December, 6, 2023
යෝජිත ඉන්දියා - ශ්‍රී ලංකා ආර්ථික හා තාක්ෂණ සහයෝගීතා ගිවිසුම (ETCA) සම්බන්ධයෙන් වන 12 වැනි වටයේ සාකච්ඡා 2023-10-30 දින සිට 2023-11-01 දින දක්වා කොළඹදී පවත්වනු ලැබ ඇති අතර එහිදී අදාළ ක්ෂේත්‍රයන් කිහිපයක් සම්බන්ධයෙන්ම දෙපාර්ශ්වයේ ක්‍රියාකාරී කණ්ඩායම් විසින් එකඟතාවන්ට පැමිණ ඇත.
යෝජිත ගිවිසුම සම්බන්ධයෙන් වන 13 වන සාකච්ඡා වටය 2024-01-08 දින සිට 2024-01-10 දින දක්වා ඉන්දියාවේදී පැවැත්වීමටත්, 2024 මාර්තු මාසය වන විට තාක්ෂණික මට්ටමේ සාකච්ඡා අවසන් කිරීමටත් දෙපාර්ශවය එකඟ වී ඇත.
12 වැනි වටයේ සාකච්ඡා සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කරන ලද තොරතුරු අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගන්නා ලදී.
Video Story