E-Motoring ව්‍යාපෘතියට අනුමැතිය

    July, 6, 2016

    මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහා විද්‍යුත් ලිපිගොනු කළමනාකරණ පද්ධතියක් සකස් කරගැනීම, එහි වර්තමානයේ ක්‍රියාත්මක වන වාහන ලියාපදිංචි කිරීමේ පද්ධතිය හා දත්ත පද්ධතිය වැඩිදියුණු කිරීම සහ සන්නිවේදන ජාලය වැඩිදියුණු කිරීම යන මූලිකාංග තුනක් (03) යටතේ ඉහත ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීමට අපේක්ෂා කෙරේ.

    ආර්ථික කළමනාකරණය පිළිබඳ අමාත්‍ය මණ්ඩල කාරක සභාවේ නිර්දේශය පරිදි, මෙම 'ඊ මෝටරින් ව්‍යාපෘතිය' නිමැවුම් කර, ක්‍රියාත්මක කොට භාර දීමේ (Build, Operate and Transfer) ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරීම පිණිස කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.