January, 21, 2026
ශ්‍රී ලංකාවේ විද්‍යුත් වාහන ගමනාගමනයෙහි ප්රමුඛයෙකු වන Evolution Auto, මෙරට විද්‍යුත් වාහන ක්ෂේත්රය තුළ සිය ස්ථාවරය යළිත් තහවුරු කර තිබේ. ශ්‍රී ලංකාවේ වෙළඳපොළේ ඇති පුළුල්තම සහ විවිධාංගීකරණයකින් යුත් විද්‍යුත් වාහන පෙළ සමඟින් 2026 වසරේ විද්‍යුත් වාහන ගමනාගමනයේ පෙරළිකාර වෙනසක් ඇති කිරීම සඳහා Evolution Auto පූර්ණ සූදානමකින් පසු වේ.
සුඛෝපභෝගී, ප්‍රිමියම්, පවුලේ භාවිතය සඳහා වන වාහන, වාණිජ සහ උපයෝගිතා අංශ ආවරණය වන පරිදි සම්පූර්ණ විද්‍යුත් වාහන පෙළක් සමඟින්, තනි පාරිභෝගිකයින්ගේ මෙන්ම මහා පරිමාණ ව්‍යාපාරික අවශ්‍යතා ද සපුරාලමින්, පිරිසිදු හා වඩාත් තිරසාර ගමනාගමනයක් කරා රට වේගයෙන් ගමන් කරන මෙම අවස්ථාවේ දී, Evolution Auto සිය නායකත්වය අඛණ්ඩව ලබා දෙයි. Evolution Auto හි වාහන එකතුවට දැනට ලොව දියුණුතම සහ ගෝලීය වශයෙන් පිළිගත් විද්‍යුත් වාහන සන්නාම කිහිපයක් ඇතුළත් වන බැවින්, ශ්‍රී ලංකාවේ දියුණු වන ගමනාගමන අවශ්‍යතා සඳහා අනාගතයට සූදානම් හවුල්කරුවෙකු ලෙස සමාගම ස්ථානගත වී ඇත.
Evolution Auto විසින් AVATR 11, IM6 සහ IM5, XPENG G6, Riddara Active සහ Riddara RD6, King Long Kingwin+ සහ KYC V7 ඇතුළු වාහන මාදිලි 8ක් පිරිනමනු ලබයි. මෙයට SUV රථ, Smart crossovers, Sedan රථ, විද්‍යුත් වෑන් රථ සහ පිකප් රථ ඇතුළත් වේ. මෙම විවිධාංගීකරණය මගින් ශ්‍රී ලංකාවේ විද්‍යුත් ගමනාගමනය විවිධ කර්මාන්ත සහ ජීවන රටාවන් හරහා ප්‍රායෝගික, ප්‍රවේශ විය හැකි සහ ව්‍යාප්ත කළ හැකි අංගයක් බවට පත් කිරීම වෙනුවෙන් සමාගම දරන කැපවීම ඉස්මතු කරයි.
තවද, මෙම ශක්තිමත් ප්‍රගතිය හුදෙක් තවත් එක් සන්ධිස්ථානයක් පමණක් නොව අඛණ්ඩ ගමනක කොටසක් බව Evolution Auto අවධාරණය කරයි. ශ්‍රී ලංකාවේ විද්‍යුත් වාහන පරිසර පද්ධතියට දීර්ඝකාලීනව කැපවීම තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා, 2026 වසර තුළ තවත් ගෝලීය විද්‍යුත් වාහන මාදිලි හඳුන්වා දීමටත්, නව වාහන අංශ වෙත ප්‍රවේශ වීමටත් පැහැදිලි සහ සංවිධානාත්මක සැලසුම් සමාගම සතු වේ.
Evolution Auto හි සුඛෝපභෝගී වාහන අලෙවි අංශයේ ප්‍රධානී සර්හාන් ප්‍රනාන්දු මහතා, "අපගේ දැක්ම විද්‍යුත් වාහන හඳුන්වා දීමෙන් පමණක් සීමා නොවේ. 2026 සහ ඉන් පසුවටත් ශ්‍රී ලංකාවේ ගමනාගමනය කෙබඳු විය යුතුද යන්න හැඩගැස්වීම කෙරෙහි අපි අවධානය යොමු කර තිබෙනවා. රටේ වඩාත්ම පුළුල් විද්‍යුත් වාහන එකතුව ලබා දීමෙන්, සුඛෝපභෝගී වාහන, පවුලේ ප්‍රවාහනය හෝ සැපයුම් සේවා වශයෙන් අපි පාරිභෝගිකයින්ට සහ ව්‍යාපාරවලට විශ්වාසනීය සහ අඛණ්ඩ පැවැත්මක් ලබා දෙනවා. මෙසේ Evolution Auto ශ්‍රී ලංකාව සඳහා තිරසාර සහ අනාගතයට සූදානම් විද්‍යුත් වාහන පද්ධතියක් නිර්මාණය කරමින් සිටියි." යනුවෙන් සිය අදහස් දැක්වීය.
නිෂ්පාදන විවිධත්වයට අමතරව, Evolution Auto හි නායකත්වය ශක්තිමත් වන්නේ එහි මෙහෙයුම් හැකියාවන්, අලෙවියෙන් පසු සේවා කෙරෙහි දක්වන විශේෂ අවධානය, සහ ගෝලීය විද්‍යුත් වාහන නිෂ්පාදකයින් සමඟ ඇති විශ්වාසනීය සහයෝගීතාවයන් මතය. මෙය පාරිභෝගිකයින්ට නවීන තාක්ෂණයෙන් සමන්විත වාහන පමණක් නොව, දිගුකාලීන විශ්වාසය, ශක්තිමත් සේවා සහාය සහ සිතට සාමය ලබා දෙමින් දිවයින පුරා විද්‍යුත් වාහන භාවිතය වේගවත් කිරීමට අත්‍යවශ්‍ය සාධක සපයන බව සහතික කරයි.
ශක්තිමත් සන්නාම එකතුවක්, සහ විද්‍යුත් ගමනාගමනය සඳහා දීර්ඝකාලීන දැක්මක් සමඟින් Evolution Auto, ශ්‍රී ලංකාවේ ආරක්ෂිතම සහ අනාගතය සඳහා සූදානම් විද්‍යුත් වාහන සහකරු ලෙස ස්ථාපිත වී ඇත.
වැඩි විස්තර සඳහා www.evolutionauto.lk වෙත පිවිසෙන්න, හෝ 0777 553 355 අංකය අමතන්න.
Video Story