HIV වලින් පීඩා විඳින්නන් හට අද්විතීය රක්ෂණ ඔප්පුවක් ජනශක්ති වෙතින්

    December, 16, 2015

    රක්ෂණ ක්ෂේත්‍රයේ විශිෂ්ටයා වන ජනශක්ති සිය පුරෝගාමී මෙහෙවර වඩාත් ඉදිරියට රැගෙන යමින් HIV රෝගීන් වෙනුවෙන්ම විශේෂ වූ නව රක්ෂණාවරණයක් හඳුන්වා දීමට පියවර ගෙන තිබේ. මේ තුළින් ජනශක්තිහි අරමුණ වන්නේ HIV ආසාධිත ජනතාවගේ ජීවන රටාව වෙනස් මගකට රැගෙන එමින් සුවදායී මානසික වටපිටාවක් තනා දීමයිි. ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්ධන වැඩසටහනෙහි දත්ත වාර්තා අනුව 2014 වසර අග භාගය වන විට HIV හේතුවෙන් පීඩා වි`දින්නන් 3300කට අධික පිරිසක් ජීවත් වන බව අනාවරණය වී ඇත.

    “ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ පොදුවේ භාවිත වන කියමනක් තිඛෙනවා ‘HIV exclusion’ යනුවෙන්. එයින් අර්ථවත් කරන්නේ රක්ෂණාවරණයක් ලබා ගත් පසු HIV ආසාධිතයෙකු බවට පත් වුවහොත් හෝ එම වෛරසය හේතුවෙන් හට ගන්නා වෙනත් සංකූලතාවක් සඳහා අදාල දීමනා කිසිවක් ලබා නොදෙන බව. එවැනි බැහැර කිරීමක් රහිතව රක්ෂණාවරණය ලබා ගත් පසු HIV වැළඳුණහොත් අදාල හිමිකම් ලබා දෙන එකම රක්ෂණකරුවා වන්නේ ජනශක්ති පමණයි. මෙම නව රක්ෂණාවරණය තුළන් යමෙකු HIV වලට ගොදුරු වූ ප්‍රථම දිනයේ සිටම ඒ සඳහා අදාල හිමිකම් ලබා දෙනවා. මේත් සමගම එවැනි රෝගීන් වෙනුවෙන්ම විශේෂ වූ රක්ෂණාවරණයක් හඳුන්වා දුන් ප්‍රථමයා වශයෙන් ජනශක්ති තවත් පුරෝගාමී මෙහෙවරක් ඉටු කරනු ලබනවා.“ ශ්‍රී ලංකාවේ රක්ෂණ ක්ෂේත්‍රයේ පියා ලෙස කීර්තියට පත් ජනශක්ති රක්ෂණ සමාගමේ නිර්මාතෘ චන්ද්‍රා ෂාෆ්ටර් මහතා සිය අදහස් පළ කර සිටියේ එලෙසිනි.

    HIV වෛරසයට එරෙහිව නැගී සිටීමට සහ එමගින් පීඩා විඳින්නන් හට සහය වීමේ අරමුණින් ලෝක ඒඩ්ස් දිනය නිමිති කොටගෙන ජනශක්ති රක්ෂණ සමාගම මෙම නව පියවරට පා තබා ඇත.

    “මෙම නව රක්ෂණ ඔප්පුව ජනතාව පූර්ව ප්‍රතිකාර වලට යොමු කිරීමටත් ඒවා අඛණ්ඩව සිදු කිරීමටත් ලැඛෙන සබෑ දිරිමත් කිරීමක් වේවි. එය එම රෝගීන් හට දිගු කාලයක් ජීවත් වීමටත් සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමටත් රුකුලක් වේවි. ඒ වගේම ආසාධිතයන් පැතිර යාම වැළැක්වීමටත් එය මනා පිටිවහලක් සපයනවා.“ මේ පිළිබද ජාත්‍යන්තර කම්කරු සංවිධානය යෙහි ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්ධන වැඩසටහනෙහි හිටපු සම්බන්ධීකරණ නිළධාරිනී වෛද්‍ය ඉන්දිරා හෙට්ටි ආරච්චි මහත්මිය සිය අදහස් පළ කර සිටියේ එලෙසිනි. ඇය HIV වෛරසයෙන් පීඩා වි`දින්නන්ගේ සමාජ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා සිය දායකත්වය ලබා දී ඇත.

    ජනශක්ති රක්ෂණ සමාගම සැමවිටම ඵලදායී නව්‍ය හඳුන්වා දීම් සඳහා පුරෝගාමීන් වශයෙන් කීර්තියක් අත් කරගෙන ඇත. මේ අතරට Life Unlimited නමින් හැඳින්වෙන වසර 20ක උපරිමයට යටත් ජීවිත කාලයටම වළංගු රෝහල්ගත රක්ෂණාවරණයක් අයත් වේ. එසේම තෑගි රක්ෂණ ඔප්පුවක් වන “ජීවිත තිළිණ“ මිත්තණියන් සහ මුත්තණුවන් හට සිය මුණුපුරු මිණිපිරියන් වෙත තෑගි දිය හැකි රක්ෂණාවරණයක් ලෙස ද හැඳින්විය හැකිය. තවද Life Saver නමින් හඳුන්වා දී ඇති රක්ෂණ ඔප්පු හිමියන් හට නම්‍යශීලී සැලසුමක් හා ආරක්ෂිත විශ්‍රාම වැටුප් ක්‍රමයක් හඳුන්වා දී අතර ඔවුන්ගෙන් පසු සිය සහකරුවන් හට ද එහි ප්‍රතිලාභ භුක්ති විඳිය හැකි වන පරිදි සකස් කර ඇත.

    HIV වෛරසයෙන් පීඩා විදින්නන් හට රක්ෂණාවරණයක් හඳුන්වා දීම සඳහා පුරෝගාමී වූ ජනශක්ති ඉකුත් යුධ සමයේ රණවිරුවන් සදහාම වෙන් කළ රක්ෂණාවරණයක් හදුන්වා දීමට ද පුරෝගාමී වී ඇත.