August, 28, 2025
ලෝක ප්‍රකට R&B කලාකරුවෙකු වන ග්‍රැමී සම්මානලාභී Ne - Yo, ඔහුගේ වෘත්තීය ජීවිතයේ පළමු වරට ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට නියමිතයි.–,. මෙම විශේෂ රාත්‍රිය 2025 දෙසැම්බර් 28 වන දින සුගතදාස එළිමහන් ක්‍රීඩාංගනයේදී පැවැත්වේ.
Ne-Yo, ඔහුගේ අද්විතීය ගායන විලාසය "So Sick", "Miss Independent" සහ "Closer" වැනි ජනප්‍රිය ගීත සමඟ ලොව පුරා ප්‍රේක්ෂකයින්ගේ ආකර්ෂණය දිනා ගනිමින්, ශක්තිමත් සහ අමතක නොවන අත්දැකීම් සමඟ R&B සංගීතයේ ඉහළම ආකර්ෂණය දිනාගත් ගායකයෙකි.
තමන්ගේ සාර්ථක සංගීත ජීවිතය පිළිබඳව පමණක් නොව, ගීත රචකයෙකු ලෙසද නියෝ සංගීත ක්ෂේත්රය තුල විප්ලවීය ලෙස වෙනස් කලේය. වැනි ලෝකප්‍රසිද්ධ කලාකරුවන් වන රිහානා, බියොන්සේ, මාරියෝ, පිට්බුල් සහ සෙලින් ඩියොන් සඳහා ඔහු නිර්මාණ කළ ගීත සදහා විශාල ජනප්‍රියත්වයක් හිමිවිය.මෙය වසර අවසන් කිරීම සඳහා වූ අමතක නොවන සංගීත රාත්‍රියක් වනු ඇත!
“මට ශ්‍රී ලංකාවේදී සංගීත ප්‍රසංගයක් කරන්න ආශාවක් තිබුණා. දැන් ඒ සදහා අවස්තාවක් උදාවෙලා තිබෙන නිසා මම ගොඩක් උද්යෝගිමත් වෙලා සිටිනවා,” මේක අමතක නොවන රාත්‍රියක් වෙයි. කොළඹ සිටින මගේ රසිකයන් එක්ක මගේ ජනප්‍රියතම ගීත බෙදාගන්න මම ඉතා අපේක්ෂාවෙන් බලා ඉන්නවා.”
මෙම සංගීත ප්‍රසංගය සඳහා ප්‍රවේශ පත්‍ර නිල වශයෙන් 2025 සැප්තැම්බර් 1 සිට PickMeApp හරහා පමණක් ලබාගත හැක. සාමාන්‍ය ප්‍රවේශපත් කාණ්ඩ,සාමාන්‍ය ප්‍රවේශ පත්‍ර සිට VIP සහ VVIP ලෙස විවිධ ප්‍රවේශ කාණ්ඩ වලින් යුතුව, නියෝගේ සියළුම රසිකයින් සදහාම මෙම සංගීත ප්‍රසංගය රසවිදීමට අවස්තාව සලසා ඇත.
මෙම ඓතිහාසික සංගීත රාත්‍රිය සාඩම්බරයෙන් Brown Boy Presents සන්නාමය යටතේ ඉදිරිපත් කරනු ලබන්නේ, අමිත් බොතේජු (සම නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී) මහතාගේ නායකත්වයෙන්ය. එය පිළිබඳ අදහස් දැක්වූ අමිත් මහතා මෙසේ පැවසීය.
“නියෝව කොළඹට ගෙන ඒම සාමාන්‍ය ප්‍රසංගයක් පැවැත්වීමක් පමණක්ම නොවෙයි. මේක ශ්‍රී ලංකාවට ඓතිහාසික අවස්ථාවක් නිර්මාණය කිරීමක්. හැම විටම අපේ මෙහෙවර වූයේ ශ්‍රී ලංකාව ලෝක ප්‍රසංග සිතියමට ගෙන එන්නයි. මෙම ප්‍රසංගය ඒ ගමනේ විශාලවු සංදිස්ථානයක්.”
ජාත්‍යන්තර තලයේ වේදිකා, එළිමහන් සංදර්ශණ වේදිකා සමග නියෝගේ ආකර්ෂණීය ඉදිරිපත්කිරීම් මගින් සාමාන්‍ය සංගීත ප්‍රසංගයක අත්දැකීමකට වඩා අමතක නොවන සංගීත රාත්‍රියක අත්දැකීම ලබා දීම අපගේ අරමුණයි.
Cinnamon Grand, Mastercard, Scope Cinemas, Emerging Media, PickMe, Wijeya Newspapers, සහ Artiste Connection යන ආයතන සියල්ල මෙම සංගීත ප්‍රසංගය සදහා සහයෝගය දෙන ලදී.
Video Story