Hirdaramani සමූහයේ නිල නිවේදනය මෙන්න

    October, 18, 2020

    2020 ඔක්තෝබර් 18

    Hirdaramani සමූහයේ සේවක සේවිකාවන් අතර සාමාන්‍ය ආරක්ෂක පියවරක් වශයෙන් සිදුකරන ලද PCR පරීක්ෂණ වලදී, කහතුඩුව Hirdaramani Industries හි සාමාජිකයෙකුට COVID-19 ආසාදනය වී ඇති බව තහවුරු විය. මෑතකදී COVID-19 රෝගය ව්‍යාප්ත වීම ආරම්භ වීමත් සමග මේ දක්වාම අපගේ සියලුම කර්මාන්තශාලා වල විශේෂ කණ්ඩායම් යොදවා නිතිපතා PCR පරීක්ෂණ සිදුකරන ලදි. රෝගය වැළඳී ඇති බවට හඳුනා ගන්නා ලද පුද්ගලයා දැනට රෝග ලක්ෂණ නොපෙන්වන අතර, එම පුද්ගලයාගේ සෞඛ්‍ය තත්ත්වය ස්ථාවර මට්ටමක පවතී. මෙම තත්ත්වයට අදාළ නිරෝධායන හා ප්‍රතිකාර කටයුතු මේ වනවිට සෞඛ්‍ය අමාත්‍යංශයේ නියමයන් පරිදි සිදුකෙරේ.

    ආරක්ෂක පියවරක් වශයෙන් මේ වනවිට සමස්ත කර්මාන්තශාලාවම විෂබීජහරණය කිරීමට කටයුතු යොදා ඇති අතර, වැඩිදුර ඡක්‍ඍ පරීක්ෂණ සිදුකරන තුරු, අදාළ අසාදිතයා ඇතුළත් වූ කණ්ඩායමේ සාමාජික සාමාජිකාවන් ඇතුළුව, කර්මාන්තශාලාවේ සියලුම සේවක සේවිකාවන්ට ස්වයං නිරෝධායනයට ලක්වන මෙන් දැනුම් දී ඇත. අදාළ ආසාදිත පුද්ගලයාගේ ආශ්‍රිතයන් සෙවීම, වැඩිදුර පරීක්ෂණ සිදුකිරීම සහ මීළඟට ගතයුතු පියවර තීරණය කිරීම වැනි කරුණු සඳහා මේ වන විට අපි බලධාරීන් සමග සමීපව කටයුතු කරමින් සිටින්නෙමු.

    Hirdaramani සමාගම කවදත් තම සාමාජික සාමාජිකාවන්ගේ සෞඛ්‍යය හා සුරක්ෂිතතාව සඳහා ප්‍රමුඛත්වය ලබාදෙන අතර, පවතින තත්ත්වය මගින් ඔවුන්ට ඇතිවන බලපෑම අවම කිරීමටත්, දැනටමත් එහි බලපෑමට ලක්වී සිටින සියලුම දෙනාට හැකි උපරිමයෙන් සහයෝගය ලබාදීමටත් සමාගම කැපවී කටයුතු කරයි.

    - Hirdaramani කළමනාකාරීත්වය