December, 18, 2019
ACHSI හෙවත් Australian Council for Healthcare Standards International ප්රමිතිකරණය ලැබූ සහ රෝගීන්ගේ ආරක්ෂාව සහ ගුණාත්මක බව සම්බන්ධයෙන් රන් මුද්‍රාව ලැබූ ශ්‍රි ලංකාවේ ප්‍රථම සහ එකම රෝහල් ජාලය වන හේමාස් රෝහල් සමූහය පසුගිය නොවැම්බර් 07 වන දින තම කාර්ය මණ්ඩලයේ සැඟවුණු දක්ෂතා එලි දක්වනු වස් සංවිධානය කළ Hemas Got talent ප්‍රසංගය සාර්ථක ලෙස පවත්වන ලදී. හේමාස් සම්මාන රාත්‍රියට සමගාමීව පැවැත්වූ මෙම ප්‍රසංගය බොරලැස්ගමුව ගෝල්ඩන් රෝස හෝටලයේදී පැවැත්වීය.
මෙම ප්‍රසංගයට විවිධ වූ අංග 25 ක් පමණ ඇතුලත් වූ අතර වත්තල සහ තලවතුගොඩ හේමාස් රෝහල් ජාලයේ කාර්ය මණ්ඩලයෙත් හේමාස් රසායනාගාර ජාලයේ කාර්ය මණ්ඩලයේත් 500 කගේ පමණ මෙම උළෙල වර්ණවත් කිරීම සඳහා එක් වූහ.
හේමාස් රෝහල් සහ රසායනාගාර ජාලයේ මානව සම්පත් අංශය මගින් සංවිධානය කළ මෙම ප්‍රසංගය සඳහා සමුහයේ ප්‍රධාන විධායක නිළධාරී ස්ටීවන් එන්ඩර්බි, හේමාස් රෝහල් සහ රසායනාගාර ජාලයේ සභාපති මුර්ටාසා යුසුඵලි, හේමාස් හෝල්ඩින්ග්ස් හි අධ්යක්ෂ මණ්ඩලය, හේමාස් රෝහල් සහ රසායනාගාර ජාලයේ කළමනාකාර අධ්යක්ෂ සහ පුද්ගලික රෝහල් සහ සාත්තු නිවාස සංගමයේ සභාපති ආචාර්ය ලකිත් පීරිස් යන මහත්වරුන් ඇතුළුව නිළධාරීන් රැුසක් සහභාගී විය.
මුළු ප්‍රසංගය පුරාම තම උපරිම දක්ෂතා පෙන්නුම් කරමින් එම රාත්‍රිය සැමටම විනෝදාස්වාදය පිරි රාත්‍රියක් කිරීම පිලිබඳ ප්‍රසංගයට සහභාගී වූ සැමටම ආචාර්ය ලකිත් පීරිස් මහතා තම ප්‍රශංසාව පිරිනැමීය.
zzHemas Got talentZප්‍රසංගය යතාර්ථයක් බවට පත්කිරීමට වෙහෙස මහන්සි නොබලා කටයුතු කල සැමට මගේ ස්තුතිය පිරිනමන්න කැමතියි. ඔබගේ අප්‍රතිහත කැපවීම මම බෙහෙවින් අගය කරන අතර එය මෙවැනි දැවැන්ත ප්‍රසංගයක් නිර්මාණය කරමින් අප සැවොම එකිනෙකා සමීප කිරීමට සමත් වූ බව ප්‍රකාශ කරන්න කැමතියි’’යනුවෙන් ඔහු වැඩි දුරටත් පැවසීය.
හේමාස් රෝහල් ජාලයේ කාර්ය මණ්ඩලයේ සැඟවුණු දක්ෂතා සහ නිර්මාණශීලිත්වය එළි දැක්වීමේ අරමුණින් zHemas Got talentZප්‍රසංගය සංවිධානය කර තිබිණි. මූලික වටයෙදී 75 දෙනෙකු අවසන් වටය සඳහා තෝරාගත් අතර ඔවුන් ගායන වාදන නිවේදන සහ නර්තන යන අංශයන්ගෙන් තම දක්ෂතා ඉදිරිපත් කල අතර ප්‍රවීණ විනිසුරු මඩුල්ලක් මගින් අවසන් තරඟය සඳහා 25 දෙනෙකු තෝරා ගන්නා ලදී.
මෙම ප්‍රසංගය සමග එක් වෙමින් තරඟකරුවන් දිරිමත් කිරීම සහ සුහදතාව වර්ධනය කිරීම සඳහා ආචාර්ය ලකිත් පීරිස් මහතා ද සජීවී රංගනයක් ඉදිරිපත් කරන ලදි.
මෙහිදී ගායන අංශයේ ජයග්‍රහණය රොෂාන් රංගනාත් සහ රොෂ්නිකා ප්‍රනාන්දු විසින් දිනාගත් අතර එහි අනුශූරතාව සහ තෙවැනි ස්ථානය පිළිවෙලින් තක්ෂිලා බණ්ඩාරත් නිමේෂ් ගුණපාල විසින් දිනා ගන්නා ලදී. නර්ථන අංශයේ ජයග්‍රහණය ගයාන් චතුරංග සහ සුපුනිකා සමරක්කොඩි විසින් දිනා ගන්නා ලද අතර නිර්මලී පෙරේරා විසින් එහි අනුශූරත්වය දිනා ගන්නා ලදී. මීට අතිරේකව වත්තල හේමාස් රෝහල නියෝජනය කරමින් රොෂ්නිකා ප්‍රනාන්දු,නතාලියා පෙරේරා, හර්ෂනි වලතර, නිර්මලී පෙරේරා සහ නිලිෂා සේනානායක එක්ව රණමයුර කණ්ඩායම යටතේ ඉදිරිපත් කළ නර්ථනය එහි තෙවැනි ස්ථානය දිනා ගැනීමට සමත් විය.
මේ අතර ශාන් තුරෙයිරත්නම් සහ හිමාෂ සමරවික්‍රම වාදන අංශයේ ජයග්‍රහණය හිමි කරගත් අතර නිවේදන අංශයේ ජයග්‍රහණය කවිඳු මහීපාලත්, එහි දෙවන් ස්ථානය ඉන්දිරා පෙරේරාත්,තුන්වන ස්ථානය චරිත වික්රමසිංහත් හිමි කරගැනීමට සමත් විය.
තවද ඔන්ලයින් මානප ක්‍රමයක් මත පැවැත් වූ ජනප්‍රියතම සම්මානය දිනා ගැනීමට රොෂාන් රන්ගනාත් සහ රොෂ්නිකා ප්‍රනාන්දු සමත් විය.
වර්ෂ 2008 දී වත්තල ස්ථාපිත කරන ලද හේමාස් රෝහල, රෝහල් ජාලයක් බට පත් කරමින් එහි දෙවැන්න තලවතුගොඩ ස්ථාපිත කරන ලදී. ශ්‍රී ලංකාවේ වේගයෙන්ම වර්ධනය වන රෝහල් ජාලයක් වන හේමාස් රෝහල සමුහය FMCG ,සෞඛ්‍ය, ප්‍රවාහන. සහ විනෝදාස්වාදය ඇතුළු අංශ රැසක විවිධාංගිකරණය වූ හේමාස් හෝල්ඩින්ග්ස් හී පූර්ණ අනුබද්ධිත ආයතනයක් වන අතර ජාත්‍යන්තර මට්ටමින් යුත් ගුණාත්මක සහ ආරක්ෂිත සේවාවක් රෝගීන්ට සපයනු ලබයි.
හේමාස් රෝහල මේ වන විට සමාජ සද්කාරමය ක්‍රියාවලින් රැුසක් ද සිදුකරමින් සිටී. කාන්තා සහ ළමා කටයුතු කාර්යාංශයත් සමග ක්‍රියාත්මක වන ‘‘පියවර” වැඩසටහනින් මේ වන විට රුපියල් මිලියන 400 ක වියදමකින් දිවයින පුරා පෙර පාසල් 56 ක් ඉදිකර ඇති අතර ‘‘ආයති” සමාජ සද්කාරමය වැඩසටහන යටතේ කැලණිය විශ්විද්‍යාලය, මාස් හෝල්ඩින්ග්ස් සහ ශ්‍රී ලංකා යුධ හමුදාව සමග එක්ව ආබාධිත දරුවන් වෙනුවෙන් රුපියල් මිලියන 650 ක වියදමකින් රාගම රෝහලේ ඉදි කරනු ලැබූ පුනරුත්ථාපන මධ්‍යස්ථානය මෙම වසරේ දෙසැම්බර් මස විවෘත කිරීමට නියමිතව ඇත.