Greenpeace South Asia, කේරළ නැව් අනතුරෙන් විපතට පත් පිරිස හා අත්වැල් බැඳගනිමින් ලෝක සමුද්‍ර දිනය සමරයි

    June, 11, 2025

    Greenpeace South Asia සංවිධානය, 2025 ලෝක සාගර දිනය සමරන ලද්දේ, ගාල්ලේ ගිංතොට වෙරළ තීරයේදී සාගරය සුරැකීම සම්බන්ධයෙන් සංවිධානය කළ සුවිශේෂී වැඩසටහනක් සමගිනි. ඒ, ජෛව විවිධත්වය පවත්වා ගැනීම අතින් මෙන්ම, දේශගුණික තත්ත්වය සමතුලිත ආකාරයෙන් තබාගැනීම සහ වෙරළබඩ ප්‍රජාවන්ට සහාය වීම අතින්, සාගරයෙන් ඉටු කෙරෙන තීරණාත්මක කාර්යභාරය අවධාරණය කරමිනි. කායක් යාත්‍රා රැසක් යොදා ගනිමින් සුවිශාල කැස්බෑවෙකුගේ රුව නිර්මාණය කරමින් සාගර ලෝක දිනයේදී, සාගරය සතු වැදගත් කාර්යභාරය එම සංවිධානය විසින් අවධාරණයට ලක් කෙරිණි. එමෙන්ම, ඉකුත් දා කේරළ වෙරළට ඔබ්බෙන් සිදුවූ නැව් අනතුර එහි ප්‍රතිවිපාකවලින් අගතියට පත් කේරළ ජනතාවට සහ‌යෝගය දැක්වීමත්, ඊට අදාළ ක්‍රියාමාර්ගවලදී විනිවිදභාවයෙන් කටයුතු කිරීමත්, පිරිසිදු කිරීම් කටයුතු හා ඒ සම්බන්ධ වගවීමත් හදිසි අවශ්‍යතා ලෙස සලකා කටයුතු කිරීමේ පණිවිඩයද එහිලා  අවධාරණය කෙරිණි.

    මෙම වසරේ ලෝක සාගර දිනය යෙදී තිබුණේ,  ජූනි 9 සිට 13 දක්වා ප්‍රංශයේ දී පැවැත්වීමට නියමිත එක්සත් සාගර සමුළුවේදී එක්රැස් වන ලෝක නායකයින්, එහිදී සාගර ගෝලය ආරක්ෂා කිරීම සඳහා වන සිය කැපවීම පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිත ව තිබියදී ය. එමෙන්ම, මෙම සමුළුව පැවැත්වෙන්නේ, මැයි 25 වන දින MSC ELSA 3 නම් නෞකාව කේරළ වෙරළට ආසන්නයේදී දරුණු අනතුරකට ලක්ව, එමගින් එම සාගර කලාපයට සිදු වූ බලපෑම තවත් දරුණු වෙමින් පවතින අතරවාරයේය. එම අනතුර හේතුවෙන් මුහුදට මුදා හැරුණු ඉන්ධන හා අනෙකුත් අන්තරායකර රසායනික මෙන්ම, හඳුනා නොගත් භාණ්ඩ පිරුණු බහාලුම් මෙන්ම ප්ලාස්ටික් කොටස් සහ අපද්‍රව්‍ය ඉන්දීයාවේ කේරළ හා තමිල්නාඩු වෙරළට ‌ගොඩ ගසමින් තිබේ. ඒ හේතුවෙන් වෙරළාසන්න පාරිසරික තත්ත්වය මේ වනවිට අයහපත් අතට හැරී තිබේ. පවතින මෝසම් කාලගුණ තත්ත්වයද, පාරිසරික තක්සේරු කිරීමේ කටයුතුවලට මෙන්ම, පිරිසිදු කිරීමේ කටයුතුවලට සුවිශාල බාධාවක් වී තිබේ. එමෙන්ම, ශ්‍රී ලංකාවේද, වසර 4කට පෙර සිදුවූ X-Press Pearl පර්ල් නෞකා අනතුර අදටද කලාපයේ සමුද්‍ර ජීවීන්ට, සමුද්‍රීය පරිසර පද්ධතියට සහ ධීවර ප්‍රජාවට අහිතකර ලෙසින් බලපාන අතර, එවැනි අනතුරකින් සිදුවන සමස්ත හානිය හරිහැටි තක්සේරු කළ නොහැක. මෙම අනතුරේ දිගුකාලීන ප්‍රතිවිපාක පිළිබඳව ගැඹුරු අධ්‍යයනයක් සිදුකිරීමේ අවශ්‍යතාවයද ඉන් අවධාරණය කෙරෙයි.

    "එම කන්ටේනර්වල තිබුණේ මොනවාද? මෙම අනතුරෙන් සමුද්‍රීය ජෛව පද්ධතියට හා පහසුවෙන් වැනසෙන සමුද්‍රීය පාරිසරික පද්ධතියට වන හානියට මෙන්ම, වෙරළබඩ ජනතාවගේ ජීවනෝපාය අහිමිවීම සම්බන්ධයෙන් සහ එම ආර්ථිකයට සිදු වූ හානියට වන්දි ගෙවන්නේ කවුද?" සාගර සංරක්ෂකයකු ‌මෙන්ම සහ Friends of Marine Life හි නිර්මාතෘ රොබට් පැනපිල්ලා මහතා විමසයි. “අපි පළාත් පාලන ආයතනවලින් සහ MSC සමාගමෙන් ඉල්ලා සිටින්නේ, මෙම අනතුර වූ අවස්ථාවේ MSC ELSA 3 මගින් ප්‍රවාහනය කරමින් තිබූ සම්පූර්ණ භාණ්ඩ ලැයිස්තුව ප්‍රවාහන ප්‍රකාශනය නිකුත් කරන ලෙස ඉල්ලා සිටිමු. දකුණු ඉන්දියාවේ ජනතාවට අනතුරේ තත්වයන් පිළිබඳ සවිස්තරාත්මක ප්‍රකාශයක් මෙන්ම MSC වෙතින් පුළුල් පිරිසිදු කිරීමේ සහ වන්දි සැලැස්ම පිළිබඳව  දැන ගැනීමට ඔවුන් අපේක්ෂා කරනවා. මෙ අනතුර සිදූ වි මේ වන විට සති දෙකක් ගත වෙලා තිබුණත් තවම එවැන්නක් ප්‍රකාශයට පත් කරලා නැහැ. එක්සත් ජාතීන්ගේ සාගර සමුළුව මගින් සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබෙන්නේ, නාවික කර්මාන්තය තුළින් සාගරයට කාබන් මුදාහැරීම් අවම කිරීම හා  ගෝලීය ප්ලාස්ටික් දූෂණය පිළිබඳවයි. නාවුක කර්මාන්තය තුළින් විශාල වශයෙන් ලාභ ලබන MSC වැනි සමාගම්වලට,සමුද්‍ර ජීවීන්ගේ පැවැත්මට තර්ජනයක් වන  ප්ලාස්ටික් සමුද්‍රයට මුදාහරින, ධීවර ප්‍රජාවන්ගේත් ජීවනෝපායට බරපතල ලෙස බලපෑම් කර තිබෙන මේ වැනි ව්‍යසනයක් සම්බන්ධයෙන් වගකීම කිසිසේත් පැහැර හැරිය නොහැකියි.” යනුවෙන් Greenpeace India හි ක්‍රියාකාරිනී අම්රුතා එස් නායර් සඳහන් කළාය.

    සාගර ආශ්‍රිතව සිදුවන මෙවන් අනතුරු සම්බන්ධයෙන්, අදාළ ආයතන හා සහයෝගීතාවයෙන් කටයුතු කරන Greenpeace සංවිධානය විසින් ඉහත ව්‍යසනයෙන් අනතුරුව, කඩිනමින් ඒ පිළිබඳ වාර්තා කිරීම සඳහා විශේෂ කණ්ඩායමක් යොදවනු ලැබීණි. එමෙන්ම, ඉකුත් සතිය පුරාමත්, සාගරය සුරැකීම සම්බන්ධයෙන් එම සංවිධානයේ පාර්ශවකරුවන්, තරුණ කණ්ඩායම් මෙන්ම ධීවර ප්‍රජාවන් හා සහයෝගයෙන් විවිධ ක්‍රියාකාරකම් දියත් කිරීමට පියවර ගන්නා ලදී. ඒ අනුව, “One Ocean, Many Lives” යන ‌පණිවිඩය බංග්ලාදේශයේ ඛූල්නා, මෙන්ම ශ්‍රී ලංකාවේ ගාල්ල, කොළඹ සහා ඉන්දියාවේ ඔඩිෂා හා චෙන්නායි ඇතුළුව දකුණු ආසියානු කලාපය පුරාම බෙදාහරිනු ලැබිණි.

    "මෙවැනි සිදුවීම් මැද අපි ලෝක සමුද්‍රීය දිනය සමරමින්, අපේ කලාපය පුරාම අප හා අත්වැල් බැඳගෙන කටයුතු කරන ආයතන හා පුද්ගයින් සමග එක්ව සුභ පණිවිඩයක් ලබා දීමට අපේක්ෂා කරනවා.” යනුවෙන් Greenpeace South Asia හි ශ්‍රී ලංකා ක්‍රියාකාරිනී අනීතා පෙරේරා මහත්මිය පවසයි. " අප‌ගේ කලාපයේ රටවල නායකයින්ගෙන් අපි ඉල්ලා සිටින්නේ, අපගේ සාගරවලින් 30%ක ප්‍රමාණයක් ආරක්ෂා කිරීම සඳහා වන ගෝලීය 'High Seas Treaty' ගිවිසුම [1] කඩිනමින් අනුමත කරන ලෙසයි. ඒ වගේම, වෙරළබඩ සම්පත් තිරසාර ලෙස කළමනාකරණය කරමින්, දේශීය වෙරළබඩ ආර්ථිකය යහපත් මට්ටමට ගෙනඒමට, කුඩා පරිමාණ ධීවරයින්ගේ‌ හඬට ඇහුම්කන් දෙන ලෙසත්, සාගරය පිළිබඳව වෙරළබඩ ප්‍රජාවගේ දැනුවත්භාවය පිළිබඳව අවධානය යොමුකරන ලෙසත් කලාපයේ රටවල නායකයින්ගෙන් ඉල්ලා සිටිනවා."