November, 17, 2015
GSP+ සහනය යළිත් වරක් ලබා දීම වෙනුවෙන් අවශ්‍ය සාධනීය පසුබිමක ශ්‍රී ලංකාව පසුවන බව යුරෝපා සංගමය පවසයි.
මෙහිදී ඔවුන් කියා සිටින්නේ GSP+ ප්‍රතිලාභී රටවල ක්‍රියාවට නංවා තිබෙන යහපාලනය, පරිසර ආරක්ෂණ, කම්කරු හා මානව අයිතිවාසිකම් යනාදී ජාත්‍යන්තර සම්මුතීන්වල තත්ත්වයන් මත මෙම සහනය ප්‍රදානය කිරීම හෝ නැවත දීර්ඝ කිරීම සිදුවන බවයි.
පසුගිය ජනවාරි මාසයේදී මෙරට ඇති වූ දේශපාලන පෙරළියත් සමඟ රට තුළ පෙර කී නිර්ණායකයන් සාක්ෂාත් කර ගැනීම පිළිබඳව යුරෝපා සංගමයේ යහපත් ප්‍රතිචාර හිමිව තිබේ. මේ අනුව යුරෝපා කොමිසමේ ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රිකයින් පිරිසක් මේ වන විට ශ්‍රී ලංකාවේ GSP+ සහනය නැවත දීර්ඝ කිරීම සම්බන්ධයෙන් කටයුතු කරමින් සිටී.
Video Story