February, 3, 2026
SSC ක්‍රීඩාංගණයේ නවීනතම Floodlighting පද්ධතියක් සැලසුම් කිරීම, සැපයීම, ස්ථාපනය සහ ක්‍රියාත්මක කිරීම DIMO සාර්ථකව නිම කරන ලදී. මේ සමඟ SSC ක්‍රීඩාංගණය කොළඹ නගරයේ ජාත්‍යන්තර දිවා–රාත්‍රී ක්‍රිකට් තරඟ පැවැත්විය හැකි දෙවන ක්‍රීඩාංගණය සහ දේශීය වශයෙන් එවැනි පහසුකම් ඇති පස්වැනි ක්‍රීඩාංගණය බවට පත්වෙයි. SSC ක්‍රීඩාංගණය මෙම වසරේ පැවැත්වෙන ICC පිරිමි T20 ලෝක කුසලාන තරග පැවැත්වෙන ක්‍රීඩාංගණ තුනෙන් එකක්වීම ද විශේෂත්වයක් වෙනවා.
1980 දශකයේ දී ශ්‍රී ලංකාවේ පළමු ක්‍රීඩාංගණය සඳහා Floodlighting පද්ධතිය හඳුන්වා දීමත් සමඟ DIMO සහ ශ්‍රී ලංකා ක්‍රිකට් අතර දිගුකාලීන සබඳතාවය ආරම්භ විය. ඒදා සිට අද දක්වා DIMO මෙම SSC ක්‍රීඩාංගණය ඇතුළුව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණ හතරකට Floodlighting විසඳුම් ලබාදී ඇති අතර, ශ්‍රී ලංකාවේ පවතින ක්‍රීඩාංගණ පහ අතරින් හතරකම floodlighting පද්ධති DIMO සපයන ලදී.
නව ආලෝක පද්ධතිය, නවීන ජාත්‍යන්තර ක්‍රිකට් තරගවල තාක්ෂණික සහ විකාශන අවශ්‍යතා සම්පූර්ණයෙන් සපුරාලන ලෙස සැලසුම් කර ඇත. මෙය ක්‍රීඩාංගණයේ රාත්‍රී කාලයේ දෘශ්‍ය පැහැදිලිතාව වැඩි කරමින්, රූපවාහිනී විකාශන ගුණාත්මකභාවය සහ ප්‍රේක්ෂක අත්දැකීම ද සැලකිය යුතු ලෙස ඉහළ නංවයි. ස්වභාවික දිවා ආලෝකයට සමාන ආලෝක තත්ත්වයක් ලබාදෙන උසස් තාක්ෂණික විශේෂාංග මෙම පද්ධතිය තුළ අඩංගු වන අතර, එමඟින් රාත්‍රී කාලයේදීද ක්‍රීඩකයින්ට සහ තරඟ නිලධාරීන්ට වැඩි විශ්වාසයකින් කටයුතු කිරීමට හැකිවේ.
මෙම ආලෝක පද්ධතිය උසස් ගණයේ රූපවාහිනී විකාශන අවශ්‍යතා සපුරන අතර, සජීවී දර්ශන, නැවත දැක්වීම් සහ DRS තීරණ සමාලෝචන ද තිරය මත පැහැදිලිව සහ සාමාන්‍ය ලෙස පෙන්වීමට හැකියාව සලසයි.
මෙම ව්‍යාපෘතිය සඳහා උසස් ගණයේ LED ආලෝක ඒකක 630ක්, උස කුළුණු හයක් මත ස්ථාපනය කර ඇති අතර, කිලෝමීටර් 62ක කේබල් ජාලයක් ද එයට අයත් වේ. එක් එක් කුළුණට වෙන්වූ ආලෝක පාලන කාමරයක් පවතින අතර, DMX තාක්ෂණය යටතේ මධ්‍යස්ථ සහ දුරස්ථව පද්ධතිය පාලනය කළ හැක. මෙම Floodlighting පද්ධතිය, විදුලි බල පරිභෝජනය අඩු කරමින් උෂ්ණත්වය ද අවම කරයි. පුහුණු සැසි සහ නඩත්තු කටයුතු සඳහා ද පහසුවෙන් යොදාගත හැකිවීම ද මෙහි විශේෂ ලක්ෂණයකි.
DIMO විධායක අධ්‍යක්ෂ විජිත් පුෂ්පවෙල මහතා අදහස් දක්වමින් කියා සිටියේ, “ආරම්භයේ සිටම අපගේ ප්‍රධාන අවධානය යොමු වූයේ ICC ආලෝක ප්‍රමිතීන් සම්පූර්ණයෙන්ම සපුරාලමින්, SSC ක්‍රීඩාංගණයේ විශේෂ භූගෝලීය හැඩතලය සහ ක්‍රියාකාරී අවශ්‍යතා අනුව පද්ධතිය සැලසුම් කිරීමටයි. මෙහිදී ජාත්‍යන්තර මට්ටමේ ස්ථාවර කාර්ය සාධනය සඳහා ශක්තිමත් ඉංජිනේරු සැලසුම් සහ දැඩි ආරක්ෂිත ක්‍රමවේද යොදා ගනු ලැබුවා.” යනුවෙනි.
මෙම සම්පූර්ණ විසඳුම තුළ, ලොව සුපතල AEC Illuminazione ආලෝක පද්ධති, Transrail ව්‍යුහ සහ දේශීයව නිෂ්පාදිත DIMO Lumin විදුලි පැනල් වැනි කොටස් එක් කර ඇති අතර, ජාත්‍යන්තර තාක්ෂණය දේශීය ඉංජිනේරු නිපුණතාව සමඟ සාර්ථකව ඒකාබද්ධ කිරීමට DIMO හට ඇති හැකියාව ද මෙයින් පැහැදිලි වේ.
DIMO ආයතනයේම Lighting Solutions කණ්ඩායම මෙම ව්‍යාපෘතියේ සම්පූර්ණ ජීවන චක්‍රය කළමනාකරණය කර ඇති අතර, මාස හතරක කාලයක් තුළ ව්‍යාපෘතිය සම්පූර්ණ කර ICC පිරිමි T20 ලෝක කුසලාන තරගවලට පෙරම ක්‍රීඩාංගණය සූදානම් කිරීමට හැකිවිය.
ස්ථාපනයෙන් පසු ද, පද්ධතියේ දිගුකාලීන කාර්ය සාධනය සහතික කිරීම සඳහා DIMO විසින් සම්පූර්ණ අලෙවියෙන් පසු සේවා සැලැස්මක් ක්‍රියාත්මක කර ඇත.
මෙම ව්‍යාපෘතිය මඟින් වාණිජ සහ ජාතික මට්ටමින් සංකීර්ණ ආලෝක යටිතල පහසුකම් සැලසුම් කිරීම, ක්‍රියාත්මක කිරීම සහ දිගුකාලීනව පවත්වාගෙන යාම සඳහා DIMO හට ඇති හැකියාව නැවත වරක් තහවුරු කරයි.
Video Story