February, 18, 2016
ශ්‍රී ලංකාව තුළ තවමත් අන්තර්ජාලය පාදක වෙමින් රැකියා ඇබෑර්තු සඳහා බඳවා ගැනීම මෙන්ම ඇබෑර්තු සොයා ගැනීමද ගැටළු මතු කරන ක්‍රමවේදයකි. මෙය දීර්ඝ කාලයක් තිස්සේ ශ්‍රී ලාංකීය රැකියා නියුක්තිකයන් හට බොහෝ කරුණු අතින් බාධාවක්ව පැවති බව නොරහසකි. කෙසේවෙතත්, මෙහිදී අවධානය යොමු කළ යුතු වැදගත් කාරණයක් නම්, අන්තර්ජාලය පාදක කොට ගනිමින් පුරප්පාඩු පිරවීම සඳහා වැය වන්නේ සාමාන්‍ය ක්‍රමවේදය සඳහා වැය වන මුදලින් 10% ක් වැනි සුළු මුදලක් වීම ඉතා වැදගත්ය.
ශ්‍රී ලංකාව තුළ මෙහෙයුම් අරඹා ගත වූ වසරක කාලය තුළ දිවයිනේ වැඩිම වේගයකින් වර්ධනය වෙමින් පවතින රැකියා සේවා පසුතලය වශයෙන් අන්තර්ජාලය පදනම් කරගනිමින් රැකියා අවස්ථා සැලසීම මෙන්ම හොඳම අයැදුම්කරුවන් සොයා ගැනීම අරබයාද everjobs.lk වෙතින් ඉටු වී ඇත්තේ පෙරළිකාර මෙහෙවරක් බව කිව මනාය. දැනට ලියාපදිංචි වී සිටින 35,000 කට අධික රැකියා සොයන්නන් පිරිසක් සහ 2,500 කට අධික සේවා යෝජකයින් පිරිසක් සහිත everjobs.lk විසින් ශ්‍රී ලංකාව තුළ ඇති වැඩිම ඉල්ලූමක් ඇති සුපිරි ආයතන සහ හො`දම සුදුසුකම්වලින් පිරිපුන් අයැදුම්කරුවන් බලකායක් එකිනෙක හා යා කිරීමට විශාල කාර්යභාරයක් ඉටු කරනු ලැබ ඇත. මෙය, සේවකයන් බඳවා ගැනීම සඳහා ඉතාම අඩු පිරිවැයක් ගත වන සාර්ථක ක්‍රමයකි.
එවර්ජොබ්ස් ශ්‍රී ලංකා කළමනාකරණ අධ්‍යකෂ හා ශ්‍රී ලංකා කළමනාකාර ෆීලික්ස් ලීනෝ මහතාට අනුව, ‘2015/2016 කාලය තුළදී පරිශීලකයන් මිලියන භාගයකට පමණ අධික පිරිසක් මෙම වෙබ් අඩවිය වෙත ආකර්ෂණය වී ඇත‘. වැඩිදුර අදහස් පළ කරමින් ඒ මහතා මෙසේද සඳහන් කළේය: “මේ නිසා ශ්‍රී ලංකා රැකියා වෙළඳපොළ තුළ ඉතාම ශක්තිමත් ලෙස ස්ථාපිත වන්නට අපට හැකි වුණා. අපගේ වෙබ් අඩවිය වෙත පිවිසුණු පරීශීලකයන් පිළිබඳ දත්ත මගින් මනාව පෙනී යන පරිදි, පසුගිය ඉතාම කෙටි කාලය ඇතුළත පවා ශ්‍රී ලංකාවේ රුකියා සොයන දහස් ගණනකගේ වෘත්තීය කළමනාකරණයෙහි වෙන් කළ නොහැකි කොටස්කරුවෙකු බවට පත් වන්නට අප ආයතනයට හැකිව තිඛෙනවා“.
“වර්ධනය වී ඇති රැකියා වෙළඳපොළ මගින් තොරතුරු තාකෂණ, බැංකුකරණ, මූල්‍ය සේවා, ඇඟළුම්, අධ්‍යාපන, විදුලිසංදේශන සහ සෞඛ්‍යාරකෂණ යන අංශ ආශ්‍රිත සුභවාදී ප්‍රවණතා ඇති කර තිඛෙනවා. everjobs.lk වෘත්තීය සමීකෂණය වාර්තා කරන ආකාරයට 2015 ජූලි/අගෝස්තු කාලය තුළ අන්තර්ජාලය පාදක කරගනිමින් රැකියා සඳහා බඳවා ගැනීම පෙර නොවූ විරූ තරමින් ඉහළ ගොස් තිඛෙනවා. 2016 වසරේදී රජය විසින් යෝජනා කර ඇති ප්‍රතිසංස්කරණ බොහොමයක ප්‍රතිඵල උදාකර ගැනීමට අප බලාපොරොත්තු වනවා. මේ අතරම, නව ව්‍යාපාරික මාවත් සොයා යාමට පුද්ගලයින් පොළඹවනු ලබන වෘත්තීය පරිසරයක් දක්නට ලැබීමද බලාපොරොත්තු දල්වාලන්නක්. පෞද්ගලික අංශයේ රැකියා ඇබෑර්තු සඳහා බඳවා ගැනීමේ කටයුතුවලට අදාළ සුවිශාල භූමිකාවක නිරත වී සිටින එවර්ජොබ්ස් ආයතනය ශ්‍රී ලංකාවේ කුඩා නගර හා ගම්බද ප්‍රදේශ වෙතද රැකියා අවස්ථා ව්‍යාප්ත කරමින් සුළු හා මධ්‍ය පරිමාණ අංශ තවදුරටත් සවිමත් කිරීමට සැලසුම් කර ඇත“ බවද ඒ මහතා සඳහන් කළේය.
මෑතකදී ආසියානු කලාපයේ එවර්ජොබ්ස් ප්‍රධාන විධායක නිලධාරී තනතුර සඳහා ගිජ්ස් වර්හයික් මහතා පත් කරනු ලැබීය. ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, මියන්මාරය හා කාම්බෝජය යන රටවල ව්‍යාපාරික කටයුතු ඉහළ නැංවීම සඳහා උපායමාර්ගික මගපෙන්වීම ලබා දීමට අමතරව වැදගත් දෛනික කළමනාකරණ තීරණ ගැනීම සම්බන්ධයෙන් ඒ මහතා වගකීම දරයි.
වර්හයික් මහතා පළ කළ ඇතැම් අදහස් මෙසේය: “ලෝකයේ ඉතාම ආකර්ෂණීය මෙන්ම නැගී එන ආර්ථීකයන් තුළ අප මේ වන විටත් සක්‍රිය ලෙස කටයුතු කිරීම අරඹා අවසන්. අපගේ මූලික අරමුණ වන්නේ එම ආර්ථීකයන් සහ වෙළඳපොළවල් තුළ සාර්ථක ලෙස වර්ධනය වීම පමණක් නොව ඒ ඒ රටවල සංවර්ධන කටයුතු සඳහාද කැපී පෙනෙන දායකත්වයක් දැක්විය හැකි තැනට ළඟා වීමයි. ඉතාම සරල එහෙත් සාර්ථක වෘත්තීය අවස්ථා පසුතලයක් සැපයීම තුළින් රුකියා නියුක්තිකයන් සහ වෘත්තිකයන් යන දෙපිරිසම වෙනුවෙන් මෙතෙක් පැවති තත්ත්වය වෙනස් කිරීමට අපට හැකි වී තිඛෙනවා. මේ නිසා ඉතාම සුදුසු රැකියාවක් සොයා ගැනීම දැන් පෙරට වඩා අතිශයින් පහසු වී තිඛෙනවා“.
Video Story