May, 22, 2023
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඇඟළුම් අපනයනකරුවකු වන Hirdaramani සමූහය විසින් නිල නිවේදනයක් නිකුත් කර තිබේ.
සිය අනුබද්ධිත ඇඟළුම් කර්මාන්තශාලාවක් වන මීපේ හි පිහිටි MRC ඇසෝෂියේට්ස් ගාමන්ට් (පුද්) සමාගම වසා දැමීම සම්බන්ධයෙන් මෑත කාලිනව පළ වී ඇති මාධ්‍ය වාර්තා නිවැරදි කිරීම පිණිස Hirdaramani සමූහය විසින් මෙම නිවේදනය නිකුත් කරනු ලබන බව සඳහන් වේ.
මූලික වශයෙන් වර්තමානයේ පවතින ගෝලීය ආර්ථික තත්ත්වය කරණ කොට ගෙන, ප්‍රධාන වෙළෙඳපොළවල ඇඟළුම් සම්බන්ධයෙන් පවතින ඉල්ලුම අඩුවීම මෙම කර්මාන්තශාලාව වසා දැමීමේ තීරණයට ප්‍රධාන ලෙස හේතු වූ බව Hirdaramani සමූහය අවධාරණය කරයි.
ගෝලීය ඉල්ලුම පහළ යාම හමුවේ සිය ධාරිතාවය අඩුකිරීම සඳහා, මෙය සමූහය විසින් ගනු ලැබූ තාවකාලික ක්‍රියාමාර්ගයක් පමණක් බවත්, ඉදිරියේ දී සියලු තත්ත්වයන් සාමාන්‍යකරණය වීම මත නැවත අදාළ කර්මාන්තශාලාවේ කටයුතු ඇරඹීමට අපේක්ෂා කරනු ලබන බවත් නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
මෙම කර්මාන්තශාලාවේ සේවයේ යෙදුණු කාර්ය මණ්ඩලය දිවයිනේ පිහිටි සිය වෙනත් කර්මාන්තශාලාවලට අනුයුක්ත කර ඇති බව ද ඔවුන් වැඩිදුරටත් සඳහන් කරයි.
Hirdaramani සමූහයට ශ්‍රී ලංකාවේ සමස්ත නිෂ්පාදන ධාරිතාව අඩු කිරීමට කිසිදු අදහසක් නොමැති බවත්, රට තුළ ඇඟලුම් ක්ෂේත්‍රයේ වර්ධනය නඟා සිටුවීමේ දිගුකාලීන උපාය මාර්ගයේ කොටසක් ලෙස අඛණ්ඩව ආයෝජනය කිරීමට සහ පුළුල් කිරීමට කැපවී සිටින බවත්, Hirdaramani සමූහය අවධාරණය කර සිටී.
Video Story