October, 18, 2016
Ford සමාගම සොෆ්ට්ලොජික් හෝල්ඩිංස් සමාගමේ අනු සමාගමක්වන Future Automobiles සමාගම සමග අත්වැල් බැඳ ගනිමින් සිය නවතම "ට්‍රක් මාසය" ප්‍රවර්ධන වැඩසටහන පසුගියදා දියත් කළේය. මෙම ප්‍රවර්ධන වැඩසටහන යටතේ පාරිභෝගිකයන් හට ඔක්තෝබර් මාසය පුරාම විශේෂ දීමනා රැසක් හිමිකර දීමට Ford සමාගම කටයුතු කරයි.
මෙම සුවිශේෂී වරප්‍රසාදය හිමිකර ගනිමින් Ford සමාගමේ නවතම Ranger මාදිලිය තමන් සතු කර ගැනීමට පාරිභෝගිකයන් හට අවස්ථාවක් ලැබේ.
"Built Ford Tough සම්ප්‍රදාය තවදුරටත් ඉදිරියට ගෙන යමින් ඔක්තෝබර් මාසය පුරාම සුවිශේෂී ප්‍රතිලාභ රැසක් සමගින් Ranger ට්‍රක් රථයකට හිමිකම් කීමේ අවස්ථාව අප පාරිභෝගික ජනතාව වෙත හිමිකර දී තිබෙනවා." Ford මෝටර් සමාගමේ නැගී එන වෙළඳපල අංශයේ ආසියා පැසිෆික් කලාපීය කළමනාකාර අධ්‍යක්ෂ ඩේවිඩ් වෙස්ටර්මන් මහතා සඳහන් කළේය.
කල් පැවැත්ම, සුරක්ෂිත බව සහ ශක්‍යතාව යන ගුණාංගයන් සඳහා අසමසම කීර්ති නාමයකට හිමිකම් කියන Ford සමාගම ගෝලීය ඉංජිනේරු සම්පත් මැනවින් උපයෝගී කර ගනිමින් මෙම නවතම ට්‍රක් රථ මාදිලිය වෙළඳපලට හඳුන්වා දී ඇත. F-150 සිට Ranger මාදිලිය දක්වා සෑම මාදිලියක් ම මෙම කලාපයේ ජනතාවගේ නොමඳ විශ්වාසය හිමිකර ගැනීමට සමත් වී ඇත.
අසමසම හැකියාවෙන්, සුරක්ෂිතතාවයෙන්, නිමාවෙන් සහ උසස් තාක්ෂණයෙන් යුතු Ranger මාදිලිය එදිනෙදා අභියෝගයන් සඳහා සාර්ථකව මුහුණ දිය හැකි ලෙස නිමවා තිබීම විශේෂත්වයකි.
පොළව මට්ටමේ සිට මි.මී. 230 (Ground Clearance) දක්වා උසකින් නිමවා ඇති Ranger මාදිලිය ප්‍රබල පාරිසරික සහ උෂ්ණත්ව වෙනස්වීම් සඳහා නොබියව මුහුණ දෙයි.
ආකර්ෂණීය අභ්‍යන්තර නිමාවකින් මෙන්ම ජල මතුපිටක ගමන් කිරීම, බර ඇදගෙන යාම හා බර දැරීමේ හැකියාවෙන් ද Ranger මාදිලිය සමන්විතය.
වැඩිදියුණු කරන ලද ආරක්‍ෂිත ක්‍රමවේද හරහා Ranger රථයේ මගීන් හට පෙරටත් වඩා වැඩි ආරක්ෂාවක් හිමි කර දීමට Ford සමාගම කටයුතු කර ඇත.
පෙරළීමේ අවදානමක් සහිත පෘෂ්ඨවලින් ආරක්ෂා වීම සඳහා පැති ආරක්ෂක තීරුවක්, ඇන්ටි-ලොක් තිරිංග පද්ධතිය (ABS) සහ විද්‍යුත් තිරිංග බල බෙදාහැරීමේ ක්‍රමවේදය (EBD) සහිත Ranger මාදිලිය සඳහා NCAP සුරක්ෂිතතා ශ්‍රේණිගත කිරීම්හි ඉහළම ශ්‍රේණිගත කිරීම හිමි වී ඇත.
"මීට පෙර මෙවැනි මාදිලියකින් අත් විඳීමට නොහැකි වූ උපරිම හැකියාවෙන්, සුරක්ෂිතතාවෙන් සහ කාර්යක්ෂමතාවෙන් යුතු Ranger මාදිලිය උසස් මට්ටමේ සුවපහසුවත්, ආකර්ෂණීය නිමාවෙන් ද සමන්විත වේ. ලොව නවීනතම තාක්ෂණයෙන් අනූනව ප්‍රබල ජවයෙන් යුතුව නිමවා ඇති බැවින් Ranger රථය තුළින් තමන්ට නැවුම් ධාවන අත්දැකීමක් හිමිකර දී ඇති බව පාරිභෝගිකයන් ද අපට දන්වා තිබෙන බව" වෙස්ටර්මන් මහතා සඳහන් කළේය.
"ඔක්තෝබර් මාසය පුරා පාරිභෝගිකයන් හට මෙම නවතම අත්දැකීම හිමිකර දීමට හැකි වීම පිළිබඳ අප ඉතාමත් සතුටු වන බව" Future Automobiles සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී චමත් තෙන්නකෝන් මහතා ප්‍රකාශ කළේය.