March, 10, 2025
Hayleys Fentons හි පුනර්ජනනීය බලශක්ති අංශය වන Hayleys Solar වෙතින් බලශක්ති අවශ්‍යතාවයන් බලගැන්වීම උදෙසා නොකඩවා බලශක්තිය ලබා ගත හැකි ජංගම බලශක්ති පද්ධතියක් හඳුන්වා දීමට කටයුතු කර ඇත. Bluetti වෙළඳ සන්නාමය යටතේ එන මෙම නවතම ජංගම බලශක්ති පද්ධතිය ශ්‍රී ලංකාවේ බෙදාහැරීමේ තනි අයිතිය Hayleys Solar සතු වේ. එසේම ධාරිතාවයන් 3කින් යුත් මෙම පද්ධතිය (300W,1000W,2400W) දැන් දිවයින පුරා පාරිභෝගිකයන්ට පහසුවෙන් ලබා ගත හැක.
වසර 10කට අධික කල්පැවැත්මක් සහතික කරනු ලබන මෙම බලශක්ති පද්ධතිය Lithium Iron Phosphate (LFP) බැටරියකින් සහ උසස් තාක්ෂණයෙන් යුතු බැටරි කළමනාකරණ පද්ධතියකින්ද සමන්විත වේ. මෙම ජංගම බලශක්ති පද්ධතියෙහි ඇති මූලිකම සුවිශේෂීත්වය වන්නේ ගෘහස්ථ, වාණිජ හෝ විශේෂයෙන් ඕනෑම එළිමහන් ක්‍රියාකාරකම් සඳහා වුවද නොකඩවා ඉතාමත් විශ්වාසනීයත්වයෙන් බලශක්තිය ලබාගත හැකි බලශක්ති පද්ධතියක් වීමයි.
මෙම ජංගම බලශක්ති පද්ධතිය ඔබ තෝරා ගත යුත්තේ ඇයි?
Hayleys Fentons හි කළමණාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා මෙම ජංගම බලශක්ති පද්ධතිය පිළිබඳ අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ ,"Bluetti සන්නාමය යටතේ එන මෙම බලශක්ති නිෂ්පාදනය ශ්‍රී ලංකාවට ගෙන එමින් පාරිභෝගිකයන්ගේ දිනෙන් දින පුළුල් වන බලශක්ති අවශ්‍යතා ඉටු කිරීමට තම ආයතනයට හැකි වීම පිළිබඳ ඉතාමත් සතුටට පත් වන බවයි. විශේෂයෙන්ම මෙම බලශක්ති නිෂ්පාදනය තිරසාර බලශක්ති විසඳුමක් ලෙසින් විශ්වසනීයත්වය පෙරදැරි කරගනිමින් නිර්මාණය කර ඇති නිසා ගෘහස්ථ භාවිතයේ සිට එළිමහන් ඕනෑම සේවා ස්ථාන සඳහා නොකඩවා බලශක්තිය ලබා ගැනීමට හැකි බව සහතික කරන බවයි.''
ලාංකිකයන් වෙත හඳුන්වාදෙන මෙම නවතම බලශක්ති පද්ධතිය පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වමින් Hayleys Solar හි ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සඳහන් කර සිටියේ, "අපගේ පාරිභෝගිකයින් වෙත ඔවුන්ගේ බලශක්ති අවශ්‍යතාවයන් උදෙසා ඉතාමත් කාර්යක්ෂම සහ පරිසර හිතකාමී විසඳුමක් ලබා දෙමින් මෙම නවීන තාක්ෂණයෙන් හෙබි ජංගම බලශක්ති පද්ධතිය පිරිනැමීමට ලැබීම ගැන සතුටුවන බවයි.''
මෙම නවතම බලශක්ති පද්ධතියෙහි ඇති සුවිශේෂීත්වය පිළිබඳව සීමාසහිත Shenzhen PowerOak NewEner Co.හි දකුණු ආසියාවේ විකුණුම් අධ්‍යක්ෂක Mills Zhang මහතාද අදහස් දැක්වූයේ මෙසේය.“ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති විසඳුම් සපයන ප්‍රමුඛ පෙළේ ආයතනයක් වන Hayleys Solar සමඟ Bluetti ආයතනයට හවුල්කාරීත්වයෙන් කටයුතු කිරීමට ලැබීම ගැන අපි සතුටට පත් වෙනවා. එසේම Bluetti මෙම ජංගම බලශක්ති පද්ධතිය බහුකාර්යය සහ කල් පැවැත්ම සහතික කරන නිෂ්පාදනයක් වන නිසා කිසිඳු සීමාවකින් තොරව ඉතාමත් පහසුවෙන් සහ විශ්වාසයෙන් තම කාර්යයන් ඉටු කර ගැනීමට දිවයින පුරා සිටින පාරිභෝගිකයින්ට අවස්ථාව හිමි වන බවත්ය.''
මෙම ජංගම බලශක්ති පද්ධතිය අපගේ නාවල, මාතර, යාපනය, මීගමුව හා මහනුවර පිහිටි අත්දැකීම් මධ්‍යස්ථානයන් (Experience Center) වෙතින් සහ Online අලෙවි ජාලය හරහා ද (Daraz සහ Patpat.lk) පහසුවෙන් මිලදී ගැනීමේ හැකියාව ලබා දී ඇත. එසේම Credit Card හිමි පාරිභෝගිකයන් වෙතද මෙම සූර්ය බලශක්ති විසඳුම ලබා ගැනීම සඳහා සුවිශේෂී වූ දීමනාවක්ද ලබා දෙයි. වැඩි විස්තර සඳහා, කරුණාකර 0112102102 යන දුරකථන අංකයෙන් හෝ [www.hayleyssolar.com](https://www.hayleyssolar.com) වෙත පිවිසෙන්න.

(වමේ සිට දකුණට) දකුණු ආසියාවේ (Shenzhen PowerOak NewEner Co., Ltd) විකුණුම් අධ්‍යක්ෂක මිල්ස් ෂැං (Mills Zhang),වොන්ඩර් යින්( Wondar Yin,President-Shenzhen PowerOak NewEner Co., Ltd), විධායක අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී,රොෂේන් පෙරේරා (Hayleys Solar),නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී-මෙහෙයුම්,දිල්ෂාන් නානායක්කාර (Hayleys Solar), සහකාර කළමනාකරු සැපයුම්,ඩෙවින් දේවනාරායන (Hayleys Solar), ජ්‍යෙෂ්ඨ සහකාර ඉංජිනේරු නිඳුන මධුෂාන්(Hayleys Solar)
ඡායාරූප විස්තරය - ධාරිතාවයන් 3කින් සමන්විත Bluetti අතේ ගෙන යා හැකි බලශක්ති පද්ධතිය - 300W, 1000W සහ 2400W
Video Story