Fentons ලිමිටඩ් හි 75% ක කොටස් අයිතිය හේලීස් අත්පත් කර ගනී

    March, 15, 2016

    හේලීස් පීඑල්සී විසින් Fentons ලිමිටඩ් හි 75% ක කොටස් ප්‍රමාණයක් අත්පත් කර ගෙන ඇති බව කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දී තිබේ. මේ සඳහා හේලීස් පීඑල්සී විසින් ආයෝජනය කර ඇති මුදල රුපියල් මිලියන 963 කි.

    1921 වසරේ දී ඇරඹි Fentons ලිමිටඩ්, ගොඩනැගිලි පද්ධති හා තොරතුරු තාක්ෂණ යටිතලපහසුකම් සඳහා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු සේවාවන් සපයන සමාගමකි.