EPF, සෙන්ට්‍රල් ෆිනෑන්ස් හි, ආයෝජනය ඉහළ දමයි

    April, 11, 2014

    සේවක අර්ථ සාධක අරමුදල විසින් සෙන්ට්‍රල් ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ කොටස්වල සිදුකර තිබෙන ආයෝජනය ඉහළ දමා තිබෙන බව අනාවරණය වේ.

    මේ අනුව, සේවක අර්ථ සාධක අරමුදල පවසා තිබෙන්නේ සෙන්ට්‍රල් ෆිනෑන්ස් කම්පනි පීඑල්සී විසින් නිකුත් කර තිබෙන කොටස් ප්‍රාග්ධනයෙන් සියයට 10 ක් සඳහා මේ වනවිට අරමුදල ආයෝජනය කර තිබෙන බවයි.