EPSI Technology සමාගම MyDeal.lk සහ MyStore.lk සමග අත්වැල් බැඳගනී

    March, 15, 2016

    මෙරට ප්‍රධාන පෙළේ විද්‍යුත් වා‚ජ්‍ය වෙබ් අඩවි ලෙස සැලකෙන MyDeal.lk සහ MyStore.lk සමග අත්වැල් බැඳගැනීමට EPSI Technology සමාගම පසුගියදා කටයුතු කළේ ය. ඒ අනුව මින් ඉදිරියට ලොව සුප්‍රකට Asus සහ ViewSonic වැනි සන්නාම යටතේ එන ටැබ්ලට්, නෝට්බුක්, ඩෙස්ක්ටොප් පරිගණක, ප්‍රොජෙක්ටර්, මොනිටර්, මදර්බෝඩ්, ග්‍රැෆික් කාඩ් සහ නෙට්වර්කින් නිෂ්පාදන වැනි නිෂ්පාදන රාශියක් එම වෙබ් අඩවි හරහා අලෙවි කෙරෙනු ඇත.

    “MyDeal.lk iy MyStore.lk සමග අත්වැල් බැඳගැනීම නිසා අපට වඩාත් පුළුල් පාරිභෝගික පිරිසක් වෙතට සමීප වන්නට හැකිවේවි කියා අප විශ්වාස කරනවා. මේ වනවිට අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ මිලදීගැනීම ඛෙහෙවින් ජනප්‍රිය වෙමින් තිඛෙන බව දකින්නට පුළුවන්. දැනටමත් MyDeal.lk සහ MyStore.lk හි අලෙවි වන උසස් තලයේ භාණ්ඩ අතරට අපගේ තොරතුරු තාක්ෂණ නිෂ්පාදන එකතුවත් ඇතුළත් කිරීමට ලැබීම අපට විශාල සතුටක්. මේ හවුල්කාරීත්වය නිසා රට පුරාම විසිරී සිටින, තොරතුරු තාක්ෂණය ගැන උනන්දුවක් දක්වන පාරිභෝගිකයන්ට උසස් තත්ත්වයේ නිෂ්පාදන වඩාත් පහසුවෙන් මිලදීගැනීමට හැකිවේවි.“ EPSI Technology සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී නිරන්ජන් කනගසූරියම් මහතා පැවසී ය.

    “EPSI Technology වැනි, විශාල පිළිගැනීමක් සහිත සමාගමක් සමග අත්වැල් බැ`දගනීමට හැකිවීම අපට ඉමහත් සතුටක්. ඔවුන්ගේ මෙන්ම අපේත් අරමුණ පාරිභෝගිකයන්ට විශිෂ්ටතම භාණ්ඩ හා සේවාවන් තිළිණ කිරීමයි. අපත් සමග හවුල්කාරීත්වයකට එළඹීම නිසා ඔවුන්ට වෙළඳපොළ වඩාත් පුළුල් ලෙස ආවරණය කිරීමට හැකිවේවි. එය ඔවුන්ගේ පාරිභෝගිකයන්ටත් විශාල පහසුවක් වනු ඇති බවට සැකයක් නැහැ.“ MyDeal.lk හි ප්‍රධාන විධායක නිලධාරී කුමාර් මෙල්වානි මහතා පැවසී ය.

    EPSI Technology (පුද්.) සමාගම යනු පරිගණක හා තොරතුරු තාක්ෂණ විසඳුම් සැපයීම අතින් පෙරමුණේ පසුවන සමාගමකි. මේ වනවිට තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය තුළ දශක දෙකකට වැඩි කාලයක් අත්දැකීම් ලබා ඇති එම සමාගම Asus සහ ViewSonic වැනි ලෝ ප්‍රකට සමාගම් සමග හවුල්කාරීත්වයන්ටද එළඹී ඇත. උසස්ම තාක්ෂණයෙන් හා ප්‍රමිතියෙන් යුත් නිෂ්පාදන පාරිභෝගිකයන්ට සමීප කරවන එම සමාගම විශිෂ්ට මට්ටමේ අලෙවි සේවාවක් සහ අලෙවියෙන් පසු සහය සේවාවක්ද පවත්වාගෙන යයි. සිය ව්‍යාපාරයේ සෑම අංශයක් සඳහා ජාත්‍යන්තර තලයේ ක්‍රමවේදයන් භාවිතයට ගෙන තිබීම සමාගමේ විශේෂත්වයකි.

    2011 වසරේදී ආරම්භ කරන ලද MyDeal.lk මේ වනවිට ශ්‍රී ලාංකිකයන් අතර ඛෙහෙවින් ජනප්‍රිය ය. වර්තමානයේ ඊට දිනකට පිවිසෙන සංඛ්‍යාව 12,000 ඉක්මවන අතර එහි ෆෙස්බුක් පිටුවට එක්වී සිටින රසිකයන් පිරිස 193,000 ඉක්මවයි. වෙළඳුන්, හවුල්කරුවන් සහ පාරිභෝගිකයන් ඇතුළු සියල්ලන්ටම ප්‍රතිලාභ සැලසෙන ක්‍රමවේද ක්‍රියාත්මක වීම නිසා තරගකරුවන් අභිබවා මෙරට විද්‍යුත් වාණිජකරණ ලොවේ පෙරටම පැමිණීමට MyDeal.lk සමත් වී ඇත. MyStore.lk ද ඛෙහෙවින් ජනප්‍රිය විද්‍යුත් වා‚ජ වෙබ් අඩවියක් වන අතර ඉලෙක්ට්‍රොනික භාණ්ඩ සහ ගෘහ භාණ්ඩ ඇතුළුව උසස් ප්‍රමිතියෙන් යුත් නිෂ්පාදන වර්ග 8,000 ක් පමණ එහි අලෙවිය සඳහා පළකර තිබේ.


    ඡායාරූපය (වමේ සිට): EPSI Technology සමාගමේ පද්ධති නිෂ්පාදන කළමනාකරු චානක ද මෙල්, එහි උපාංග නිෂ්පාදන කළමනාකරු දිනේෂ් කුමාර්, ප්‍රධාන විධායක නිලධාරී නිරන්ජන් කනගසූරියම්, MyDeal.lk හි ප්‍රධාන විධායක නිලධාරී කුමාර් මෙල්වානි සහ එහි ප්‍රධාන සන්නිවේදන නිලධාරී තුෂාන් ජයරත්න යන මහත්වරුන්