Exclusive- පිටත වටරවුම් මාර්ගයේ කඩුවෙල-කඩවත කොටස විවෘත කරන දිනය මෙන්න!

    June, 24, 2015

    දකුණු අධිවේගී මාර්ගයට කොට්ටාවේදී සම්බන්ධ වන පිටත වටරවුම් මාර්ගයේ පසුගිය රජය විසින් වැඩ ආරම්භ කළ දෙවන අදියර වන කඩුවෙල සිට කඩවත දක්වා කිලෝ මීටර් 8.9 ක කොටසේ වැඩ නිමකර මේ ජුනි 30 වනදා ජනතා අයිතියට පත්කිරීමට රජය සූදානම් වනබව අප වෙත අනාවරණය වේ.

    මෙම මාර්ගයේ තෙවන අදියර වන කඩවත සිට කෙරවලපිටිය දක්වා කිලෝ මීටර් 9.32 ක් වන කොටසේ වැඩ ආරම්භ කිරීමට නියමිතව ඇත.
    පිටත වටරවුම් මාර්ගයේ තෙවන අදියර ඉදිකිරීමේ ප්‍රධාන කොන්ත්‍රාත්කාර සමාගම වන Metallurgical Corporation of China Ltd.(MCC) හි, ප්‍රකාශකයෙකු උපුටා දක්වමින් මෙරට චීන තානාපති කාර්යාලය පසුගියදා සඳහන් කළේ ව්‍යාපෘතියේ පිරිවැය ඉහළ ගොස් ඇතැයි එල්ලවන චෝදනා අසත්‍ය බවයි.

    මෙම මාර්ගයේ තෙවන කොටස සම්පූර්ණ කිරීමෙන් පසුව දකුණු අධිවේගී මාර්ගය ඔස්සේ පැමිණෙන්නෙකුට කෙලින්ම කටුනායක දක්වාම ගමන් කළ හැකියි.

    පිටත වටරවුම් මාර්ගයේ සම්පූර්ණ දුර ප්‍රමාණය කිලෝ මීටර් 29.1 කි.