Global Seafoods ජනාධිපති අපනයන සම්මානයෙන් පිදුම් ලබයි

    September, 15, 2017

    2016 වසර සඳහා ඉහළම අගය එකතු කළ මුහුදු ආහාර අපනයනකරුවාට හිමි ජනාධිපති අපනයන සම්මානයෙන් පිදුම් ලැබූමට Global Seafoods (පුද්) සමාගම පසුගිය දා සමත්විය. ශ‍්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය විසින් පවත්වන ලද ජනාධිපති අපනයනය සම්මාන 2016 ප්‍රදානෝත්සවයේ දී මෙම සම්මානය Global Seafoods (පුද්) සමාගමට හිමිවිය.

    ශ්‍රී ලංකාවේ විශාලතම මුහුදු ආහාර අපනයනකරුවකු වන Global Seafoods (පුද්) සමාගම, නැවුම් හා ශීතකළ මුහුදු ආහාර අපනයනයේ මෙරට ප්‍රමුඛතම සමාගමකි. යුරෝපය, ඇමරිකා එක්සත් ජනපදය හා ආසියාව ඇතුළුව ලොවපුරා වෙළෙඳපොළ ගණනාවක් Global Seafoods විසින් නියොජනය කරනු ලබයි.

    ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා විසින් Global Seafoods (පුද්) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සම්පත් පද්මවංශ මහතා වෙත අදාළ සම්මානය ප්‍රදානය කළ අයුරු ඡායාරූපයෙන් දැක්වේ.