December, 16, 2019
ශ්‍රී ලංකාවේ වඩාත්ම පාරිභෝගික හිතකාමී බැංකුව වන හැටන් නැෂනල් බැංකුව ප්රමුඛ පෙළේ ඔන්ලයින් සංචාරක හවුල්කරුවකු වන findmyfare'com සමග ඇතිකර තිබෙන හවුල්කාරිත්වයට අනුව දේශීය සංචාරකයින් හට විශේෂ දීමනා සහ වරප්‍රසාද භුක්ති විඳීමේ හැකියාව දැන් උදා වී තිබේ.
දෙසැමබර් 31 වනදා දක්වා වලංගු මෙම දීමනාව යටතේ HNB ක්‍රෙඩිට් කාඞ්පත් හිමියන්ට ගුවන් ටිකට්පත් සඳහා 100 % දක්වා වට්ටම් ලබා ගැනීමටත් මාස 12 සිට 24 දක්වා පොලි රහිතව වාරික සැළසුම් ලබා ගැනීමේත් හැකියාව පවතී.
මේ පිලිබඳ අදහස් දක්වන හැටන් නැෂනල් බැංකුවේ කාඞ්පත් ප්‍රධානි ගෞතමි නෙරංජන් මිය ‘‘ශ්‍රී ලංකාවෙන් සංචාරය සඳහා පිටත්ව යන පිරිස වාර්ෂිකව 12.5% අනුපාතයකින් වර්ධනය වන අතර ඉන් පෙනී යන්නේ බොහෝ ශ්‍රී ලාංකිකයින් වර්තමානයේ ශ්‍රී ලංකාවෙන් පිටත සංචාරය සඳහා උනන්දුවක් දක්වන බවයි. එනිසා ලෝකය පුර සංචාරය කිරීමට කැමති අපගේ හැටන් නැෂනල් පාරිභෝගිකයන්ට වඩාත් ප්රතිලාභ ලබා දිය හැකි පිළිගත් සංචාරක ආයතනයක් සමග අපට හවුල් වීමට ලැබීමට ඇත්තෙන්ම සතුටක් ” යැයි පවසයි.
මෙම ප්‍රවර්ධනය ඔන්ලයින් එසේත් නැතිනම් මාර්ගගත වෙන් කිරීම් සඳහා පමණක් අදාළ වන අතර තනි සංචාරකයින්ට ටිකට් පතේ මූලික ගාස්තුවෙන් 20 %ක් දක්වා වට්ටම් ලබා ගත හැකි අතර ලබා ගත හැකි උපරිමය රුපියල් 100000 කි.
සංචාරකයින් හතර දෙනෙකුට වඩා වැඩි පිරිසකට 100 % ක වට්ටමක් හිමිවන අතර සංචාරකයින් දෙදෙනෙකු සහ තිදෙනෙකුගෙන් යුත් කණ්ඩායම්වලට පිළිවෙලින් 45% සහ 70% ක වට්ටම් හිමි වෙයි.
මෙම සුවිශේෂී දීමනා ලබා ගැනීම සඳහා හැටන් නැෂනල් බැංකු පාරිභෝගිකයන්ට අවශ්‍ය වනුයේ‘HNBFLYFREE’ ප්‍රවර්ධන කේතය පමණි.මෙම වට්ටම් ලබා දෙනුයේ ගුවන් ටිකට් පතේ මූලික ගාස්තුවට පමණක් වන අතර බදු සහ අධිභාර මේ සඳහා ඇතුළත් නොවේ.
කාඞ්පත් හිමියන්ට මෙම දීමනාව පිළිබඳ වැඩිදුර තොරතුරු HNB findmyfare'com වෙතින් හෝ දුරකථන අංක 011 - 7247365 ඇමතීමෙන් ලබා ගත හැකිය.
findmyfare.com යනු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සංචාරක විසඳුම් ලබා දෙන වෙබ් අඩවියක් වන අතර ලොව ප්රමුඛ පෙළේ ජාත්‍යන්තර ගුවන් සමාගම් සහ ලොව පුරා හෝටල් 150,000 කට අධික සංඛ්‍යාවක් සමඟ කටයුතු කරමින් පාරිභෝගිකයින්ට සුවිශේෂී දීමනා සහ වට්ටම් ලබාදෙයි.
හැටන් නැෂනල් බැංකුව ශ්‍රී ලංකාවේ ඉහළ පෙළේ සමාගම් අතර අංක එකේ ව්‍යාපාරික ආයතනය ලෙස බිස්නස් ටුඬේ ව්‍යාපාරික සඟරාව මගින් මෙම වසරේදී නම් කරන ලදී. එසේම වසර ගණනාවක් පුර හැටන් නැෂනල් බැංකුව සමස්ත බැංකු ක්ෂේත්රය තුළ පෙන්වු සාර්ථකත්වය වෙනුවෙන් තවත් සම්මාන රැසකින් පිදුම් ලබා ඇත. ඒෂියන් බෑන්කර් සඟරාව මගින් පිරිනැමූ ශ්‍රී ලංකාවේ හොඳම කළමනාකරණය සහිත බැකුව, යුරෝමනි සඟරාව මගින් අඛණ්ඩව තුන්වන වරටත් ශ්‍රී ලංකාවේ හොඳම බැංකුව ලෙස තෝරාගැනීම, බෑන්කර් සඟරාව මගින් ලෝකයේ හොඳම බැංකු 1000 අතරට තෝරා පත් කරගැනීම, LMD සඟරාව මගින් Top 100 Club සඳහා නම් කිරීම මෙන්ම හැටන් නැෂනල් බැංකුවේ කළමනාකාර අධ්යක්ෂ සහ ප්‍රධාන විධායක් නිලධාරී ජොනතන් අලස් මහතා‘CEO Leadership Achievement’ සම්මානය මගින් පිදුම් ලැබීම හැටන් නැෂනල් බැංකුවේ සාර්ථකත්වයට දිය හැකි හොඳම උදාහරණ වේ.
මීට අතිරේකව තවත් සම්මාන රාශියක් දිනා ඇති හැටන් නැෂනල් බැංකුව යුරෝමනි සඟරාව මගින් ශ්‍රී ලංකාවේ හොඳම බැංකුව ලෙස අඛණ්ඩව තුන්වන වරටත් නම් කරන ලද අතර ,එක්සත් රාජධානියේ ප්‍රමුඛතම බැංකු සඟරාවක් වන ද බෑන්කර් සඟරාව මගින් ලෝකයේ හොඳම බැංකු 1000 අතරට ද නම් කෙරිණි.