Dipped Products ඉතාලි සමාගමක් සහමුලින් අත්පත් කරගනී

    May, 25, 2016

    ඉතාලියේ ICOGUANTI සමාගමේ 100% ක කොටස් හිමිකාරීත්වය තහවුරු කර ගැනීමට Dipped Products PLC කටයුතු කර තිබේ.

    ICOGUANTI සමාගමේ 60% ක කොටස් අයිතිය Dipped Products PLC සතුව තිබූ අතර තවත් යූරෝ මිලියන 3.245 ක ආයෝජනයක් කරමින් එහි සම්පූර්ණ අයිතිය ලබා ගැනීමට සමාගම මෙහිදී සමත්ව තිබේ.

    මේ සම්බන්ධයෙන් අප කළ විමසීමක දී Dipped Products PLC හි අධ්‍යක්ෂ සරත් ගනේගොඩ මහතා කියා සිටියේ මෙම නව මුලපිරීමත් සමඟම යුරෝපීය වෙළෙඳපොළ වෙත සිය අලෙවිකරණ ක්‍රියාදාමයන් වඩාත් පුළුල් වනු ඇති බවයි. එසේම ඉදිරියේ දී GSP+ පහසුකම හිමිවීමත් සමඟ ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත සඳහා යුරෝපීය වෙළෙඳපොළ වඩාත් ඵලදායී අයුරින් යොදා ගැනීමට මෙමඟින් හැකිවනු ඇති බව ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

    මෙය ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් මිලියන 535 ක ආයෝජනයකි.