Full’r Burgers සිය ශාඛා ජාලය ව්‍යාප්ත කරමින්, නව ශාඛාව මහරගම දී විවෘත කරයි

    July, 1, 2024

    Full'r Burgers හි නවතම ශාඛාව මහරගම දී පසුගියදා විවෘත කරන ලදී. මහරගම නගරයේ ඇති විශිෂ්ටතම බර්ගර් අත්දැකීම පාරිභෝගිකයින්ට ලබා දීම වෙනුවෙන් සමස්ත කාර්ය මණ්ඩලයේ කැපවීම සහ උත්සාහය මත සංවිධානය වුණු උත්සවයකින් මෙහි සමාරම්භය සනිටුහන් විය.

    Full'r Burgers හි කාර්ය මණ්ඩලය නව පන්නයේ රසයෙන් සහ ගුණාත්මකභාවයෙන් යුතු Burgers නිර්මාණය කිරීම පිලිබඳ බොහෝ සෙයින් අවධානය යොමු කරන අතර, පාරිභෝගිකයින්ට 100% ක ගුණාත්මක සහ සුහදශීලී සේවාවක් ලබා දීමට ද කැපවී සිටී. Full'r Burgers මහරගම ශාඛාව වෙත පැමිණෙන සියලුම පාරිභෝගිකයින්ට තම ආදරණීයන් සමග කාලය ගත කිරීමට සුදුසු ප්‍රියජනක සහ සුහදශීලී වටපිටාවක් නිර්මාණය කිරීමට සමත් වී තිබේ.

    Full'r Burgers මහරගම ශාඛාව බොරලැස්ගමුව ප්‍රධාන පාරේ සියලුදෙනාට පහසුවෙන් ළඟාවීමට හැකි ස්ථානයක පිහිටා ඇති අතර, පැමිණෙන සියලු අමුත්තන්ට උපරිම සුවපහසුව සැපයීම සඳහා වාහන නැවැත්වීමට ප්‍රමාණවත් ඉඩකඩක්, රෝද පුටු ප්‍රවේශය සහ වායුසමනය කළ අවන්හලකින් සමන්විත කර නිමවා තිබේ. මීට අමතරව, නුදුරු අනාගතයේ දී ළමා ක්‍රීඩා පිටියක් ද ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇති අතර, එය පවුලේ සාමාජිකයින් සමග විනෝදවීමට කදිම ගමනාන්තයක් බවට ද පත් වනු ඇත. මෙම ශාඛාව ක්ෂණික කෑම වේලක් සොයන පුද්ගලයන්ට මෙන්ම නැවතී පවුල සමග ආහාර ගැනීමට සුදුසු ස්ථානයක් සොයන පාරිභෝගිකයන්ට ද පුළුල් පරාසයක විහිදුණු  සුවපහසු ස්ථානයක් ලෙස පෙන්වා දිය හැකිය.

    මෙම අවස්ථාවට සහභාගී වෙමින් Full'r Burgers හි ප්‍රධාන විධායක නිලධාරී ෂිෆාස් රියාස් ප්‍රකාශ කළේ; Full'r Burgers හි ශාඛාවක් මහරගම ප්‍රදේශයේ දී ආරම්භ කිරීමට ලැබීම ගැන කණ්ඩායමක් ලෙස අපි සතුටු වන අතරම, ඉක්මනින්ම මෙම ශාඛා ජාලය අනෙකුත් නගර වෙතද ව්‍යාප්ත කිරීමට බලාපොරොත්තු වන බවයි. එමෙන්ම Full'r Burgers හි අරමුණ වන්නේ පාරිභෝගිකයින්ට ඔවුන්ගේ ආදරණීයයන්  සමඟ එකට එක්ව රසවත් Burgers භුක්ති විදීමට හැකි අවකාශයක් නිර්මාණය කිරීමයි. තවද, ආහාරවල ගුණාත්මකභාවය සහ පාරිභෝගික සේවාව යන දෙකෙහිම උසස් ප්‍රමිතීන් පවත්වා ගැනීමේ වැදගත්කම පිළිබඳව ද ඔහු මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.

    මහරගම විවෘත කරන ලද අලෙවිසැල Burgers ලෝලීන් අතර ප්‍රියතම ස්ථානයක් බවට පත් කිරීමට සූදානමින් සිටින අතර එහි රසය, ගුණාත්මකභාවය සහ පහසුව පිළිබඳ පරිපූර්ණ සහතිකයක් ද Full'r Burgers ආයතනය ලබා දෙයි. මේ අනුව, ඔවුන්ගේ රසවත් බර්ගර් සහ උණුසුම් සහ සුහදශීලී ආගන්තුක සත්කාරය භුක්ති විඳීමට පැමිණෙන ලෙස Full'r Burgers සියලු දෙනාටම ආරාධනා කරයි.