 2025
DHL Express සමාගම, ශ්‍රී ලංකාව තුළ සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කර අභිමානවත් වූ වසර 45 ක් සනිටුහන් කරමින්, දේශීය ව්‍යාපාර සහ ප්‍රජාවන් හට, තම ලොජිස්ටික් සේවා සැපයුම් ජාලය හරහා ගෝලීය අවස්ථාවන් සඳහා ප්‍රවේශය සලසා දී තිබේ.
DHL Express හි ආසියා පැසිෆික් කලාපයේ ප්‍රධාන විධායක නිලධාරී කෙන් ලී මහතා මේ පිළිබඳව අදහස් දක්වමින් මෙසේ පැවසීය.''DHL Sri Lanka සමාගම වසර 45ක් පුරාවට, ව්‍යාපාර සහ ප්‍රජාවන් ලෝකය වෙත සම්බන්ධ කරමින්, වෙළඳපොළ, වර්ධන තත්ත්වයන් සහ අවස්ථාවන් මෙහෙයවමින් සිටිනවා. මෙම සංවත්සරය තුළින් අපගේ ජනතාවගේ කැපවීම, ගනුදෙනුකරුවන්ගේ විශ්වාසය සහ DHL හි ගෝලීය ජාලයේ ශක්තිය සමරනු ලබනවා. 'මිනිසුන් සම්බන්ධ කිරීම, ජීවිත වැඩිදියුණු කිරීම' යන අපගේ ඒකායන අරමුණ මත පදනම් වෙමින් අපගේ සේවකයින් සහ ගනුදෙනුකරුවන් ශක්තිමත් කිරීමට හැකි වන පරිදි අඛණ්ඩව අප කටයුතු කරනවා. ඉදිරි දශකය තුළ ශ්‍රී ලංකාවේ අනාගතය වෙනුවෙන් ආයෝජනය කිරීමට සහ විශිෂ්ටත්වය ලබා දීමට DHL කැපවී ක්‍රියා කරනවා.''
විශිෂ්ටත්වයේ 45 වසරක අභිමානය පිළිබඳව අදහස් දක්වමින් DHL Express Sri Lanka හි ප්‍රධාන විධායක කළමනාකරු, දිමිත්‍රි පෙරේරා මහතා මෙසේ පැවසීය. ''දශක හතරකට වැඩි කාලයක් පුරා අපි ශ්‍රී ලංකාවේ දියුණුව සඳහා විශාල සහයක් ලබා දෙමින් කැපවී කටයුතු කරනවා. දිගු කාලීන සමාජ බලපෑමක් ඇති කිරීම වෙනුවෙන් අපගේ ගනුදෙනුකරුවන්ගේ, සේවකයින්ගේ සහ ප්‍රජාවන්ගේ විශ්වසනීයත්වය, නවෝත්පාදන ශක්තිය සහ අඛන්ඩ කැපවීම මෙම ගමන තුළින් පිළිබිඹු කෙරෙනවා. අනාගතය දෙස බැලීමේදී, අපි තිරසර වර්ධනයක් ඇති කරමින්, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් බලගැන්වීම සහ ශ්‍රී ලංකාව ලෝකය සමඟ සම්බන්ධ කිරීම පිළිබඳව අවධානයක් යොමු කර තිබෙනවා.''
1980 වසරේ දී ශ්‍රී ලංකාව තුළ, පළමු ජාත්‍යන්තර කුරියර් සේවා සැපයුම්කරු ලෙස DHL Express ආරම්භ කරන ලදී. අනතුරුව එය, 1992 වසරේ දී John Keells Holdings සමඟ ඒකාබද්ධ හවුල් ව්‍යාපාර කොටසක් බවට පත්විය. ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයට සහාය වීම, ජාත්‍යන්තර වෙළඳපොළට පහසුකම් සැලසීම සහ ඇඟලුම් සහ ඊ-වාණිජ්‍යය ඇතුළු විවිධ ක්ෂේත්‍ර හරහා කුඩා හා විශාල ව්‍යාපාර සවිබල ගැන්වීම සඳහා සමාගම කැපවී කටයුතු කළේය.
2007 වසරේ දී, DHL සිය ප්‍රධාන කාර්යාල සංකීර්ණය ආරම්භ කළ අතර, අනතුරුව 2008 වසරේ දී බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ප්‍රවේශ පහසුකමක් ද ආරම්භ කළේය. ඒ හරහා ජාත්‍යන්තර භාණ්ඩ හුවමාරුව විධිමත් කර, මෙහෙයුම් කාර්යක්ෂමතාව වැඩිදියුණු කළේය. පැය 24 පුරාම රේගු නිෂ්කාශන සහාය ලබා දෙමින්, තෝරාගත් ජාත්‍යන්තර වෙළඳපොළවල් වෙත දිනයක් තුළ කඩිනමින් භාණ්ඩ බෙදා හැරීමට හැකියාව ලබා දෙමින්, ශ්‍රී ලංකාවේ පුරෝගාමී සේවාවක් හා ප්‍රතිලාභ පාරිභෝගිකයන් වෙත ලබා දීමට DHL Express Sri Lanka කටයුතු කර තිබේ.
පසුගිය දශකය තුළ DHL හි වෙළඳපොළ නායකත්වය ශක්තිමත් කිරීමට හේතු වූ සැලකිය යුතු මට්ටමේ ජයග්‍රහණ ලබා ගෙන ඇත. 2021 වසරේ දී Digital Live Advisor සේවය ආරම්භ කිරීමත් සමඟ උසස් මට්ටමේ ඩිජිටල් සබඳතා මධ්‍යස්ථාන හරහා පාරිභෝගික අත්දැකීම් වැඩිදියුණු විය. 2022 වසරේ දී, DHL Express Sri Lanka විසින් පාරිභෝගිකයින් සඳහා ආනයන-අපනයන ක්‍රියාවලීන් විධිමත් කරමින් ක්‍රියාකාරී රේගු නිෂ්කාශන වෙබ් පිටුවක් හඳුන්වා දෙන ලදී.
වසර ගණනාවක් පුරා, විවිධ ක්ෂේත්‍රවල ව්‍යාපාර සඳහා ලොජිස්ටික් සේවා සහාය සහ විශේෂඥතාව ලබා දීම සඳහා DHL කර්මාන්ත සංගම් සහ ආයතන කිහිපයක් සමඟ හවුල් වී ඇත. සමාගම ඊ-වාණිජ්‍ය විසඳුම් සම්බන්ධයෙන් අවධානය යොමු කරමින්, ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකය ප්‍රවර්ධනය සඳහා ප්‍රධාන පහසුකම් සපයන්නෙකු ලෙස එය ස්ථානගත කර ඇත.
ඒ හා සමානව, DHL Express Sri Lanka හි අනාගත ගමන් මග, DHL සමූහයේ ගෝලීය උපායමාර්ගය වන 2030 වසර වන විට තිරසර වර්ධනය වේගවත් කිරීම කේන්ද්‍ර කර ගනිමින් සේවායෝජකයා, සැපයුම්කරු, ආයෝජනය, සහ හරිත ලොජිස්ටික්ස් සේවාවන් යන ප්‍රධාන කරුණු හතරක් මත පදනම් වී ඇත. මෙම සැලැස්ම හරහා සමාගමේ තිරසරභාවය, පාරිභෝගිකයින් කේන්ද්‍රකර ගැනීම සහ නවෝත්පාදනයන් අඛන්ඩව ඉදිරියට ගෙන යාම මෙන්ම සිය මෙහෙයුම් විශිෂ්ටත්වය තවදුරටත් ශක්තිමත් කිරීම සහතික කරයි. ඩිජිටල් සජීවී උපදේශන සේවා ආරම්භ කිරීම හරහා උසස් ඩිජිටල් සබඳතා මධ්‍යස්ථාන ලබා දීමෙන් පාරිභෝගික අත්දැකීම් වැඩිදියුණු කර ඇත. MyGTS (My Global Trade Services) ආරම්භ කිරීම සහ රේගු නිෂ්කාශන කටයුතු සිදු කිරීමේ වෙබ් පිටුව හරහා, රේගු ලියකියවිලි, ආනයන නීති රෙගුලාසි සහ පෙර තීරුබදු ගණනය කරන්නේ කෙසේද යන්න ඇතුළුව, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට දේශසීමා හරහා භාණ්ඩ හුවමාරු කිරීමේ ප්‍රධාන අංශ වෙත ගමන් කළ හැකිය.
තිරසරභාවය සහ ගෝලීය පාරිසරික නායකත්වය විදහා දක්වමින්, DHL Express Sri Lanka සමාගම 2024 වසරේ දී GoGreen Plus වැඩසටහන ආරම්භ කළ අතර, ගුවන් ප්‍රවාහන ක්ෂේත්‍රයේ හරිතාගාර වායු විමෝචනය අවම කිරීම සඳහා ප්‍රධාන විසඳුමක් වශයෙන් තිරසර ගුවන් යානා ඉන්ධන (Sustainable Aviation Fuel - SAF) ලබා දෙන ලදී. මෙම ආරම්භය DHL සමූහයේ දේශගුණික ආරක්ෂාව වෙනුවෙන් අනුගමනය කරනු ලබන 2050 වන විට ශුද්ධ ශුන්‍යය දක්වා විමෝචනය අවම කිරීම කරමින්, කර්මාන්තයේ අනාගතය හැඩගස්වන ප්‍රමුඛතම සැපයුම් සමාගමක් ලෙස සමාගම ස්ථානගත කිරීමේ 2050 මෙහෙවර මත පදනම් වේ.
DHL Express සමාගම කර්මාන්ත සංවර්ධන මණ්ඩලය සමඟ අවබෝධතා ගිවිසුමකට අත්සන් තබා ඇති අතර ලංකා වාණිජ මණ්ඩලය සමඟින්ද උපායමාර්ගික සහයෝගීතාවයක් ඇති කර ගනිමින්, GoTrade වැඩසටහන යටතේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සහ ක්ෂුද්‍ර ව්‍යාපාර සඳහා ජාත්‍යන්තර වෙළඳපොළ වෙත අවතීර්ණ වීමට සහය ලබා දී තිබේ. වර්තමානය වන විට ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර 350 කට අධික සංඛ්‍යාවක් GoTrade වැඩමුළු සඳහා සහභාගී වී ඇති අතර, එහිදී ඔවුන්ට රේගු, මූල්‍යකරණය සහ විද්‍යුත් වාණිජ්‍යය වැනි විවිධ මාතෘකා පිළිබඳ පුහුණුව සහ දැනුම ලබා දී ඇත.
DHL Express Sri Lanka සමාගමේ කැපවීම හා ව්‍යාපාරික විශිෂ්ටත්වය තුළින් ප්‍රජා ආයෝජන හරහා සැබෑ වූ සමාජ වගකීමක් කරා ගමන් කරන අතර ඒ මගින් සමාජීය බලපෑමක් වර්ධනය කරයි. 2018 වසරේ සිට සමාගම, තරුණ තරුණියන් සඳහා රැකියා නියුක්තිය සහ කුසලතා වර්ධනය පිළිබඳව අවධානය යොමු කරමින්, GoTeach වැඩසටහන හරහා SOS ළමා ගම්මාන සමගින් සම්බන්ධ වී ඇත. GoHelp වැඩසටහන තුළින්, DHL සමාගම දුෂ්කර කාල සීමාවන් වලදී ශ්‍රී ලංකාවට නිරන්තරයෙන් සහයෝගය දක්වා ඇති අතර, එහිදී ආපදා ප්‍රතිචාර කණ්ඩායම හරහා සහන සලසාදීම් සහ මානුෂීය ආධාර ලබා දීමට කඩිනමින් මැදිහත්ව ඇත. 2014 වසරේ දී DHL සමාගම, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (United Nations Development Program - UNDP) සමඟ එක්ව, ගුවන් සේවා සහ ලොජිස්ටික් සේවා ක්ෂේත්‍රයේ DHL හි මූලික නිපුණතාවය සහ විශේෂඥතාව යොදා ගනිමින්, ගුවන් තොටුපළවල් හදිසි අවස්ථාවන්ට ප්‍රතිචාර දැක්වීමට සූදානම් කිරීම සඳහා සහය දැක්වීමට, ආපදා සඳහා ගුවන් තොටුපළ සූදානම් කිරීමේ (Get Airports Ready for Disaster - GARD) වැඩමුළුවක් ද සංවිධානය කරන ලදී. 2016 වසරේ දී, DHL ආයතනය තුළ කාන්තා නියෝජනය බලගැන්වීම ප්‍රවර්ධනය කිරීම සඳහා DHL Global Forwarding ආයතනය සමඟ සහයෝගීව කාන්තා ජාලය ආරම්භ කළේය.
පසුගිය දශකය පුරාවටම DHL Express Sri Lanka හි සේවකයින් ප්‍රධාන කර ගත් සංස්කෘතිය සහ මෙහෙයුම් විශිෂ්ටත්වය අඛණ්ඩව පිළිගැනීමට ලක්ව ඇත. සමාගම අඛණ්ඩව වසර 11 ක් 'Great Place to Work' කාණ්ඩය යටතේ ජාත්‍යන්තර ඇගයීමට ලක්ව ඇති අතර, එම තත්ත්ව ඇගයීම 2025 වසරේ දී ද හිමි වූ අතර, ඒ තුළින් සේවක යහපැවැත්ම සහ ආයතනික සංස්කෘතිය කෙරෙහි සමාගමේ තිරසර කැපවීම පෙන්නුම් කර ඇත.
ඉදිරි දශකය වෙත මුල පුරමින්, DHL Express Sri Lanka විසින් නවෝත්පාදනය, තිරසරභාවය සහ ගෝලීය ආර්ථිකය වෙත ශ්‍රී ලංකාව ඒකාබද්ධ කිරීම සඳහා සහාය වීමට සූදානමින් සිටී. තාක්‍ෂණය, තිරසර විසඳුම් සහ මානව සංවර්ධනය සඳහා ආයෝජන සිදු කරමින්, DHL සමාගම තවදුරටත් අඛන්ඩව ජාත්‍යන්තර ලොජිස්ටික් සේවා විශිෂ්ටත්වය සඳහා නිසි ප්‍රමිතිය නිර්මාණය කරනු ඇත.

Video Story