January, 8, 2025
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වෘත්තිය මාර්ගෝපදේශණ සහ රැකියා ප්‍රදර්ශනය වන EDEX Expo 2025 මෙම ජනවාරි 17 සිට 19 දක්වා කොළඹ BMICH හීදී සහ ජනවාරි 25 සහ 26 යන දිනවලදී මහනුවර Kandy City Centre හිදී පැවැත්වේ.
රාජකීය විද්‍යාලයීය සංගමය විසින් සංවිධානය කරන මෙම ප්‍රදර්ශනය, ශ්‍රී ලංකාවේ තරුණ පරපුරට උසස් අධ්‍යාපන, රැකියා සංවර්ධනය, පුහුණු වැඩසටහන් සහ ව්‍යවසායකත්වය සඳහා මඟ පෙන්වමින්, ගෝලීය තරඟයට සූදානම්ව යාමට අවශ්‍ය අවස්ථා සහ සම්පත් සපයන ප්‍රමුඛ වේදිකාවක් ලෙස ක්‍රියා කරයි.
EDEX Expo 2025, සිය වසර 18 ක සංවිධානාත්මක අත්දැකිම් සමගින්, ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන්ට ගෝලීය මට්ටමේ තරඟකාරීව යට මුහුණ දිය හැකි වෘත්තිව මාර්ගෝපදේශනය හා රැකියා ඉඩ ප්‍රස්ථා විවිර කර දෙන ප්‍රමුඛ වෙිදිකාවක් ලෙස සැලකිය හැකි බව එහි සංවිධායකයෝ පවසති.
"අපේ මෙහෙවර පැහැදිලියි—ශ්‍රීඑනම් ලංකාවේ තරුණ පරපුරට නව ලොවට සරිලන ආකාරයෙන් සාර්ථකත්වය උදෙසා මග පෙන්වීම අපගේ ඒකායන අරමුණයි " යනුවෙන් EDEX සභාපති මහින්ද ගලගේදර පැවසීය.
මෙම වසරේ ප්‍රදර්ශනයේ විශේෂතා අතර,
EDEX Expo 2025 හිදී, 100 කට වැඩි ආයතන සහ 20 කට වඩා ගෝලීය ආයෝජකයන්ගේ සහභාගීත්වය ලැබෙන අතර, විශේෂ ආරාධිත අමුත්තා ලෙස බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩ්‍රූ පැට්‍රික් මෙම ප්‍රදර්ශනයට සහභාගි වේ.
EDEX Secretariat වෙත 011 3091086 හෝ 076 8204975 අංකයන්ට ඇමතුම් ලබා වැඩි විස්තර දැනගත හැක.
ජනවාරි 17 සිට 19 දක්වා කොළඹ BMICH සහ ජනවාරි 25 සහ 26 දිනවලදී මහනුවර Kandy City Centre හිදී පැවැත්වෙන EDEX Expo 2025 සඳහා සහභාගී වන්න.
Video Story