gmail දැන් සිංහලෙන්

    July, 8, 2014

    ගූගල් සමාගම සඳහන් කර තිබෙන්නේ Gmail සේවාව සඳහා අළුතින් භාෂා 13 ක් හඳුන්වා දී තිබෙන බවත් ඒ අතරට සිංහල භාෂාවද ඇතුළත් කර තිබෙන බවයි.

    මීට පෙර Gmail සේවාවට භාෂා 58 ක් හඳුන්වා දී තිබූ අතර මේ වනවිට එම සේවාව භාෂා 71 කින් ලබාගත හැකිබව ගූගල් සඳහන් කර තිබේ.

    මේ අනුව, ලෝකයේ අන්තර් ජාලය භාවිතා කරන සියයට 94 ක් ජනතාව කතා කරන භාෂා Gmail මගින් ආවරණය කර තිබෙන බව සඳහන්ය.