December, 11, 2015
සුඵ හා විශාල ප්‍රමාණයේ ණය අවශ්‍යතා සඳහා දිනෙන් දින වැඩිවෙන ඉල්ලුම සපුරාලීමේ අරමුණෙන් යුතුව, ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට අපූරු ණය සම්පාදන ආයතනයක් Findmyloan (Pvt) Ltd නමින් දියත් කිරිම පසුගියදා සිදුවූ අතර, එය ශ්‍රී ලංකාවේ ආරම්භ කළ එම ආකාරයේ ප්‍රථම හා එකම ව්‍යාපාරික සේවාව වීම විශේෂත්වයකි. මෙය සම්පූර්ණයෙන්ම අන්තර්ජාලය ආශ්‍රිතව ක්‍රියාත්මක වෙන "ඔන්ලයින්" ව්‍යාපාරික ආයතනයක් වන අතර, ගනුදෙනුකරුවන්ගේ අවශ්යතාවන්ටම ප්‍රමුඛත්වය ලබාදෙන ලෙස සකස්කර, අන්තර්ජාලය ආශ්‍රිතව ක්‍රියාත්මක කරන නිසා උපරිම කාර්යක්ෂම හා ක්ෂණිකව ප්‍රතිචාර දැක්විය හැකි සේ නිර්මාණය කර ඇත.
අනුබද්ධ අලෙවිකරණය පදනම් කරගත් මෙම අපූරු තාක්ෂණික ක්‍රමවේදය, තමන් සමග ලියාපදිංචි වී සිටින ගනුදෙනුකරුවන්ගේ දත්ත ඇසුරෙන් ඉතා සියුම් ලෙස තෝරාගැනීමටත්, වඩාත් සුදුසු මූල්‍ය සම්පාදක ආයතනය තෝරාගැනීමට හැකිවන සේ මූල්‍ය සේවා ආයතන විකල්ප අවස්ථා ඉදිරරිපත් කිරරීමත් සිදුකරයි. එ අනුව, ණය අයදුම්කරන පාර්ශවය හා ණය සම්පාදක ආයතනය අතර පාලමක් සේ ක්‍රියාකරමින්, ණය ලබාගැනීමට කාර්යාලයක් වෙත යාම වෙනුවට අන්තර්ජාලය ඔස්සේ උපරිම කාර්යක්ෂම, වේගවත්, නිරවද්‍ය හා සැණෙකින් ප්‍රතිචාර දක්වමින්, ණයක්, කල්බද්දක් (ලීසිං) හෝ කුලීපිට ගැණුම් (හයර් පර්චස්) ගනුදෙනුවක් කිරරීමට මෙමගින් අවස්ථාව උදාවී ඇත.
මෙම ආයතනය ආරම්භ කිරරීම පිටුපස රැදුන හේතුව ගැන සඳහන් කරමින්, Findmyloan (Pvt) Ltd ආයතනයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී තිලාන් කුළතිලක මහතා ප්රකාශකරන්නේ, "...මේක එක්තරා ආකාරයකට සිහින සැබෑ කිරරීමක්. පුද්ගලික ණයක්, නිවාස ණයක් හෝ ව්‍යාපාරික ණයක් ආදී මේ ඕනැම ආකාරයේ මූල්‍ය අවශ්‍යතාවක් තියන අයෙකුගේ අවශ්‍යතාව අපට හොඳට තේරෙනවා. මේ අවශ්‍යතාව හොඳින්ම තේරෙන නිසා තමයි, අපි මේ වගේ නව්‍ය වෘත්තීයමය උපදේශන සේවා විසදුමක් ශ්‍රී ලංකාවට හදුන්වාදෙන්න තීරණය කළේ..."
"...මේ අතිනවීන වෙනස්කම, නව්‍යකරණයේ අලුත් පිටුවක් වගේම, පෞරුෂයෙන්, අධ්‍යාපනික පසුබිමෙන් හා රැකියා තරාතිරමෙන් පෙර පරපුරට වඩා ගව්ගණනක් ඉදිරියට ගිය - තාක්ෂණයේ පහසින් ලෝකය තමන්ගේ අතට ගන්නා නූතන තරුණ පරපුර ඉලක්ක කරගෙන ක්‍රියාත්මක කරන්නක්..." Findmyloan (Pvt) Ltd ප්‍රධාන මෙහෙයුම් නිලධාරී තිලාන් කුළතිලක මහතා තවදුරටත් ප්‍රකාශක කරයි.
ශ්‍රී ලංකාවේ ප්රමුඛපෙළේ බැංකු, මූල්‍ය ආයතන සමග අත්වැල් බැඳගෙන ඇති Findmyloan (Pvt) Ltd ආයතනය, තමන් සමග ලියාපදිංචි වන ගනුදෙනුකරුවන්ට ඉතා වේගවත්, අඩු පිරිවැයකින් යුතු, මූල්‍ය සේවා විසදුම් ලබාදීමට අතිනවීන තාක්ෂණය භාවිතාකරන්නේ එමගින් නූතන ලෝකයේ අවශ්‍යතාවන්ට මනාව ගැළපෙන සේවා ලබාදීමේ අරමුණෙනි. ජාත්‍යන්තර තත්ත්වයේ අතිනවීන තාක්ෂණය භාවිතා කළත්, දේශීය අවශ්‍යතාවන්ට ගැළපෙන සේ එම සේවා ලබාදීමට ඔවුන් කටයුතු කර තිබීම ප්‍රශංසනීයයි.
ව්‍යාපාරය පුළුල්කිරීමට, හිතේ ඇති සිහින නිවස ඉදිකිරීමට, අධ්‍යාපනික ඉලක්ක හඹායාමට, කැමතිම වාහනය මිලටගැනීමට හෝ නොඑසේනම් හිතේ ඇති පුංචි පුංචි සිහින සැබෑකරගැනීමට... ඔබේ අරමුණ මේ කුමක් වුවද, Findmyloan (Pvt) Ltd හි අරමුණ ඔබ එ අරමුණ කරා ගෙනයාමයි.
ඔබේ අවශ්‍යතාවට සරිලන මූල්‍ය සේවා සම්පාදක ආයතනය තෝරාගැනීම මගින්, අන්තර්ජාලය ඔස්සේ ගනුදෙනුකරද්දී ඔබේ විශ්වාසය හා කාර්යක්ෂමතාව ඉහළයන අතර, මූල්‍ය සේවා සම්පාදක ආයතනවලටත් ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතාවන්ට හරියටම හරියන විසදුම් ලබාදීමට, අයදුම්කිරීම් ණය හා අත්තිකාරම් බවට පත්කිරරීමේ වගකීම ඉටුකිරරීමට නිතැතින්ම සිදුවේ.
මෙම අන්තර්ජාලය පදනම් කරගත් අපූරු "ඔන්ලයින්" මූල්‍ය සේවා වෙළෙඳපොළ, ආරම්භයේ පටන්ම ලියාපදිංචි ගනුදෙනුකරුවන්ගේ හා මූල්‍ය ආයතනවල උපරිම විශ්වාසය, සැලකිල්ල හා ශ්‍රී ලංකාවේ නව්‍ය මූල්‍ය සේවා වෙළෙඳපොළ ව්‍යුවහය නිසා, ජාත්‍යන්තරයද ජයගැනීමට හැකිබවට විශ්වාසය පළකරයි.
Video Story