October, 30, 2024
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම හා නවෝත්පාදනයෙන් පරිපූර්ණ රෙදි සේදුම් සන්නාමයක් වන හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් හි Diva සන්නාමය විසින්, නවතම Diva Fresh ගාර්ඩීනියා සහ රෝස රෙදි සේදුම් කුඩු ප්‍රභේදය වෙළඳපොළට හඳුන්වා දෙයි. රෙදි සේදීමේ දී පාරිභෝගිකයා වැඩි වශයෙන්ම මුහුණ දෙන ගැටලුවලින් එකක් වන රෙදිවල ඇති අප්‍රසන්න දුර්ගන්ධයන්ට එරෙහිව සටන් කරන ඇඩ්වාන්ස්ඩ් පර්ෆියුම් තාක්ෂණයෙන් මෙම නව ප්‍රභේදය සමන්විත වේ.
සාමාන්‍ය රෙදි සේදුම් කුඩුවලින් බෙහෙවින් වෙනස් වන Diva Fresh ගාර්ඩීනියා සහ රෝස රෙදි සේදුම් කුඩු, පියවර දෙකක ක්‍රියාවලියකින් යුත් ඇඩ්වාන්ස්ඩ් පර්ෆියුම් තාක්ෂණයෙන් සමන්විතයි. එහි දී ප්‍රථම පියවර ලෙස දහඩිය, ආහාර, පාරිසරික තත්වයන් නිසා ඇති වන දුර්ගන්ධයන් හා රෙදි සේදූ පසු ඇඳුම්වල පවතින අප්‍රසන්න දුර්ගන්ධයන් ඉවත් කරන අතර, දෙවන පියවර ලෙස, දිගු කාලයක් පුරා පවතින ප්‍රබෝධමත් ගාර්ඩීනියා සහ රෝස සුගන්ධයන් ඇඳුම්වලට කාවද්දයි. මේ නිසා දුර්ගන්ධයන් ඉවත් කිරීමට වැඩිපුර වාර ගණනක් රෙදි සේදීමේ ගැටලුව සඳහා ඇඩ්වාන්ස්ඩ් පර්ෆියුම් තාක්ෂණයෙන් යුත් Diva Fresh ගාර්ඩීනියා සහ රෝස රෙදි සේදුම් කුඩු විසඳුම් සපයයි.
මෙහි ඇති සුවිශේෂී ගාර්ඩීනියා සහ රෝස මල් සුවඳ සම්මිශ්‍රණය, පාරිභෝගිකයන්ගේ ආකර්ෂණය දිනා ගැනීමට සමත් වී ඇත ලාංකේය ජනතාවට වඩාත් හුරුපුරුදු සුවඳක් පිරිනමන ගාර්ඩීනියා, පාරිභෝගිකයන්ගේ ජීවන රටාව ප්‍රබෝධමත් කරන්නේ ඔවුන් හා වඩාත් සමීප වෙමිනි. Diva විසින් ඇඩ්වාන්ස්ඩ් පර්ෆියුම් තාක්ෂණයෙන් යුත් නව Diva Fresh ගාර්ඩීනියා සහ රෝස රෙදි සෝදන කුඩු ප්‍රභේදය හඳුන්වා දීම ඔස්සේ, රෙදි සේදීම සඳහා විවිධත්වයෙන් යුත් නිෂ්පාදන නිපදවීම සඳහා නවෝත්පාදන ක්‍රමවේද භාවිත කිරීමේ සන්නාමය සතු ආචාරධර්ම Diva විසින් අනුගමනය කරන බව තවදුරටත් තහවුරු කරයි. මෙරට පාරිභෝගිකයන්ගේ ජීවන රටාවට පැහැදිලිව හඳුනා ගනිමින් ඊට ගැළපෙන නිෂ්පාදන සිදු කිරීම සඳහා Diva විසින් සිදු කරන කාර්යභාරය මෙම නව හඳුන්වා දීම තුළින් මනාව පිළිඹිබු කරයි.
හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් හි අලෙවි සාමාන්‍යාධිකාරී, ඩෙරික් ඇන්තනි මහතා, "Diva සන්නාමය පාරිභෝගිකයන්ව හොඳින් හඳුනා ගනිමින්, ඔවුන්ට වඩාත් ගැලපෙන සන්නාමයක් ලෙස, ඇඳුම්වල පවතින විවිධ දුර්ගන්ධයන් ඉවත් කිරීම පාරිභෝගිකයාට පවතින විශාල ගැටලුවක් බව අපි හඳුනා ගත්තා. නවෝත්පාදනය අතින් සෑම විටම ඉදිරියෙන් සිටින සන්නාමයක් ලෙස, පාරිභෝගිකයන්ගේ අවශ්‍යතා සපුරාලීම සඳහා අපගේ කැපවීම ඉතා වැදගත් වෙනවා. අපේ පාරිභෝගිකයන්ට මේ පෙරළිකාර නිෂ්පාදනය හඳුන්වා දීමට හැකිවීම පිළිබඳව Diva අපි සැබැවින්ම ආඩම්බර වෙනවා" යනුවෙන් අදහස් දැක්වීය.
සන්නාමයේ නවෝත්පාදී ප්‍රවේශය මෙන්ම රෙදි සේදුම් සත්කාර අංශයේ ඉදිරියෙන් සිටීමට ඇති කැපවීම තවදුරටත් තහවුරු කරමින් Diva Fresh ගාර්ඩීනියා සහ රෝස රෙදි සේදුම් කුඩු නවීන ඇසුරුම් ඔස්සේ පාරිභෝගිකයා වෙත පිරිනමයි. මෙම නව නිෂ්පාදනය වෙතින් නැවුම් සුවඳින් පිරි, පිරිසිදු බවක් ඇඳුම්වලට ලබා දෙමින් මුළු පවුලටම දීප්තියක් ලබා දෙන්නේ මවුවරුන්ගේ අභිමානය ඉහළ නංවමිනි. මෙහි ඇති ඇඩ්වාන්ස්ඩ් පර්ෆියුම් තාක්ෂණය ඇඳුම්වල දිගු කල් පවතින නැවුම් බවක් සහතික කරයි.
නව්‍ය විසඳුම් ඔස්සේ පාරිභෝගික අවශ්‍යතා සපුරාලීමට සන්නාමය දක්වන කැපවීම පිළිබඳ මෙම Diva Fresh ගාර්ඩීනියා සහ රෝස රෙදි සේදුම් කුඩු නිෂ්පාදනය සාක්ෂි දරයි. පාරිභෝගිකයන්ගේ අවශ්‍යතා සමඟ සැමවිටම ගැළපෙන සන්නාමයක් ලෙස, Diva ඔවුන්ගේ ජීවිතවල සැබෑ වෙනසක් ඇති කරන නව්‍යකරණයෙන් යුත් නිෂ්පාදන පිරිනැමීම අඛණ්ඩව සිදු කරයි.
Video Story