December, 20, 2016
Ford සහ එහි දේශීය බෙදාහැරීම් නියෝජිත Future Automobiles සමාගම, පාරිභෝගික ජනතාවට ආකර්ෂණීය දීමනා රැසක් පිරිනමනින් උත්සව සමය සඳහා ම "බිග් ඩීල්" ප්‍රවර්ධන වැඩසටහන පසුගියදා දියත් කළේය.
"මෙවර මෙරට තුළ අපගේ "බිග් ඩීල්" ප්‍රවර්ධන වැඩසටහන හඳුන්වා දීමට හැකි වීම පිළිබඳ අප ඉතා සතුටු වනවා. මෙම සුවිශේෂී ප්‍රවර්ධන වැඩසටහන හරහා තවත් පාරිභෝගිකයන් රැසක් අපගේ Ford පවුලට එක්කර ගැනීමට හැකි වනවා. මෙහිදී, තෝරා ගත් Ford වාහන සඳහා අගනා දීමනා රැසක් පිරිනැමීමට අප කටයුතු කරනවා" Ford මෝටර් රථ සමාගමේ මැලේසියා සහ දකුණු කොරියාහි ආසියා පැසිෆික් කාලාපීය නැගී එන වෙළඳපල අංශයේ කළමනාකාර අධ්‍යක්ෂ බාගුස් සුසැන්ටෝ මහතා සඳහන් කළේය.
මෙම ප්‍රවර්ධන වැඩසටහන ක්‍රියාත්මකවන කාලය තුළ "Ranger, Fiesta සහ Kuga" මාදිලි මිලදී ගන්නා වාසනාවන්ත පාරිභෝගිකයන් සියලු දෙනාටම දෙදෙනෙකු සඳහා සෙන්ටරා සීසෑන්ඩ්ස් හෝටලයේ සති අන්තයක් ගත කිරීමේ අවස්ථාව හිමි වේ.
මෙම කාලය තුළ "Everest" මාදිලිය මිලදී ගන්නා පාරිභෝගිකයන්ට ද, දෙදෙනෙකු සඳහා ආපසු ඒමට ටිකට්පත් සහ නවාතැන් පහසුකම් සමගින් රාත්‍රී දෙකක බැංකොක් සවාරියක් හිමිකර ගැනීමේ අවස්ථාව උදා වේ.
"Built Ford Tough" තේමාව යටතේ වෙළඳපලට පිවිසෙන Ranger ට්‍රක් රථ ඉතා දැඩි පාරිසරික, උෂ්ණත්ව සහ මාර්ග තත්ත්වයන්ට ඔබින පරිදි නිෂ්පාදනය කර ඇත.
එදිනෙදා අභියෝගයන්ට මුහුණ දිය හැකි පරිදි නවීන තාක්ෂණික ක්‍රමවේදයන්ට අනුකූලව නිමැවෙන Ranger මාදිලිය දැකුම්කළු නිමාවෙන්, නවීන අභ්‍යන්තර අංගවලින් මෙන් ම ජලයේ බැස යාමේ හැකියාවෙන්, ඇදගෙන යාමේ හැකියාවෙන් සහ බර දැරීමේ හැකියාවෙන් වෙළඳපලේ ඇති අනෙකුත් ට්‍රක් රථ අතර කැපී පෙනෙයි.
තවද, අසමසම ඕෆ් රෝඩ් සහ ඔන් රෝඩ් ශක්‍යතාවෙන්, උසස් තාක්ෂණයෙන් සහ සුවපහසු අභ්‍යන්තර සැලසුමෙන් යුතු Everest මාදිලියේ විශේෂ දීමනා ද ශ්‍රී ලාංකේය පාරිභෝගික ජනතාවට අත්විඳීමේ හැකියාව හිමි වේ.
SUV මාදිලියේ වඩාත් ජව සම්පන්න මාදිලියවන Everest, සුරක්ෂිතතාව උපරිම අයුරින් රැක ගැනීම සඳහා එයාර් බෑග් හතක් ඇතුළුව විශේෂ අංග රැසකින් සමන්විතවන අතර, ASEAN නව මෝටර් රථ ඇගයුම් වැඩසටහනේ (NCAP) උපරිම තරු පහක සුරක්ෂිතතා ශ්‍රේණියක් හිමිකර ගෙන සිටී.
"බිග් ඩීල් ප්‍රවර්ධන වැඩසටහන හරහා මෙරට පාරිභෝගිකයන් හට ඇදහිය නොහැකි මිල ගණන් යටතේ නව Ford රථයකට හිමිකම් කීමේ අවස්ථාව උදා වී තිබෙනවා" යැයි Future Automobiles සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී චමත් තෙන්නකෝන් මහතා ප්‍රකාශ කළේය.
"බිග් ඩීල්" ප්‍රවර්ධන වැඩසටහන පිළිබඳ වැඩිදුර විස්තර සඳහා 076 540 8217 අමතන්න.