March, 31, 2026
ශ්‍රී ලංකාව සහ මාලදිවයින තුළ වසර තිස්පහකට අධික කාලයක් පුරා පැවති දීර්ඝකාලීන හවුල්කාරීත්වය තවදුරටත් ශක්තිමත් කරමින්, DIMO සහ MTU නව පරම්පරාවේ propulsion හා power විසඳුම් හඳුන්වාදීමට පසුගියදා පැවැති DIMO–MTU Technical Forum හරහා අවධානය යොමු කළහ. සමුද්‍රීය, දුම්රිය, විදුලි බල නිෂ්පාදන සහ අත්‍යවශ්‍ය යටිතල පහසුකම් ක්ෂේත්‍රවල වැදගත් භූමිකාවක් ඉටුකරන මෙම හවුල්කාරීත්වය යටතේ, දැනට MTU පද්ධති 400කට අධික සංඛ්‍යාවක් කලාපය පුරා ක්‍රියාත්මක වෙමින් පවතී. එමඟින් ප්‍රවාහන, කාර්මික සහ ජාතික ආරක්ෂාව සඳහා දායකත්වයක් සැපයෙන අතර, data centers සහ integrated engineering solutions වැනි නව ක්ෂේත්‍ර වෙත ද අවධානය යොමු කරමින් පවතී.
දෙවන වරට සංවිධානය කළ මෙම DIMO-MTU Technical Forum සඳහා ත්‍රිවිධ හමුදා, පොලිසිය, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සහ රාජ්‍ය හා පෞද්ගලික අංශ නියෝජිතයන් ඇතුළු ප්‍රමුඛ පිරිසක් සහභාගී විය. MTU නියෝජිතයින් විසින් නවතම වෙළඳ ප්‍රවණතා සහ තාක්ෂණික තොරතුරු ඉදිරිපත් කළ අතර MTU හි කලාපීය බලයලත් සේවා නියෝජිතයා බවට DIMO තවදුරටත් තහවුරු කරන ලදී. DIMO හි සභාපති රංජිත් පණ්ඩිතගේ මහතා සහ MTU හි APAC සේවා අංශ උප සභාපති සූන් හොක් යැප් මහතා, ඉංජිනේරු විශේෂඥතාවයේ වැදගත්කම සහ පාරිභෝගික අවශ්‍යතා අනුව සකස් කළ විසඳුම් හරහා සම්බන්ධතා ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කළහ.
මෙම අවස්ථාවේ දී, IoT තාක්ෂණය මත පදනම්ව real-time engine monitoring, diagnostics සහ fleet management පහසුකම් සපයන MTU Go! digital platform හඳුන්වා දෙන ලදී. දත්ත මත පදනම් වූ තීරණ ගැනීම සහ predictive maintenance තුළින්, මෙවැනි නව්‍ය විසඳුම් මඟින් කාර්යක්ෂමතාව, විශ්වාසනීයත්වය සහ උපකරණ වල ආයු කාලය වැඩිදියුණු කිරීම අරමුණු කර ඇත. ශ්‍රී ලංකාව සහ මාලදිවයින තුළ සමුද්‍රීය සහ ඉංජිනේරු ක්ෂේත්‍රවල වැඩිවන ඉල්ලුමට පිළිතුරු ලෙස, DIMO සහ MTU අඛණ්ඩව නව තාක්ෂණයන් සහ සේවා විසඳුම් හඳුන්වාදීමට එක්ව කටයුතු කරමින් සිටියි.
Video Story