March, 15, 2016
ශ්‍රී ලාංකේය ආයෝජකයින්ට තම ආයෝජන තවදුරටත් විවිධාංගීකරණය කිරීමට අවස්ථාව සලසමින් Dwellings සමූහය නව ව්‍යාපෘතියක් පසුගියදා හඳුන්වා දුනි. ඒ ඕස්ට්‍රේලියාවේ Oliver Hume Property Funds ආයතනය ද සම්බන්ධ කරගනිමිනි. මෙම නව ව්‍යාපෘතිය වන්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර ෂෙල්ටෙන්හැම්හි ඉදිකෙරෙන ILIXIR නම් අධිසුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය ය. මුහුදු වෙරළට සමීපයේ එමෙන්ම අංග සම්පූර්ණ සුඛෝපභෝගීත්වයක් ගෙනෙන පරිදි නිර්මාණය වන මෙම ව්‍යාපෘතිය දැනටමත් විශාල ආකර්ෂණයකට ලක්ව තිබේ.
මෙම ව්‍යාපෘතිය පිළිබඳ දේශීය මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවක් පසුගියදා පැවැත්විණ. ඒ අනුව මාර්තු මස 19 හා 20 යන දෙදින තුළ කින්ග්ස්බරි හෝටලයේදී මෙම ව්‍යාපෘතිය පිළිබඳවත් ශ්‍රී ලාංකික ආයෝජකයින්ට ඊට ආයෝජනය කිරීමට ඇති අවස්ථාවත් ගැනත් විශේෂ වැඩසටහනක් සංවිධානය කර තිබේ. විශේෂ ආරාධිතයින් මෙන්ම මෙරට ආයෝජකයින්ද මීට එක්වීමට නියමිත ය. 19 දා ILIXIR ව්‍යාපෘතිය පිළිබඳ සම්පූර්ණ දැනුවත් කිරීමේ සැසියක් පැවැත්වෙන අතර 20 දා මුහුණට මුහුණලා ආයෝජන ගනුදෙනු සාකච්ඡා කීරීමේ අවස්ථාව සලසා තිබේ.
මෙම ආයෝජන සඳහා රුපියල් මිලියන 16ක සිට ඉහළට ඕස්ට්‍රේලියානු බැංකු වෙතින් මූල්‍යාධාර ලබාගැනීමේ ක්‍රමයක්ද සූදානම් කර තිබේ. Dwellings තම සේවාව තවදුරටත් පුළුල් කර ඇත්තේ නීති කටයුතු සඳහා එරටින් නීතීඥයෙකු ලබාදීම, ඉදිකිරීම් කළමනාකරණය, දේපළ කුලියට දීම, කළමනාකරණය හා අලෙවිය යන සේවාවන් ද ලබාදෙමිනි.
සංවර්ධන ව්‍යාපෘති සෑම අතින්ම දියත් වෙමින් තිබුණද ෂෙල්ටෙන්හැම් යනු තවමත් ස්වභාවික පරිසරය රැකගැනීම ගැන අවධානය යොමුකරන ප්‍රායෝගිකත්වයට මුල්තැන දෙන ජනතාවකගෙන් සැදුම්ලත් ප්‍රදේශයකි. ඊට හොඳින්ම ගැලපෙන ලෙස ඉදිවෙන මේ නිවාස ව්‍යාපෘතියට දායක වීමට ශ්‍රී ලාංකිකයින්ට අවස්ථාව ලැඛෙන්නේ විදේශ රටවල දේපළ කළමනාකරණය පිළිබඳ වසර ගණනාවක අත්දැකීම් සම්භාරයක් සහිත Dwellings සමූහයේ සම්බන්ධීකරණයෙන් වීම විශේෂත්වයකි.
මෙම ව්‍යාපෘතිය පිළිබඳ අදහස් දක්වමින් Dwellings සමූහයේ අධ්‍යක්ෂ තීක්ෂණ සෝමරත්න මහතා පවසන්නේ මෙවැන්නකි. “අපි ශ්‍රී ලංකාව තුළ දිගටම සාර්ථක ව්‍යාපෘති මෙහෙයවන්න අපේක්ෂා කරනවා. ඇත්තෙන්ම විදේශ ආයෝජනය සඳහා ශ්‍රී ලංකාව තුළ හොඳ වෙළෙඳපොළක් නිර්මාණය වෙමින් තිඛෙනවා. විදෙස් රටවල ආයෝජන කරලා වැඩි ලාභයක් ලංකාවට ගෙන එන්න ලාංකිකයන්ටත් මේ අනුව අවස්ථාව විවර වෙනවා“.
Dwellings යනු ඕස්ට්‍රේලියානු දේපළ සංවර්ධනය, අලෙවිය සහ අගය එකතුකිරීම සම්බන්ධයෙන් කටයුතු කරන අංග සම්පූර්ණ (One stop shop) දේපළ ආයෝජන සමාගමකි. Dwellings, උපදේශන විශිෂ්ටත්වයෙන් හා මෙහෙයුම් විශිෂ්ටත්වයෙන් වෙළෙඳපොළ ප්‍රමුඛයා වන නිසාම ආයෝජකයන්ට වටිනා ආයෝජන අවස්ථා විවර වී තිබේ.
Video Story