January, 5, 2026
ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ විශ්වාසදායී පුරෝගාමියෙකු ලෙස සිය ස්ථානය නැවත වරක් තහවුරු කරමින්, Groundworth (PVT) Ltd, Asia Property Guru Awards 2025 හිදී Land Investments කාණ්ඩය යටතේ විශේෂ ගෞරව සම්මානයෙන් පිදුම් ලැබීය. ආයෝජකයින්ට දිගුකාලීන වටිනාකමක් සහතික කරමින්, සුවිශේෂී ආයෝජනයක් අත්පත් කර දෙන ආකාරයේ ඉඩම් හඳුන්වා දීම සඳහා Groundworth හි කැපවීම මෙම සම්මානයෙන් පිළිබිඹු කරයි.
මේ පිළිබඳව අදහස් දක්වමින් Groundworth හි සම නිර්මාතෘ කසුන් අන්ද්‍රහෙන්නදි මහතා මෙසේ පැවසුවේය. "මෙම සම්මානය හුදෙක් ඉඩමක් ලබා දීමකට වඩා වැඩි යමක් නිර්මාණය කිරීමේ අපගේ දැක්ම පිළිබඳ සාක්ෂියක්. අප විසින් සිදු කරන සෑම ව්‍යාපෘතියක්ම සැලසුම් කර ඇත්තේ ආයෝජන හැකියාව උපරිම කිරීම සඳහායි."
“අපගේ පොරොන්දුව, සැමවිටම පාරිභෝගිකයින්ට ආරක්ෂිත, අනාගතයට සූදානම් ආකාරයේ ආයෝජනයන් ලබා දීමයි. මෙම සම්මානය දිනා ගැනීම තුළින් අපගේ ප්‍රවේශය තවදුරටත් තහවුරු කරන අතර දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ නවෝත්පාදනයන් බිහි කරමින් නව මං සලකුණු තැබීමට අපව දිරිමත් කරනවා." Groundworth හි සම නිර්මාතෘ හාන්ස් ක්‍රිස්ටියන් ගට් මහතා මෙසේ සිය අදහස් දැක්වීය.
මෙම පිළිගැනීම තුළින් Groundworth හි සන්නාම දර්ශනය වන “Grounds for Growth” යන සංකල්පය තවදුරටත් ශක්තිමත් කරන අතර මූල්‍යමය සාර්ථකත්වය සහ ප්‍රජා යහපැවැත්ම පෝෂණය කරන පරිසරයක් බිහි කිරීමට ඇති අපගේ කැපවීම ඉන් අදහස් කරයි.