January, 9, 2026
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මෝටර් සමාගම වන ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඩ් (DPMC), පසුගියදා ලංකා වාණිජ මණ්ඩලය මඟින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන හොඳම ආයතනික පුරවැසි තිරසාර සම්මාන උළෙලේදී (Best Corporate Citizen Sustainability Awards) සුවිශේෂී ඇගයීමකට ලක් විය. එනම් සමාගම විසින් ක්‍රියාත්මක කර ඇති ‘e-Drive’ විද්‍යුත් කුලී රථ සේවාව වෙනුවෙන් ‘හොඳම තිරසාර ව්‍යාපෘතිය’ (Best Sustainability Project) සඳහා වන කුසලතා සහතිකයට හිමිකම් කීමට ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඩ් ආයතනයට හැකියාව ලැබිණි. මෙම ජයග්‍රහණය හරහා ශ්‍රී ලංකාවේ තිරසාර සහ නව්‍ය ප්‍රවාහන විසඳුම් සැපයීමේ ප්‍රමුඛයා ලෙස ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි සතු හැකියාව තවදුරටත් තහවුරු වී ඇත.
ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි පර්යේෂණ හා සංවර්ධන (R&D) අංශය විසින් මෙරටදීම නිපදවන ලද ‘e-Drive’ ව්‍යාපෘතියේ මූලික අරමුණ වන්නේ පෙට්‍රල් මගින් ධාවනය වන ත්‍රීරෝද රථ, පූර්ණ විදුලි ත්‍රීරෝද රථ බවට පරිවර්තනය කිරීමයි. මෙම ව්‍යාපෘතිය ආරම්භයේ සිට මේ දක්වා කොළඹ, යාපනය සහ මාතර යන ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් ‘e-Drive’ ත්‍රිරෝද රථ 58ක් ධාවනයට එක් කර තිබේ. ඒවා මඟින් සම්පූර්ණ කර ඇති පරිසර හිතකාමී කිලෝමීටර් ප්‍රමාණය මිලියන 2.35කට වඩා වැඩි බවට වාර්තා වී ඇත. මේ හරහා වායුගෝලයට එක්වන හරිතාගාර වායු (tCO₂e) ප්‍රමාණය ටොන් 156කින් පමණ අවම කිරීමටත්, පොසිල ඉන්ධන ලීටර් 102,213ක් ඉතිරි කර ගැනීමටත් මෙම සමාගමට හැකි වී තිබේ.
තවද, පාරිසරික ප්‍රතිලාභවලට අමතරව මෙම ව්‍යාපෘතිය හරහා ජීවනෝපායන් 65ක් උත්පාදනය කර දී ඇත. මෙහි ඇති සුවිශේෂීත්වය වන්නේ කාන්තා රියදුරන් සිව්දෙනෙකු සඳහා ද රැකියා අවස්ථා හිමිවී තිබීමයි. මීට අමතරව, රියදුරන් 171 දෙනෙකු සඳහා මාර්ග ආරක්ෂාව සහ වෘත්තීය ප්‍රමිතීන් පිළිබඳ විශේෂ පුහුණුවක් ලබා දීමට ද සමාගම විසින් පියවර ගෙන ඇත.
එසේම, ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි මෙම ‘e-Drive’ ව්‍යාපෘතිය එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්ක (SDGs) 10ක් සපුරාලීමට දායක වන අතර, 2040 වසර වන විට කාබන් මධ්‍යස්ථභාවය (Carbon Neutrality) ළඟා කර ගැනීමට ද මෙමඟින් හැකි බව අනුමාන කර ඇත. මේ හරහා පෙන්නුම් කරනු ලබන්නේ, සමස්ත පරිසර පද්ධතිය පිළිබඳවම අවදානයෙන් යුතුව ක්‍රියා කිරීමේ ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි සතුව පවතින දිගුකාලීන කැපවීමයි.
දශක ගණනාවක් පුරා ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඩ්, දිවයින පුරා විහිදුණු අලෙවි, සේවා සහ අමතර කොටස් ජාලයන් හරහා පාරිභෝගිකයන්ට අසමසම සේවාවක් නිරන්තරයෙන් සපයනු ලබයි. සහනදායී මිල, විශ්වාසනීයත්වය සහ ඉහළ ගුණාත්මකභාවය පෙරදැරි කරගනිමින් මෙරට මෝටර් රථ ක්ෂේත්‍රයේ නව මංපෙත් විවර කිරීමට ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි නිරන්තරයෙන් ඇපකැප වී සිටිනු ඇත.
Video Story