Galaxy Tab S6 Lite එක සමඟ නිර්මාණ කරන්න, ඉගෙන ගන්න සහ සුපිරි තාක්ෂණයේ නිදහස අත්විඳින්න

    July, 7, 2020

    S Pen උපාංගය සහිතව හඳුන්වාදෙන Galaxy Tab S6 Lite එක පහසුවෙන් සටහන් තබාගැනීමේ, නිර්මාණකරණයේ සහ සුපිරි විනෝදාස්වාදයේ අත්දැකීම් ලබාගැනීමේ හැකියාව ලැබෙන පුළුල් තිරයක් සහිතව සුවිශේෂී හැඩයකින් ඔබ වෙතට පැමිණෙයි.

    Samsung Sri Lanka විසින් වෘත්තීමය කාර්යයන් ඉටුකර ගැනීමට සහ විනෝදාස්වාදය ලබාගැනීමට හැකි අලංකාර හැඩයකින් සහ හුරුබුහුටිබවකින් නිර්මාණය කළ Galaxy Tab S6 Lite ටැබ්එක වෙළඳපොලට හඳුන්වාදෙයි. පුළුල් ස්ක්‍රීන් එකක් සහිතව සිහින්ව සහ වඩාත් වැඩි බලයක් එකතුකොට ගෙන නිර්මාණය කර ඇති Galaxy Tab S6 Lite එකට වැඩිදියුණු කරමින් ප්‍රතිනිර්මාණය කළ S Pen එකක් ද හඳුන්වා දී තිබේ. ඉතා ඉක්මනින් ඔබට අවශ්‍ය සටහන් දැමීමට සහ ඔබ කැමති අන්තර්ගතයන් ඉහළින් රසවිඳීමේ අවස්ථාව ලැබෙන හොඳම ටැබ් එකක් ලෙස මෙය හැඳින්විය හැක.

    අලුතින් ප්‍රතිනිර්මාණය කළ S Pen එක සමඟ තමන්ට පහසු විදිහට ඇති තරම් නිර්මාණ කරන්න

    වෘත්තීමය කාර්යයක දී අධ්‍යපනික කාර්යයක දී හෝ ගෙදර නිස්කංකයේ සිටින මොහොතක දී ඔබ ඔබේ Galaxy Tab S6 Lite ටැබ් එක භාවිතා කරන්නේ නම් වැඩිදියුණු කරමින් යාවත්කාලීන කළ S Pen එක විවිධ කාර්යන් රැසක් කරගැනීමේ සහ ඉක්මනින් සටහන් තබාගැනීමේ ඔබේ හොඳම සහයකයෙක් ලෙස කටයුතු කරයි. සාමාන්‍යයෙන් Pen එක භාවිතා කර වැඩකරන අවස්ථාවලදී වැඩිදියුණු කළ නව S Pen එක සාම්ප්‍රදායික S Pen එකට වඩා කාර්යක්ෂමබවක් සහ පහසුවක් ගෙන දෙයි. ග්‍රෑම් 7.03 පමණක් බර ඇති මෙම S Pen එක සැහැල්ලු සහ භාවිතයට පහසු ආකාරයට නිපදවා ඇත. එහි යාන්ත්‍රික පමාව නොගිනිය හැකි තරම්වන අතර මිලිමීටර් 0.7 ක් වූ සිහින් පෑන් තුඩෙන් සටහන් තබාගැනීමේ සහ චිත්‍ර ඇඳීමේ දී ඉහළ නිරවද්‍යතාවක් ලබාදෙයි. ඔබ S Pen එක මඟින් යම් සටහනක් තබා අවසන්වීමෙන් පසු ටැබ්එකේ දකුණුපසින් ඇති කාන්දම්බලැති රඳවනය තුළ ඉතාම පහසුවෙන් එම S Pen එක රැඳවීමේ හැකියාව ඇති නිසා S Pen එක නැතිවීම පිළිබඳව කරදරවීමේ අවශ්‍යතාවයක් ඔබට ඇති නොවේ. Galaxy Tab S6 Lite ටැබ්එකේ ඇති S Pen එක චාර්ජ් කිරීමේ අවශ්‍යතාවයක් නොමැති අතර මේ නිසා එය භාවිතා කරන විට චාර්ජ්එක නැතිව ක්‍රියාත්මක නොවීම පිළිබඳ බයක් ඇතිකර ගැනීමේ අවශ්‍යතාවයක් මතුනොවේ.

    වැඩිදියුණු කළ විනෝදාස්වාදයේ විශේෂාංග
    සංගීතයට සවන්දීමට, අන්තර්ගතයන් නැරඹීමට, online භාණ්ඩ මිලදී ගැනීමට හෝ යහළුවන් සමඟ පහසුවෙන් සම්බන්ධවීමට මෙන්ම තවත් බොහෝ විනෝදාස්වාදී ක්‍රියාකාරකම්වලට සහය සහ බලය ලැබෙන විශේෂාංග රැසක් අන්තර්ගත කරමින් Galaxy Tab S6 Lite එක නිර්මාණය කර ඇත. මෙම Galaxy Tab S6 Lite එකේ අසමසම හඬ අත්දැකීමක් ලබාගැනීමේ අවස්ථාව ලැබෙන AKG සහ Dolby Atmos 3D surround sound පද්ධතියක් ස්ථාපිතකර ඇති නිසා ඔබ YouTube වීඩියෝ එකක් නරඹනවා ද ඔබේම අන්තර්ගතයක් නරඹනවා ද හෝ උසස් සංගීතයකට සවන්දෙනවා කියා භේදයකින් තොරව උසස්ම තත්ත්වයේ පැහැදිළි ශ්‍රවණ අත්දැකීමක් ඔබේ සවනට දැනෙනු ඇත.

    නිවසේ දී ලැබෙන Galaxy අත්දැකීම
    ඵලදායීව සහ පිළිවෙළට ජීවත්වීම සඳහා ඔබේ නිවසේ භාවිතා කළ හැකි මූලිකම උපාංගයක් ලෙස Galaxy Tab S6 Lite එක හඳුන්වාදිය හැක. ඔබේ Samsung account එක හරහා ඔබේ ටැබ්ලට් එකට text massages ගෙන්වා ගැනීම හෝ යැවීම සහ ඔබට අවශ්‍ය දුරකථන ඇමතුම් ලබාගැනීමේ පහසුව ද මෙහි තිබේ. එසේම ඔබේ දුරකථනය ඔබ ළඟ නැති මොහොතක හෝ ඔබ වෙනත් කාමරයක සිටින මොහොතක Galaxy Tab S6 Lite එක මඟින් Google Duo video calls භාවිතාකර වෘත්තීය සගයන් සහ මිතුරුන් සමඟ ඉතා පහසුවෙන් සම්බන්ධතා ගොඩනගා ගැනීමේ හැකියාව මේ හරහා ඔබට හිමිවේ. වැඩිදියුණු කළ Daily Board display එක මඟින් සංගීතය පාලනය කිරීම, ඔබේ දින සටහන් නැරඹීම, කාලගුණ වාර්තාව දැනගැනීම සහ ඉක්මන් සටහන් සහ memo දමාගැනීමේ පහසුව උදාකර දී තිබේ. නව Bixby විශේෂාංගයේ ඇති Bixby Voice, Bixby Vision සහ Bixby Routines හැකියාවන් මඟින් වඩාත් ඵලදායී සහ කාර්යක්ෂම විනෝදාස්වාදීය අත්දැකීමක් ලබාගැනීමේ අවස්ථාව ඔබට හිමිවේ.

    මෑතක දී ලෝකය මුහුණදුන් අභියෝගාත්ම තත්ත්වයන් හමුවේ නිවසේ සිට වැඩකිරීමේ අවශ්‍යතාවය වෙනකවරාකටත් වැඩියෙන් මතු වූ අතර එයට අවශ්‍ය නිවැරදි ජංගම සන්නිවේදන උපාංග නොමැති පුද්ගලයන්ට දැඩි අපහසුතාවයන් රැසකට මුහුණදීමට සිදුවිය. මෙහිදී Samsung සතු විවිධ සන්නිවේදන උපාංගවලින් ලැබෙන නොබිදෙන සබඳතාවය, ඉතා ඉහළ ආරක්ෂාව සහ කාර්යාලයේ නොසිටියා වූ නමුත් වෘත්තීයභාවයේ අඩුපාඩුවක් නොමැතිව ඵලදායීතාවය ඉහළ නංවාගත හැකි ස්මාර්ට් විශේෂාංගවල කාර්යක්ෂමතාවය හේතුවෙන් ලොවපුරා සිටින Samsung භාවිතාකරන්නන්ට තමන්ගේ නිවසේ සිට පහසුවෙන් වැඩකර ගැනීමේ අවස්ථාව උදාවිය. Samsung භාවිතාකරන්නන් සතු අදාළ නිවැරදි සන්නිවේදන උපාංග නිසා විවිධ කාර්යයන් රැසක් එකවිට සිදුකර ගැනීමට, දවසේ වෘත්තීය ඉලක්ක නිවැරදිව සපුරාගැනීමට, ඉහළ කාර්යක්ෂමතාවයක් අත්පත් කරගැනීමට මෙන්ම ගෙදර සිට වැඩකරන නිසා ජීවිතය සහ වෘත්තීය කාර්යභාරය සමබරව පවත්වා ගැනීමට සහයක් ලැබිණි.

    Galaxy Tab S6 Lite යනු මුළු පවුලටම භාවිතා කළ හැකි උපාංගයකි. Samsung Kids මඟින් ඔබට ඔබේ දරුවන්ගේ දිනපතා විනෝදාස්වාදීය කාලය පාලනය කළ හැකියාව, සමහර ඇප්ස්වලට ඇතුළුවීමේ අවස්ථාව නවතා දැමීම සහ පාලනයක් සහිතව විවිධ වූ විස්මයජනක, අධ්‍යපනික ඇප් සහ පරිගණක ක්‍රීඩා දරුවාට හඳුන්වාදීමට ඉඩ සැළසෙන අතර ඒ හරහා වඩාත් ආරක්ෂාකාරී ඩිජිටල් ලෝකයක් වෙත ඔබේ දරුවාව රැගෙන යාමේ අවස්ථාව ඔබට හිමිවේ.

    e-learning ක්‍රමවේදයට පරිවර්තනය වීම වඩාත් පහසු ක්‍රියාවලියක්බවට පත්කිරීමේ හැකියාව ඇති Samsung උපාංග සමඟ නිවසේ සිට ඉගෙන ගැනීමේ කාර්යභාරය වෙනකවරදාකටවත් වඩා පහසුවිය. නොබිදෙන video conferencing" ඇතිතරම් storage පහසුවක්, දිගුකල් පවතින බැටරි කාලයක් සහ තවත් බොහෝ තාක්ෂණික විශේෂාංග රැසක් සමඟ Samsung විසින් ඔබේ ස්මාර්ට් ෆෝන් එක පරිගණකයක් බවට පත්කරගෙන අවශ්‍ය අධ්‍යාපනික කටයුතු කරගැනීමේ පහසුව ලබාදුන් අතර මේ නිසා නිවසේ සිට ඉගෙන ගැනීම යනු වඩා රසවත්, පහසු සහ සාමාන්‍ය දෙයක් බවට පත්විය.

    හඳුනාගැනීමට පහසුවන පරිදි Samsung සන්නාමය ව්‍යාපාරික ස්ථානයේ ඉදිරිපිට ස්ථාපිත කර ඇති දිවයින පුරා විසිරී සිටින Softlogic Mobile Distribution සහ John Keells Office Automation බලයලත් අලෙවි නියෝජිතයන් හරහා Oxford Gray සහ Angora Blue යන වර්ණ දෙකකින් මෙම Galaxy Tab S6 Lite එක මිලදී ගැනීමේ අවස්ථාව ඔබට හිමිවේ. එසේම Softlogic Retail, Singer, Singhagiri සහ Damro ප්‍රදර්ශනාගාරවලින් මෙන්ම Dialog, Mobitel ශාඛාවලින් මිලදී ගැනීමට සහ MySoftlogic.lk වෙබ් අඩවිය ඔස්සේ ඔන්ලයින් හරහා මිලදී ගැනීමේ අවස්ථාව ඔබට උදාකර දී තිබේ.

    සඳුදා සිට ඉරිදා දක්වා පෙරවරු 8.30ත් පස්වරු 8.30ත් අතර අප විසින් දීර්ඝ කළ වැඩකරන කාලය තුළ Samsung පාරිභෝගික ක්ෂණික ඇමතුම් අංකයට කතා කිරීමෙන් අවශ්‍ය ඕනෑම සහයක් ලබාගැනීමට අවස්ථාව දැන් ඔබට උදාකර දී තිබේ. එසේම එවෙලේම විසඳුම් ලබාදීමට කැපවන පැය විසිහතර පුරාම ක්‍රියාත්මක Samsung Members අවකාශය වෙත තමන්ගේ අවශ්‍යතාවය සටහන් කිරීම මඟින් අදාළ සහය ලබාගැනීමේ අවස්ථාව ද උදාකර දී තිබේ.