January, 16, 2025
Hemas Pharmaceuticals සමාගම 1990 සුව සැරිය පදනමේ ‘Adopt an Ambulance’ ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 10 ක මුදලක් පරිත්‍යාග කළේ ය. මෙම මුදල මොරටුව සහ පෑලියගොඩ යන ප්‍රදේශ තුළ ක්‍රියාත්මක වන 1990 සුව සැරිය ගිලන් රථ දෙකෙහි වෛද්‍ය උපකරණවල නඩත්තු කටයුතු සඳහා වෙන් කෙරේ. මෙමගින් එම ප්‍රදේශවල මහජනතාවට අවශ්‍ය අඛණ්ඩ හදිසි වෛද්‍ය ප්‍රතිකාර සහ ගිලන් රථ පහසුකම් හිමි වනු ඇත.
මෙරට ජනතාවට හදිසි වෛද්‍ය සේවාවන් ලබාගැනීමට අවස්ථාව සලසා දීම තුළින් රටේ සෞඛ්‍ය සේවාවේ තත්වය තවදුරටත් උසස් කිරීම Hemas Pharmaceuticals ආයතනයේ අරමුණයි. මෙම මුදල් අදාළ ගිලන් රථවල අලුත්වැඩියාවන් හා නඩත්තු කටයුතු, කාර්ය මණ්ඩල පුහුණුව සඳහා මෙන්ම නිල ඇඳුම්, වෛද්‍ය උපකරණ සහ ආරක්ෂක උපකරණ මිලදී ගැනීම සඳහා යොදවනු ලැබේ.
1990 සුව සැරිය පදනම වෙත සිදුකරන ලද මෙම පරිත්‍යාගය සම්බන්ධයෙන් Hemas Pharmaceuticals (පුද්.) සමාගමේ කළමණාකාර අධ්යක්ෂ ජූඩ් ප්‍රනාන්දු මහතා මෙසේ අදහස් දැක්වී ය. “ක්ෂේත්රයේ ප්‍රමුඛතම සන්නාමයක් මෙන්ම 1948 වසරේ පටන් වසර 76 ක් පුරා රටට ඖෂධ සපයන සමාගමක් ලෙස අපි ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්රයේ දියුණුව වෙනුවෙන් දැඩි ලෙස කැප වී සිටින්නෙමු. රටේ සාමූහික යහපැවැත්ම වෙනුවෙන් 1990 සුව සැරිය පදනම මගින් සුවිශාල මෙහෙවරක් ඉටු වන බව අප හඳුනාගත් අතර, පොදු අරමුණු සහිත සමූහ ව්‍යාපාරයක් වශයෙන්, රටේ සමස්ත සෞඛ්‍ය සේවා පද්ධතියේ පැවැත්ම වෙනුවෙන් 1990 සුව සැරිය පදනම දක්වන දායකත්වය තවදුරටත් ශක්තිමත් කිරීමට Hemas සමූහය තීරණය කර ඇත. තවද, කාර්යක්ෂම සහ පහසුවෙන් ලබාගත හැකි සෞඛ්‍ය සේවාවක් සඳහා වූ විශ්වීය අයිතිය තහවුරු කරන මෙබඳු මෙහෙවරක් අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා අනුග්‍රහය දැක්වීමට හැකි වීම අපට ඉමහත් ආඩම්බරයක් වන බවත්ය.”
2016 වසරේදී පාර්ලිමේන්තු පනතක් මගින් ස්ථාපිත කරන ලද 1990 සුව සැරිය පදනම, රට පුරා ජනතාවට හදිසි අවස්ථාවලදී ගිලන් රථ පහසුකම් සහ හදිසි වෛද්‍ය ප්‍රතිකාර නොමිලේ සපයයි. විශේෂයෙන්ම රටේ ග්‍රාමීය හා දුෂ්කර ප්‍රදේශවල ජීවිත බේරාගැනීම සඳහා මෙම සේවාව තුලින් සුවිශාල කාර්යභාරයක් ඉටු කරනු ලබයි. හදිසි අවශ්‍යතාවක් දැනුම් දීමෙන් අනතුරුව සාමාන්‍යයෙන් විනාඩි 13.08 ක් වැනි කෙටි කාලයක් තුළ සුව සැරිය ගිලන් රථයක් අදාළ ස්ථානය වෙත පැමිණෙන අතර, විශේෂයෙන්ම රට තුළ COVID-19 වසංගත තත්ත්වය පැවති කාලයේ සිට මේ දක්වාම මෙම සේවාව රටේ සෞඛ්‍ය ක්ෂේත්රයේ අනිවාර්ය අංගයක් බවට පත් වී ඇත.
“හදිසි පූර්ව රෝහල් සත්කාර ගිලන් රථ සේවාව අත්යවශ්යවූවන්ට ඒ සඳහා ප්‍රවේශ වීමේ හැකියාව තවදුරටත් සහතික කරමින් Hemas Pharmaceuticals වෙතින් සුවසැරිය වෙත කරන ලද පරිත්‍යාගය මගින් ගිලන් රථ ද්විත්වයක් ප්‍රතිසංස්කරණය කරන ලදී. කාර්යක්ෂම රෝගී සත්කාර සේවයක් සැපයීමේ අපගේ මෙහෙවර තවදුරටත් පවත්වාගෙන යාමට එය මහඟු පිටිවහලකි.” මෙම පරිත්‍යාගය පිළිබඳව අදහස් දක්වමින් සුවසැරිය ප්‍රධාන විධායක නිලධාරී සොහාන් ද සිල්වා මහතා පැවසීය.
Video Story