January, 7, 2025
කුරුණෑගල NIBM ශ්‍රවණාගාරයේ දී පැවැත්වූ උපාධි ප්‍රදානෝත්සවයේ දී, Hela Apparel Holdings ආයතනය මගින් අනුග්‍රහය දැක්වූ සිසුන් 100 කට අධික පිරිසක් තම සහතික පත් ලබා ගන්නා ලදහ. මෙහි දී 'Hela දිරි දරුවෝ' වැඩසටහන යටතේ IT හා ඉංග්‍රීසි පාඨමාලා සහ 'Hela දිරි ලිය' වැඩසටහන යටතේ Techno ව්‍යවසායකත්ව පාඨමාලාව හැදෑරූ සිසුන් හට සහතික පත් ප්රදානය කිරීම සිදු කෙරුණි. මෙම පාඨමාලා සියල්ල NIBM ආයතනය සහ RISE වැඩසටහන ඔස්සේ පුහුණු විශේෂඥ යන සහතිකය ලබා ගත් පුහුණුකරුවන් විසින් මෙහෙයවන ලදි. Hela ආයතනයේ සමාජ ප්‍රාග්ධන ව්‍යාපෘතිවල එක් කොටසක් වන මෙම සුවිශේෂි ශිෂ්‍යත්ව වැඩසටහන මගින්, තිරසාර සමාජ සංවර්ධනයකට අවශ්‍ය තනි පුද්ගලයින්ගේ දියුණුව වැඩි කිරීම ආයතනයේ අරමුණ විය.
මෙම වැඩසටහන් පිළිබඳව තව දුරටත් විස්තර කළ හොත්, මෙහි දී දිරි දරුවෝ වැඩසටහන මගින් සුවිශේෂි ශිෂ්‍යත්ව, වෘත්තීය පුහුණු සහ නිපුණතා ගොඩ නැංවීම වැනි ව්‍යාපෘති හරහා Hela ආයතනයේ සේවය කරන සේවා නියුක්තිකයින්ගේ දරුවන් 800 කට අධික පිරිසකගේ අධ්‍යාපනයට ඔවුන් සහය දක්වනු ලබයි. ඒ වගේම දිරි ලිය වැඩසටහන යනු Hela ආයතනයේ සේවය කරන සේවා නියුක්තිකයින් අතරින් ම ව්‍යවසායකයින් බිහි කිරීමේ අරමුණින් පවත්වනු ලබන සුවිශේෂි වැඩසටහනකි. මේ හරහා සේවා නියුක්තිකයින් හට නිෂ්පාදනය හා අලෙවිකරණය වැනි අංශ ඔස්සේ පැය 15,000 කට අධික කාලයක පුහුණුවක් ලබා දෙන අතරම, RISE වැඩසටහන හරහා ඔවුන්ගේ මෘදු කුසලතා වැඩි දියුණු කිරීම ද සිදු කරයි.
මෙම උපාධි ප්රදානෝත්සවය සඳහා Tesco, Berendina, NIBM සහ Hela යන ආයතනවල ඉහළ කළමනාකාරිත්වය ද සමගින්, වැඩසටහනේ සාමාජිකයින් සහ පුහුණුකරුවන් ද සහභාගි විය. සහභාගි වූ විශේෂිත අමුත්තන් අතර, Tesco Sri Lanka ආයතනයේ සම්පත් අංශයේ ප්‍රධානී අස්මිනා කරීම් මහත්මිය, සම්පත් අංශයේ ජ්‍යෙෂ්ඨ විශේෂඥ සම්පත් විජේපාල මහතා, ජ්‍යෙෂ්ඨ තාක්ෂණික කළමනාකරු ප්‍රසන්න ප්‍රනාන්දු මහතා සහ Berendina ආයතනයේ සේවා සංවර්ධන අංශයේ සාමාන්‍යාධිකාරී දයන්ත ප්‍රනාන්දු මහතා, ව්‍යාපෘති සම්බන්ධීකාරක ගිත්මි ගුණසේකර මහත්මිය සහ NIBM කුරුණෑගල ශාඛාවේ ප්‍රධානි සිරිල් ගුණරත්න මහතා සහ ප්‍රධාන උපදේශක ආචාර්ය හිමේන්ද්‍ර බලල්ලේ මහතා යන පිරිස විය.
මෙම උත්සවයේ දී අදහස් දැක්වූ Hela ආයතනයේ ප්‍රධාන මහජන නිලධාරි ඩවීනා කර්න් මහත්මිය "මෙම අවස්ථාව ඉතා සුවිශේෂිතයි. මේ හරහා අපට සමාජ වැඩසටහන්වල සහ සහයෝගිතාවල වටිනාකම තව තවත් අවබෝධ කරවනවා." ලෙස පැවසීය. තවදුරටත් අදහස් දක්වමින් "මෙම සහතිකපත්ධාරීන් ගැන අපට අතිශයින් ම ආඩම්බරයි. මෙම වැඩසටහන හරහා ඔවුන්ගේ අනාගතය වර්ණවත් වේවි යැයි අප බලාපොරොත්තු වෙනවා." ලෙස පැවසීය.
මෙම සහතික පත් ප්රදානෝත්සවය, පුද්ගලයින් බලාත්මක කරමින්, ප්‍රජාවන් ශක්තිමත් කරවමින් සහ තිරසාර සංවර්ධනයක් සමග ඉදිරියට ඇදෙන Hela Apparel Holdings ආයතනයේ සාර්ථක ගමනෙහි වැදගත් සංධිස්ථානයක් බවට පත් විය.
Tesco Sri Lanka ආයතනයේ සම්පත් අංශයේ ප්‍රධානී අස්මිනා කරීම් මහත්මියගේ අතින් තොරතුරු තාක්ෂණය පිළිබඳ උසස් සහතික පත ලබා ගන්නා C. N. එදිරිසිංහ සිසුවා
ඡායාරූප විස්තරය - NIBM සහතික පත් ප්රදානය කළ පළමු ශිෂ්‍ය කණ්ඩායම තම සහතික පත් ද සමග